ප්ලාස්ටික් රොඩුබොඩු මගින් දූෂිත වූ ජලයෙහි වසන මදුරු කීටයාගේ ශරීරවල ප්ලාස්ටික් සුන්බුන් ඒකරාශි වී තිබේ. මේ මදුරු කීටයා පියඹා යන මදුරුවකු බවට පත්වූ විට ද එම ප්ලාස්ටික් සුන්බුන් වලින් කොටසක් රැඳී පවතී. සුහුඹුලෙකු(වැඩිහිටියෙකු) බවට පත්ව ගොඩබිම බලා එන මදුරුවන්ව එහි සිටින සතුන් විසින් ගොදුරු කර ගත් විට, ප්ලාස්ටික් මගින් සිදුවෙන පරිසර කෙළෙසීමේ ගැටලුව තවත් උග්‍ර අතට හැරවීමට ආධාර වෙයි.
ප්ලාස්ටික් දූෂණය යනු අද පොදුවේ පරිසරයේ සෑම තැනකම ද විශේෂයෙන්ම ජලයේ ද පවතින්නකි. ජලජ පද්ධති ආසන්නයේ ජීවත්වන පක්ෂීන් මත්ස්‍යයන් සහ අනෙකුත් සතුන් විසින් නොදැනුවත්වම ප්ලාස්ටික් ක්ෂුද්‍ර කැබලි ගිල දැමීමට පුළුවන. මිලිමීටර් පහකටත් අඩු විශ්කම්භයකින් යුතු මේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් (micro-plastics) ආහාර දාමයට (food web) එක් වෙද්දී සාගර මෙන්ම මිරිදිය පරිසර පද්ධති වල සෞඛ්‍යයට (යහපැවැත්මට) බරපතළ තර්ජනයක් ගෙන එයි.
එහෙත් ඒවායේ බලපෑම උභයජීවීන්ගේ, ඒ කියන්නේ ජලයෙහි සහ ගොඩබිම යන දෙකෙහිම ජීවන චක්‍රයේ කොටසක් ගත කරන සතුන් මාර්ගයෙන් ව්‍යාප්ත වී යාමට හැකිය.මදුරුවන්, කූරන් (dragonflies) ආදී කෘමීන් බොහොමයක් ඔවුන්ගේ ළමා කාලය ජලයෙහි ගත කරන නමුත් ඔවුන් සුහුඹුල් බවට පත්වීමෙන් පසුව ගොඩබිම ගත කරති. පවිත්‍ර නොවු හෙවත් දූෂිත පරිසරයන් වෙත ප්ලාස්ටික් ප්‍රවාහනය කෙරෙන වාහක මෙකී ජීවීන් විය හැකි යැයි එක්සත් රාජධානියෙහි රෙඩිං විශ්ව විද්‍යාලයේ අමන්දා කැලගන් සහ ඇගේ සගයෝ අනුමාන කරති.

ප්ලාස්ටික් අහර වේල
මේ අදහස පරීක්ෂාකර බැලීම සඳහා කැලගන් සහ කණ්ඩායම ජලජ මදුරු කීටයන් 150 දෙනෙකුට ආහාර සමග ක්ෂුද්‍ර ප්ලාස්ටික් විවිධ ප්‍රමාණයේ කැට සමග මිශ්‍ර කර කෑමට දුන්හ. අනතුරුව පර්යේෂකයෝ, තවමත් කීට අවස්ථාවේ පසුවන ඒකෛයන් 15 දෙනෙකු සහ පියාඹන අවස්ථාවේ සුහුඹුල් මදුරු ඒකෛයන් 15 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන පරීක්ෂාවට ලක් කළහ. එහිදී ඔවුනට පෙනී ගියේ ඒකකයන් 30 දෙනාගේම ශුද්ධ ප්ලාස්ටික් තිබූ බවයි. මදුරු කීටයන් අතර සාමාන්‍යයෙන් ගතහොත් එක් කීටටකු තුල මයික්‍රෝ මීටර් දෙකක් පළලැති ශුද්ධ ප්ලාස්ටික් කැට 3000 (තුන්දාහක්) විය. සතුන් වැඩෙද්දී ක්‍රමයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික අනුභවය නතරකළ අතර වැඩි කොටසක් මල ලෙස පහකරන ලදී. එය එසේ වුව ද ( තෝරාගනු ලැබූ) සුහුඹුල් මදුරුවන් අතරද සාමාන්‍ය වශයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැට 40 සොයාගැනීමට හැකිවිය.
ප්ලාස්ටික් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ව්‍යාප්තව යා හැකි වෙනත් මාර්ගයක් ගැන අදහසක් මේ අධ්‍යනයෙන් මතු වූ බව පර්යේෂකයෝ කියාසිටිති. නිදසුනක් ගතහොත්, මදුරුවන් ජලජ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ප්‍රවාහනය කරන වාහකයන් බවට පත් විය හැක. ඒ, ඔවුන්ව ආහාරයට ගන්නා පක්ෂීන් හා වවුලන්ගේ කුස තුලට යාමෙනි. “ජීවන චක්‍රයේ ගොඩබිම අදියරේ ගතකරන උභය ජීවීන් ආහාරයට ගන්නා ඕනෑම ජීවියෙකු වෙත ජලජ පරිසර පද්ධතිවල දී හමුවන ශුද්ධ ප්ලාස්ටික් ශරීර ගත විය හැකිය” යි ඇය පෙන්වාදෙයි.
New Scientist හී පළවූ Mosquitoes are eating plastic and spreading it to new food chains යන ලිපිය ඇසුරෙනි