සැමට විදු නැන නුවණ – Science Literacy for All

දේශගුණ විපර්යාස මැද දිවි ගෙවීම: වෙනසක් ඇති කිරීම මටත් සිදු කළ හැකිද ?

2015 දෙසැම්බරයේ ලෝකයේ රටවල් 195 ක් පැරීසිියේ දේශගුණ සමුළුවට සහභාගි විය. ගෝලීය උණුසුම  ඉහළයාම සෙන්ටිග්‍රේඩ් අංශක 2 ((2C0) ) සීමා කිරීමට එහිදී ඔවුහු එකඟ වූහ.

2017 ජූනියේ දී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් ගිවිසුමෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට අදහස් කරන බව ප්‍රකාශ වීමත් සමගම පැරිස් සම්මුතියට මරු පහරක් එල්ල විය. එහෙත් ලෝකයට ඉදිරියට යා හැකියඉදිරියට යන්නේය.

මේ නව ලිපි මාලාවේ ඉදිරි ලිපි වලින් දේශගුණ විපර්යාසයේ යථාර්ථය මෙන්ම ඊට අප දක්වන ප්‍රතිචාර ගැන සොයා බැලීමට අදහස් කරමු : එනම් අප දැනට කරමින් සිටින්නේ කුමක් දඅප තව කළ යුත්තේ කුමක් දවඩාත් උණුසුම් වූ ලෝකයක් තුළ අපට උරුම වන අනාගතය කෙබඳු දආදී කරුණු ගැන මෙම ලිපි මාලාවෙන් සාකච්ඡා කෙරේ.

වෙනසක් ඇති කිරීම මටත් සිදු කළ හැකිද ?

‘‘මේ සුවිශේෂී මොහොතේ පුද්ගලයෙකු වශයෙන් ඔබේ චර්යාව වැදගත්කමක් උසුළනවා’’ ක‍්‍රිස් ජෝන්ස් කියා සිටී. ‘‘කාබන් විමෝචන සම්බන්ධයෙන් දෙපැත්තටම නැතුව උදාසීනව සිටීමට  ඕනෑම කෙනෙකුට අද පුළුවන. ඊටත් එහා ගියහොත් වැඬේ ඉවරවෙනකොට ගාණක් උපයා ගන්න උණත් පුළුවනි.’’ බර්ක්ලේහි,  කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ CoolClimate Network යන නමින් හඳුන්වනු ලබන ජෝන්ස්ගේ කණ්ඩායම මාර්ග ගතව කාබන් පා සටහන් ගණකයක්(calculator) සපයයි. ඇමරිකා එක්සත් ජනපදයේ  ඕනෑම ගෙවැසියෙකුට  ප‍්‍රවාහනයෙන්, නිවාස වලින්, ආහාර භාණ්ඩ හා සේවා මගින් සිදුවන කාබන් විමෝචන ඇස්තමේන්තු  කිරීමට ඊට හැකිය. තවත් බොහොමයක් රටවල අනෙකුත් කණ්ඩායම් ද මේ ආකාරයේ ගණකයන් සපයයි. පෞද්ගලික සහ පළාත්බද වෙනස්කම් තිබුණේ වී නමුත් ඇතැම් පුළුල් පොදු වලංගුතාවන් ද  ඉස්මතු වේ. ‘‘ගෝලීය වශයෙන් ගත් කල හරිතාගාර පා සටහන් සඳහා දායක වන ප‍්‍රධාන සාධක මෝටර් රථ, ගල් අඟුරු සහ ගවයින්ය’’ යි ජොන්ස් කියා සිටියි. අනික, පුද්ගලයන් වශයෙන් සිදු කෙරෙන තෝරා ගැනීම් මගින් වඩාත්ම විශාල වෙනසක් ඇති කළ හැක්කේ ද මේ තුනෙහිය.

