2015 දෙසැම්බරයේ ලෝකයේ රටවල් 195 ක් පැරීසිියේ දේශගුණ සමුළුවට සහභාගි විය. ගෝලීය උණුසුම ඉහළයාම සෙන්ටිග්‍රේඩ් අංශක 2 ((2C0) ) සීමා කිරීමට එහිදී ඔවුහු එකඟ වූහ.
2017 ජූනියේ දී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට අදහස් කරන බව ප්‍රකාශ වීමත් සමගම පැරිස් සම්මුතියට මරු පහරක් එල්ල විය. එහෙත් ලෝකයට ඉදිරියට යා හැකිය, ඉදිරියට යන්නේය.
මේ නව ලිපි මාලාවේ ඉදිරි ලිපි වලින් දේශගුණ විපර්යාසයේ යථාර්ථය මෙන්ම ඊට අප දක්වන ප්‍රතිචාර ගැන සොයා බැලීමට අදහස් කරමු : එනම් අප දැනට කරමින් සිටින්නේ කුමක් ද? අප තව කළ යුත්තේ කුමක් ද? වඩාත් උණුසුම් වූ ලෝකයක් තුළ අපට උරුම වන අනාගතය කෙබඳු ද? ආදී කරුණු ගැන මෙම ලිපි මාලාවෙන් සාකච්ඡා කෙරේ.
සෑම බ්‍රහස්පතින්දාවකම කියවන්න.
පෘථිවි ගෝලය ඉංජිනේරු ශිල්පීය වශයෙන් වෙනස් කළ යුතු වේද?
සැබෑ ලෝකයේ ප්‍රථම භූ ඉංජිනේරු කර්ම අත්හදා බැලීම් අතුරෙන් එකක් සිදු කිරීමට හාවඞ් විශ්ව විද්‍යාලයේ ඬේවිඞ් කීක් ප්රමුඛ විද්‍යාඥයෝ සැරසෙති. අපේ පෘථිවි ග්‍රහයාගේ වායුගෝලය භූ ඉංජිනේරුකර්මයක් මගින් සිසිල් කරනු ලැබීමේ අදහස මෙයට දශකයකට පෙර නම් එක අතකින් සාටෝපකාර ‘කයිවාරුවක්’ මෙන් සැලකීමට ද අනෙක් අතට භයානක අන්තරයාකාරී දෙයක් ලෙස පෙනී යාමට ද හැකියාව තිබුණි. ගෝලීය උණුසුම්වීම ආපසු හැරවීම ගැන වර්තමානයේ වුව, අප බොහෝ දෙනෙකුට සිතෙන්නේ ඒ ආකාරයටය. එහෙත්, රජයන් (පැරිස් සම්මුතියේදී ප්‍රතිඥා දුන්) පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ක්‍රියා කළා වුවත් (කියවන්න දා තතු ලිපිය) තවමත් අප සිටින්නේ ලෝකය මේ ශත වර්ෂය අවසන් වන විට සෙන්ටිග්‍රේඩ් අංශක 3.6 ක(3.60C) උණුසුම්වීමේ මාවතකය. ඒ් ගෝලීය උණුසුම පාලනය කිරීම පිණිස අද අප හමුවේ ඇති ප්රමුඛ සැලැස්මයි. අපි ඊට ප්ලෑන් A යයි කියමු. පර්යේෂකයන් කියා සිටින්නේ අඩු තරමින් අප ප්ලෑන් B කියා සැලැස්මක් ඇත් ද, එලෙස ඇතිනම් ප්ලෑන් B කියන්නේ මොකක් දැයි යන්න ගැන යම් අවබෝධයක් ලබා ගත යුතු බවයි.
