දේශගුණ විපර්යාස, ආර්ථික විද්‍යාව සහ නොබෙල් ත්‍යාග

Posted by

දේශගුණ විපර්යාස ගැන හිතන විදිහ වෙනස් කිරීමට මග පෑදූ ආර්ථික විද්‍යඥයන් දෙපොළ නොබෙල් ත්‍යාග දිනති

සාර්ව ආර්ථික විද්‍යාවට දේශගුණ විපර්යාසය සහ තාක්ෂණික විපර්යසය එකට එකතු කළ අමෙරිකා එක්සත් ජනපද ආර්ථික විද්‍යඥයන් වන විලියම් නෝඩවුස්  සහ පෝල් රෝමර් යන දෙදෙනාට 2018 ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය හවුලේ ප්‍රදානය කර ඇත. ආර්ථිකයක් සමස්තයක් වශයෙන් හැසිරෙන්නේ කෙසේද යන්න ගැන සලකා බලනු ලබන්නේ  සාර්ව ආර්ථික විද්‍යාව(macroeconomics) මගිනි.

William D. Nordhaus

කනෙක්ටිකට් නිව් හැවන් හී යේල් විශ්වවිද්‍යාලයේ නෝඩවුස් දේශගුණ විපර්යාස ආර්ථික විද්‍යා අධ්‍යයනයේ ප්‍රාරම්භකයා හෙවත් ආදී කර්තෲ ලෙස සැලකේ.  හරිතාගාර වායු විමෝචන වැළැක්වීමට ක්‍රියා නොකිරීම  හා සමග හරිතාගාර වායු විමෝචන වැළැක්වීමේ පිරිවැය සහ වාසි සසඳමින් ඇගැයීමට ලක්කිරීම පිණිස අද බහුලව යොදාගන්නේ ඔහු විසින් වැඩිදියුණු කළ ආකෘතිය.

කාබන්වල සමාජයීය පිරිවැය නිර්ණය කිරීමෙහිලා නෝඩවුස් ගේ අධ්‍යනයන් කේන්ද්‍රීය වේ. අත්‍යන්ත දේසගුණය සහ පහළ මට්ටමක බෝග අස්වැන්න වැනි සැඟැවුණු සාධක ඇතුළුව හරිතාගාර වායු වලින් සමාජයට දැරීමට සිදුවන පූර්ණ පිරිවැය ගණනය කෙරෙන්නේ එමගිනි. දේශගුණ විපර්යාස පිළිවෙත් ක්‍රියාවට නැංවීමේදීඑ එන්ට එන්ටම වැඩියෙන් භාවිත වන්නේ මෙම  ඒකකයි.

Image result for paul romer

නිව් යෝක් හී, නිව් යෝක් විශ්වවිද්‍යාලයීය ස්ටර්න් ව්‍යාපාරික පාසලේ සේවය කරන රෝමර් විසින් ආර්ථික වෘර්දියේ තාක්ෂණික විපර්යාසය සම්බන්ධයෙන් ඉටු කරන ලද මෙහෙයට පිදුම් ලද්දෙකි. වෙළඳපොළ බලවේගයන් සහ ආර්ථිකවිද්‍යාත්මක තීරණ තාක්ෂණ විපර්යාසයට මග පාදන්නේ කෙසේදැයි යන්න ගැන ඔහු සිදු කළ අධ්‍යනයන් ලෝක ප්‍රකටය. 1990 ගනන්වලදී ඔහු වැඩි දියුණු කළ ‘අභ්‍යන්තර වර්ධන න්‍යාය’ (endogenous growth theory) ප්‍රතිපත්ති සහ රෙගුලාසි මගින් නව අදහස් සහ ආර්ථික නවෝත්පාදන පොළඹවනු ලබන්නේ කෙසේද යන්න සම්බන්ධ පර්යේෂණන්ට අදාළ නව මංපෙත් විවෘත කිරීමට සමත්විය.

Image result for royal swedish academy of sciences nobel prize

ස්විඩන රාජකීය විද්‍යා ඇකඩමිය නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ: විලියම්  ඩී. නෝඩවුස්  සහ පෝල් එම්. රෝමර් යන දෙදෙනා අපේ කාලයේ වඩාත්ම මූලිකවන මෙන්ම තදින් දැනෙන  ඇතැම් ප්‍රශ්නවන තිරසාර කළ සහ තිරසාර කළ හැකි ආර්ථික වර්ධනයක් ඇති කළ හැක්කේ කෙසේද යන්න ගැන ක්‍රම සකසා ඇත‘.

NATURE – News හී පළවූ Economists who changed thinking on climate change win Nobel Prize නම් වාර්තාව ආශ්‍රයෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.