බොහෝ නිවෙස් ගතහොත්, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස ගතහොත් වැඩිම කාබන් විමෝචන පංගුවකට දායක වෙන්නේ ප‍්‍රවාහනයයි. එය මුළු සංඛ්‍යාවෙන් සියයට 30 ක් පමණ වේ. මෙයින් වැඩි කොටස ඉන්ධන මගිනි. ඉතින් වඩාත් ඉන්ධන පිරිමැසුම්දායක මෝටර් රථයක් මිළදී ගතහොත්, විශේෂයෙන්ම දැන් ඔබට තිබෙන්නේ ‘පැට‍්‍රල් ගිලදාන’ රථයක් නම් අළුතෙන් ඉන්ධන පිරිමැසුම්දායක රථයක් මිලට ගැනීමෙන් ඔබේ කාබන් පා සටහන පුදුමාකාර ලෙස අඩුකර ගත හැකියි. කාබන් විමෝචන වැඩියෙන් ඇති කරන අනෙක් ප‍්‍රභවය විශේෂයෙන්ම වත්පොහොසත්කම් ඇති අයට නම් ගුවන් ගමන්ය. ‘‘ඔබේ කාබන් ගිණුම  අතිශය පිම්බෙන්ට එක ගුවන් ගමනක් ඇති’’ යයි ස්ටීවන් කොරනේලිස් කියා සිටියි. හෙතෙම එක්සත් රාජධානි ජගත් වනජීවී අරමුදලේ දේශගුණ විපර්යාස පිළිබඳ ප‍්‍රධාන උපදේශවරයාය. නිදසුනක් දක්වතොත්, ව්‍යාපාරික ගුවන් ගමන් වෙනුවට ගුවන් ගමන් සීමා කර ටෙලි සම්මන්ත‍්‍රණ (teleconferencing) වැනි ක‍්‍රම යොදා ගැනිමින් ගැනීමෙන් විශාල වෙනසක් සිදු කළ හැකිය. ගුවන් ගමන් යා යුතු නම් ඔබේ ගුවන් ගමන් නිසා ඇතිවන පාරිසරික බලපෑම හිලව්වීමට කාබන් වන්දි මිළදී ගැනීම ගැන සිතා බලන්න. (පහත විශේෂ කොටස බලන්න)

කාබන් හිලව් කිරීම්

විශාල කාබන් පා සටහන් ඇති පුද්ගලයන්ට හෝ සමාගම් වලට සිය පාපය වසා ගැනීම උදෙසා වෙනත් තැනක සිදුවන විමෝචන අඩු කර ගැනීම පිණිස යම් කිසිවෙකුට මුදල් ගෙවිය හැකිය. මේ කාබන් හිලව් කිරීම් නිසියාකාරව සිදු කළොත් ගුවන් ගමන් සහ වෙනත් අධිමිළ චර්යාවන් හේතුවෙන් ඇතිවන නොවැළැක්විය හැකි විමෝචන සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට යෝග්‍ය යහපත් ක‍්‍රියාමාර්ගයක් බවට පත්වෙයි. එහෙත්, ඉන් ඵලක් අත්පත් කර ගැනීමට නම් ඒවා(අධිමිළ චර්‍යා) නොමැතිව වෙනසක් සිදු කළ නොහැකි අන්දමේ වෙනස්කම් තෝරා ගත යුතුය. Gold Standard නම් අන්තර්ජාතික අධීක්ෂණ සංවිධානයෙන් සැපයෙන සහතිකය, මේ නිර්ණායක සපිරෙන බව සහතික කිරීමට උපකාරී වේ.

ගුවන් ගමන් වලින් ඇතිවන බලපෑම අඩුකිරීමෙහිලා කාබන් හිලව් කිරීම් විශේෂයෙන්ම උපකාරී වන්නේය. බොහෝ දෙනෙකුගෙ කාබන්  පා සටහනට වැඩියෙන්ම දායක වන්නේ ගුවන් ගමන්ය. ‘‘ව්‍යාපාර කටයුතු වෙනුවෙන් අප සිදු කරන සියලූම ගුවන් ගමන් වෙනුවෙන් අපි  රන්සම්මත හිලව් කිරීම මිළට ගන්නවා’’ යයි ස්ටීව් කක්ස් කියයි. හෙතෙම ඬේවිඞ් සුසුකි පදනම වෙනුවෙන් සේවය කරන දේශගුණ විද්‍යා ප‍්‍රතිපත්ති විශ්ලේෂකයකි. මේ පදනම කැනඩාව පදනම් කරගත් පාරිසරික කණ්ඩායමකි.

නිවසේ බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමෙන් මේ ආකාරයේ ඉතිරි කර ගැනීම් සිදු කර ගත හැකිද යන්න රඳා පවතින්නේ ඔබ ජීවත් වන තැන අනුවයි. ශීතල දේශගුණික තත්ත්වයන් යටතේ  පරිවරණය(insulation) වඩා හොඳින් සිදු  කිරීමෙන් තාපය නිපදවීම පිණිස වායු හෝ තෙල් දැවීම අඩුකර ගත හැකිය. එහෙම වුණත් අත්‍යවශ්‍ය නොවන  බල්බ් නිවා දැමීම LED බල්බ් වලට මාරුවීම, බලශක්ති කාර්යක්ෂම විදුලි උපකරණ මිළට ගැනීම ආදිය මගින් වෙනසක් ඇති කළ හැක්කේ ඔබ තවමත් භාවිතා කරන්නේ ගල් අඟුරු ජනනය කළ විදුලිය නම් පමණකි. එහෙත් ඔබේ විදුලියෙන් වැඩි කොටස ලබා ගන්නේ පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන්  හෝ න්‍යෂ්ටික බලාගාර වලින් නම් විදුලි බලය පිරිමැසීමෙන් ඔබේ කාබන් පා සටහන වෙත ඇති කරන්නේ අවම බලපෑමක් පමණකි. ජෝන්ස් කියා සිටින අන්දමට ඔබේ නිවස පරිසර හිතකාමී තැනක් බවට පත් කිරීමට නම් ඔබ ඔබේ විදුලි බලය ලබා ගත යුත්තේ පුනර්ජනනීය ශක්ති සපයන්නෙකුගෙනි.