නව භූ ඉංජිනේරුකර්මයේ යෙදෙමින් කීත් සහ ඔහුගේ හාවඞ් සගයන් අදහස් කරන්නේ, අහසේ කිලෝමීටර 20 ක් උඩට බැලූමක් යවා ඉතා කුඩා අංශු එකවර මුදාහැර ඒවා මගින් සූර්යාලෝකය උත්ක්‍රම කරන ආකාරය සහ ඕසෝන් සමග අන්තර් ක්‍රියා කරන ආකාරය ගැන අධ්‍යයනය කිරීමටයි. මේ අංශු සාමාන්‍යයෙන් යමහල් මගින් ස්වභාවිකව විමෝචනය කරන එක්කෝ අයිස්, කැල්සියම් කාබනේට් හෝ සල්ෆර් සංයෝග මෙන් අහවර වන අතර සෑම වාරයකදීම මුදා හැරෙන්නේ ග්‍රෑම් 100 ක් පමණකි. එසේ වී නමුත් ‘බියපත්වීමට ජනතාවට අයිතියක් තිබෙනවා’ යයි කීත් කියා සිටියි. විමතියට එක් කාරණාවක් විය හැක්කේ, කුඩා පරිමාණයේ අත්හදා බැලීමකින් වුවත් ‘මෙන්න දැන් දේශගුණ විද්‍යා ගැටළුවට කඩිනම් විසඳුමක් අත ළඟ තිබෙනවා’ යන පණිවුඩය ලෝකයා හමුවීමට යා හැකි වීමයි. විශේෂයෙන්ම, තෙල් කර්මාන්තය මෙලෙස කීමට ඉඩ තිබේ : ‘‘අපි කිව්වේ ඕක මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලා’’
කාලය සෙමින් ඇදි ඇදි යද්දී අප ප්ලෑන් කෙරෙහි යොමු වීමට ඉඩකඩ ඉහළ යාමට පටන් ගනියි. “මට නම් හිතෙන්නේ ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. මොකද ගෝලීය උණුසුම් වීමේ ගැටළුව ගැන බරපතල ලෙස සිතීමට ලෝක ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසකට හිතට එන්නේ කාලයක් ගතවීමත් සමග නිසයි” යනුවෙන් ප්‍රකාශ කරන්නේ නෙවාඩා හි කාන්තාර පර්යේෂණ ආයතනයේ (Desert Research Institute) ඬේවිඞ් මිෂෙල්ය. එසේ වුවද මෙහි අවදානම් නොසලකා හැරිය යුතු නොවේ. ඬේවිඞ් කීත්ගේ අත්හදා බැලීම ප්‍රකාර විශාල පරිමාණයේ අත්හදා බැලීමක් මගින් හිරු ආවරණයක් (a sunshade) තැනීම පිණිස අංශු වායුගෝලයට මුදා හැරීමෙන් ඕසෝන් ස්තරයට හානි පැමිණිය හැකිය. එපමණක් ද නොව මේ සම්බන්ධ ආකෘති (models) පෙන්නුම් කරන්නේ මෙය දේශගුණ පද්ධතිය අවුල් කර දමමින් ඇතැම් කලාප වලට දරුණු ඉඩෝර ඇති කළ හැකි බවයි.
තවත් විකල්පයක් වන්නේ සාගර සරුසාර කිරීමයි. මෙයින් අදහස් කෙරෙන්නේ මෙන්න මේ ආකාරයේ ක්‍රියාවලියකි : සාගරවල පෝෂණ කොටස් බහුල කිරීමෙන් ඇල්ගී බහුලව, සශ්‍රීකව වැඬේ. ඒවායේ ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ දී වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඞ් (CO2 ) උරා ගැනෙන අතර ඇල්ගී මිය යන විට ඒවා සමග කාබන්ඩයොක්සයිඞ් ද සාගර පතුළට ගෙන යනු ලැබේ. ඒත් මෙහිද අවදානම් ඇත. ඇල්ගී බහුලවිම අනෙකුත් සාගර ජීව විශේෂයන්ට හානිකර විය හැකිය. එපමණක් ද නොව මේ ක්‍රියාවලිය වායුගෝලය මත ඇති කළ හැකි බලපෑම ගැන ද සැක සංකා ඇත.
වායුගෝලයෙන් CO2 රසායනිකව ඉවත් කර භූගතව ගබඩා කර තැබීමට මගපාදන ලාභදායී, මහා කර්මාන්ත පරිමාණයේ විසඳුමක් තවමත් අපට සොයා ගැනීමට හැකි වී නැත. එහෙත් ඒ ආකාරයේ විසඳුම් නොමැතිව නම් ගෝලීය උණුසුම්වීම ශතවර්ෂය අවසානය වන විට සෙන්ටිග්‍රේඩ් අංශක 2 කට සීමා කර ගැනීම අපට අත්පත් කර ගත නොහැකි සිහින ඉලක්කයක් විය හැකිය. ‘‘CO2 ඉවත් කරන්න ජනතාව යම් වැඩපිළිවෙලක් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. ඒත් ඉතින් මුලින්ම වායුගෝලයට අළුතෙන් යමක් එකතු කරලා ඕක පටන් නොගන්නා එක වඩා ලාභදායී වෙන්න පුළුවන් කියලා තමයි හිතෙන්නේ’’ යනුවෙන් නිව් ජර්සි හි රුට්ර්ස් විශ්ව විද්‍යාලයේ ඇලන් රොබොක් කියා සිටියි.
ඩොනල්ඞ් ට්‍රම්ප් ට කළ හැකි වූයේ කුමක් ද?
පැරිස් දේශගුණ සම්මුතියෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගන්නා බවට ප්‍රතිඥා දීම සහ සම්මුතිය යළි සලකා බැලිය යුතු බවට ප්‍රකාශ කිරීමෙන් ඇමරිකා එක්සත් ජනපදයට අන්තර් ජාතිකව කළු පැල්ලමක් එකතු වූ බව ඇත්තකි. එහෙත්, එයම අනෙක් රටවල් සම්මුතියට අනුව ඉදිරියට යාමට උත්තේජනයක් සපයා ඇත. එහෙයින් ට්‍රම්ප්ගේ තීරනය ට්‍රම්ප් හිතන තරමටම බලපෑමක් ඇති නොකරන්නට ඉඩ ඇත.
චීනයට පසුව වැඩිම CO2 ප්‍රමාණයක් විමෝචන එකතු කරන රට ඇමරිකාවයි. සෑම වසරකම (ගෝලීය වශයෙන්) එකතුවන ගිගා ටොන් 42න් එසේ එකතුවන ප්‍රමාණය 5 කි. සමස්තයක් වශයෙන් ගත්කල ගෝලීය උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 2කට සීමා කරණු වස් පැරිස් සම්මුතිය යටතේ ඒ ඒ රටවල් තම තමන්ගේ ඉලක්ක නියම කර ගත්තේය. 2020 මට්ටම හා සසඳද්දී 2025 වන විට විමෝචන සියයට 20 ත් 25 ත් අතර ප්‍රමාණයකින් අඩුකර ගැනීම ඇමරිකාවේ පොරොන්දුවයි.
අඩු තරමින් 2020 නොවැම්බර් 5 වන දා තෙක් පැරිස් සම්මුතියෙන් ඉවත්වීමට ඇමරිකා එක්සත් ජනපදයට නොහැකිය. ඒ අතර වාරයේ දේශීය වශයෙන් නොයෙකුත් වෙනස්කම් සිදුවිය හැකි අතර බොහෝ රටවල් පැරිස් සම්මුතියේ පරමාදර්ශවල ඇති සිය කැපවීම යළි ප්‍රකාශ කර තිබේ. දේශගුණය, පරිසර හිතකාමී මහනගර සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් වඩාත් සමීපව ක්‍රියා කිරීමට චීනය සහ යුරෝපා සංගමය එකඟත්වය පළ කර ඇත. ට්‍රම්ප් වනාහී ප්‍රගතියට යම් බාධාවක් විය හැකිවා මිස පූර්ණ අවහිරයක් නම් නොවනු ඇත. ඉදිරිය බලා යන ගමනට ඇමරිකා එක්සත් ජනපදය අවසානයේ එක්වනු ඇත. ඒ ගමන මෙහෙයවමින් ඉදිරියෙන් ගමන් කරමින් නොව සෙස්සන්ගේ පසු පස වැටෙමිනි.
NEW SCIENTIST(THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි LIVING WITH CLIMATE CHANGE: WILL WE HAVE TO GEOENGINEER?යන කොටස ඇසුරෙනි