අඟහරු ලොව සැඟැවුණු දිය විලක් ඇති බවට විශ්වාසදායක හෝඩුවාවක්

ඇඟහරු ග්‍රහායාගේ දක්ෂිණ ද්‍රවය ආසන්නයේ අයිස් තට්ටුව යට කරදිය විලක් තිබෙන බව දැන ගැනීමට යම් සාක්ෂි ඇතැයි පර්යේෂක පිරිසක් කියා සිටිති. එම පුවත සනාත කෙරුණොත් එය මේ රතු ග්‍රහය මත මෙතෙක් සොය ගනු ලැබූ ප්‍රථම ද්‍රව (දියර) ජල කඳ බවට පත්වෙනු ඇත. එපමණක් ද නොව අඟහරු ලොව ජීවය පවතින්නේදැයි සොය බැලීමේ පිය මගෙහි එය වැදගත් සන්ධි ස්ථානයක බවට පත්වේ. ” එය අඟහරු මත ජීවය සෙවීමට වඩාත් යෝග්‍ය ස්ථානය බව පෙණී යනවා” යයි රොබටෝ ඔරොසෙයි කියා සිටියි. හෙතෙම ඉතාලියේ බොලොඤො හි ජාතික තාරකා භෞතිකවිද්‍යා ආයතනයේ ග්‍රහලෝක විද්‍යාඥයෙකි. ” එහෙත් එම ග්‍රහයා මත ජීවීන් සිටින්නේ දැයි අපි ස්ථිර වශයෙන් දන්නේ නැහැ” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. පෘථිවි ග්‍රහයා මත නම් ඒ ආකාරයේ උප ග්ලසියර(‘subglacial’) ජලාශ ක්ෂුද්‍ර ජීවීන්ගේ නිවහන්ය.
ඔරොසෙයිගේ මූලිකත්වයෙන් යුතු ඉතාලි ජාතික පර්යේෂක කණ්ඩායම විසින් මේ සොයා ගැනිම ගැන ජූලි 25 දා Science සඟරාවෙහි පළ කර තිබුණි. ඔවුනට මේ භූගත විල ගැන සාක්ෂි සොයා ගැනීමට හැකිවූයේ යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියේ(European Space Agency) Mars Express (අඟහරු එක්ස්ප්‍රස්) අභ්‍යාවකාශ යානයෙන් ලබාගත් රේඩාර් දත්ත වලිනි.

2003 ජූනි මාසයේ දී පෘථිවියෙන් නික්ම ගිය Mars Express (අඟහරු එක්ස්ප්‍රස්) යානය
ඔවුන්ගේ පර්යේෂණය සිත් සසල කරවන සුළු යයි ඇනෙක් අය කියා සිටියද අඟහරු මත ජලය සෙවීමේ මතභේදාත්මක ප්රයත්නයේ අනෙකුත් ඕනෑම අංඟයක් මෙන්ම මේ සම්බන්දයෙන්ද තහවුරුවකට නම් තවත් සාක්ෂි ඕනෑවේ. “තවම මේක පහසුවෙන්ම ඔප්පුකරපු දෙයක් බවට පත්වෙලා නැහැ” යයි කියා සිටින්නේ කැලිෆෝනියාවේ පසදෙනා හි නාසා ජෙට් ප්රචාලන පරීක්ෂණාගාරයේ (NASA’s Jet Propulsion Laboratory) ග්‍රහලෝක විද්‍යාඥයෙකු වන ජෙෆ්රි ප්ලෞට් ය. ඔහු ද, Mars Express අභ්‍යාවකාශ යානයෙ දත්ත යොදා ගෙන අඟහරු ලොව ජලය සෙවීමෙහි යෙදී සිටි අයෙකි.

Modal Trigger Orbital view of the north polar region of Mars NASA
මේ භූගත විල තිබෙන බව තවදුරටත් සිදු කෙරෙන පර්යේෂණ වලින් තහවුරු වුණොත් මෙම සොයා ගැනීම අඟහරු ග්‍රහයා විමර්ශනය කිරීම පිණිස නව මංපෙත් විවෘත කිරීමට පැහදිලිවම මග පාදනු ඇතැයි විශ්වාස කෙරේ.
පර්යේෂකයන් පෘථිවියෙහි උප ග්ලසියර විල් තුළට විද, ක්ෂුද්රජීවීන් පිළිබඳ සෙවීමේ අරමුණින් ජල සාම්පල විමසිල්ලට ලක් කර ඇති අතර තවත් අය බෘහස්පතිගේ යුරෝපා චන්ද්‍රායා මත සැඟැවුණු සාගරයක් සෙවීම පිණිස අවශ්‍ය තාක්ෂණයන් වැඩි දියුණු කරමින් සිටිති. වර්තමානයේ අඟහරු ග්‍රහයා මත අයිස් තට්ටු විදීමේ මෙහෙයුම් සැලසුම් කර නොමැත. එසේ වුවද මේ අළුත්ම සොයාගනීම හේතුවෙන් රතු ග්‍රහයා ගවේෂණය සම්බන්ධයෙන් විද්‍යාඥයන් සිතන ආකාරය වෙනස් විය හැකිය. ” මේ නව පර්යේෂණය නව ආරක විමර්ශන ධාරාවකට මුල පුරනවා” යයි නාසා ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ජිම් ග්‍රීන් ප්‍රකාශ කරයි. වර්තමානයේ, අඟහරු ග්‍රහයා මත විවිධ ස්වරූපයෙන් ජලය දැකිය හැකිය. ඒ මෙම ග්‍රහයා මෙයට වසර බිලියන ගණනකට පෙර වඩාත් උණුසුම්ව සහ තෙත් ගතියෙන් පවතිද්දීතිබු ජලයෙන් ශේෂවු ඒවාය.
NATURE – August 2, 2018 UK හි පළවූ Signs of buried lake on Mars tantalize scientists යන ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න