Image result for cows belching methane

ඔබේ කාබන් පා සටහන අඩු කිරීමට වඩාත් ඵලදායීම ස්ථානයක් වන්නේ නිවසේ මුලූතැන් ගෙයයි. සියළුම හරිතාගාර විමෝචන වලින් හතරෙන් එකකට පමණ වගකිව යුත්තේ කෘෂිකර්මයයි. මෙයින් අතිශය ඉමහත් විමෝචන හටගන්නේ මස් සහ කිරි නිෂ්පාදන මගිනි. මස් අනුභවය අඩු කළහොත් හෝ සම්පූර්ණයෙන්ම නතර කළහොත් ඔබේ කාබන් පා සටහන් ඉතා විශාල ලෙස අඩුකර ගත හැකිය. මේ අතරිනුත් වඩාත්ම හානිය පැමිණෙන්නේ ගවමස් අනුභවයෙනි. මන්ද, ගවයන් ප්‍රබල හරිතාගාර  වායුවක් වන මීතේන් විශාල වශයෙන් මුවින් පිටකරන් හෙයිනි.  කුකුල් මස් හා ඌරු මස් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය පැන නොනගින නිසා ඒවා සාපෙක්ශව හොඳ විකල්පයක් විය හැකියයි ලෝක සම්පත් ආයතනයෙහි ඩැනියෙල් වෙනාඞ් පවසයි.

නිවාසවාසීන් බොහොමයක්  ඔවුන් මිළදී ගන්නා ආහාර වලින් තුනෙක් එකක් පමණ අපතේ යවති. ඉතින්, වත්පොහොසත්කම් තිබෙන අය ඔවුනට අවශ්‍ය ප්රමාණයට වඩා වැඩියෙන් කැලරි ආහාරයට ගන්නා හෙයින් අඩුවෙන් ආහාර මිළට ගෙන නරක්වීමට කලින් පිසීමෙන් ඔබේ ආහාර කාබන්  පා සටහන අඩුකර ගත හැකිය. මෙයට පටහැණිව ළඟපාතින් ආහාර මිලට ගැනීමෙන්  හෝ කාබනික ආහාර මිලට ගැනීමෙන් හෝ මෙම බලපෑම සම්බන්ධයෙන්  එතරම් සුගතියක් අත් නොවෙනු ඇත.  මොකද  කෘෂිකර්මය හේතුවෙන් ඇතිවන විමෝචන ගතහොත්  ප්‍රවාහනයෙන් ඇති වෙන්නේ සුළු බලපෑමකි. අනික ඵෙන්ද්රීය ගොවිපළවල් වල අස්වැන්න සාමාන්‍යයෙන් අඩු නිසා වැඩි ඉඩම් ප්‍රමාණයක් හාන්නට සිදුවේ. එය කාබන් මුදා හැරීමට හේතු වෙයි.

අද බොහෝ දෙනෙකුට මේ අන්දමේ පියවර ගැනීම අපහසු විය නොහැකිය. ඇත්තටම එවැනි පියවර බොහොමයකට කාබන් අධිකව වැයවන චර්යාවන් සඳහා වැයවනවාට වඩා වැයවන්නේ අඩු පිරිවැයකි. ජෝන්ස් පෙන්වා දෙන අන්දමට මේවා සහ මේ අන්දමේ වෙනත් පියවර මගින් ඇමරිකා එක්සත් ජනපද නිවෙස් වලට ඩොලර් දහස් ගණන් වසරක් පාසා ඉතිරි කළ හැකි අතර කාබන් පා සටහන ද අඩකින් අඩු කර ගත හැක. එලෙස ඉතිරි කර ගන්නා මුදල්, පා සටහනෙහි ඉතිරි කොටස පියවා ගැනීම සඳහා හිලව් කිරීම් මිලට ගත හැක. මෙලෙස ඔබේ සම්පූර්ණම නිවසට කාබන් උදාසීනව තබා ගත හැකිවේ. රජයන් වඩාත් උද්‍යොගයෙන් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම අරඹන තුරු ගත හැකි වඩාත් යහපත් මුල් පියවරක් ලෙස මේවා දැක්විය හැකිය.

NEW SCIENTIST(THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි LIVING WITH CLIMATE CHANGE: CAN I MAKE A DIFFERENCE?යන කොටස ඇසුරෙනි

මේ ලිපි පෙළ මින් අවසාන වේ. මීළඟට “අනාගතය බලගැන්වීම”(POWERING THE FUTURE) ලිපි මාලාවයි. ඒවා හැම බ‍්‍රහස්පතින්දාවකම තතු හී පළවේ. ඥානයේ ආනන්දය සඳහා නොවැරදීම කියවන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: