තනිකරම තණ බිම් වල තණකවා ඇති කරන ගවයින් ගෙන් ලබා ගන්නා මස් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇති ඉල්ලුම එන්ට එන්ට ම වැඩි වෙමින් පවතී. මේ වැඩිවන ඉල්ලීම හේතුවෙන් දැනට මසට ඇතිකරන මේ ආකාරයේ ගවයින්ගේ සංඛ්‍යාව වන මිලියන 70 ඉදිරියේදී ගවයින් මිලියන 100 දක්වා ඉහළ යා හැකිය. එපමණක්ද නොව, තනිකරම තණකවා ඇති කිරීම් ක්‍රමයකට යොමු වීමෙන් මීතේන් වායු විමෝචනය වැඩිවීමෙන් දැරීමට සිදුවන පාඩුව ඇතුළුව පාරිසරික පිරිවැය ද ඉහළ යාමට මග පෑදෙතැයි සැලකේ. ගව මස් අනුභවය සඳහා ඇති පාරිභෝගික ඉල්ලුම අඩු කර ගන්නේ නැතිනම් මේ තත්ත්වය මඟ හරවා ගැනීම උගහටය.
“මේ සඳහා ඇති ජෛවී-භෞතික සාධක මොනවාදැයි සොයා බැලිමටයි අපි උනන්දුවෙන්නේ. මසට ඇති ඉල්ලුම තනිකරම ත්ණ කවා හදන ගවයින්ගෙන් සපුරා ගන්නවා වෙනුවට වෙනත් ක්‍රමයකින් මුලු ඉල්ලුමෙන් කොටසක් හෝ සපුරා ගැනීමට පාරිභොගිකයන් උනන්දු වෙනවා නම් එය භූමියට හෝ පරිසරයට දරාගත හැකි මට්ටමකට පත්වේවේ ද යන්න ගැන දැනගැනීමට අපි උනන්දුවෙන් පසු වෙමු”යැයි ඇ.එ.ජ. හාවර්ඩ් නීති විද්‍යාලයේ මැතිව් හයෙක් පවසයි. ඇ.එ.ජ. බොස්ටන් විශ්ව විද්‍යාලයේ රැෂෙල් ගැරට් හා එක්ව මෙම අධ්‍යනය සිදු කරන්නේ ඔහුය.
මසට ගවයින් ඇති කිරීමේ දෙවිධියකි. තනිකරම තණකවා ඇති කරන ගවයින් සහ සීමිත ඉඩ කඩක ප්‍රධාන වශයෙන් ධාන්‍ය කවා ඇති කරන ගවයින් යනුවෙනි (එක් තැනක තබා මෙසේ ධාන්‍ය ආහාරයට දෙන්නේ මරා මසට ගැනීමට පෙර ඉක්මනින් බර වැඩිකර වනු පිණිසය). මේ අධ්‍යයනයේ අරමුණ වන්නේ, මේ දෙවර්ගයේ ගවයින් ඇති කිරීමේ ක්‍රම මගින් ඇතිවිය හැකි බලපෑම ගැන ආහාර මිලදී ගන්නන්ට, කෝකියන්ට, නිවසින් පිට ස්ථානවලදී ආහාරය ගන්නා අයට හා ප්‍රතිපත්ති සම්පාදකයන්ට වැඩියෙන් තොරතුරු හා විස්තර සැපයීමයි.
මේ ආකාර සීමිත ඉඩ කඩක තබා ගවයන් ඇති කිරීමේ අවස්ථා තවත් නොමැති විට ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමාන තණබිම් මගින් මසට සැපයිය හැකි වන්නේ ගවයින් මිලියන 21ක් පමණ ප්‍රමාණයක් බව පර්යේෂකයන්ට පෙනී ගියේය. තණකවා හදන ගවයින්ගෙ ඝණයට බෝග වගා බිම් වලින් ලබාගත් සත්ව ආහාර බුදින ගවයන් ඇතුල්කළ හොත් තවත් ගවයන් බිලියන 34 ක යැපීමට සහාය සැලසිය හැකි වේ. එවිට මෙම සංඛ්‍යාව වර්තමානයේ ගව මස් සම්පූර්ණ සැපයුමෙන් 61% ක් දක්වා දක්වා ඉහළ යයි.
පරිසරය වෙත වෙන බලපෑම අඩු කිරීම සහතික කළ හැකි එකම මග ( මස්) පරිභෝජනය අඩු කිරීම බව පර්යේෂකයන් නිකුත් කළ වාර්තාවේ සඳහන් ඵ්රධානතම කාරණාවයි. එසේ වුවද, ගව මස් පරිභෝජනය අඩු වීම ඇමරිකා එක්සත් ජනපද ගවමස් කර්මාන්තයට කෙසේ බලපායිද? ජාතික සංඛ්‍යාලේඛන දක්වන අන්දමට ගව මස එරට විශාල පරිමාණ ව්‍යාපාරයකි. ගව මස් දේශීය අලෙවිය සහ අපනයනය මගින් ඩොලර් බිලියන 67 උපදවනු ලැබේ.
“තණකවා හදන ගවයින්ගේ මස් සාමාන්‍ය, සම්ප්රදානුනුකූලව මසට ඇතිකරන ගවයන්ගේ මස්වලට වඩා 50%කට ආසන්න වැඩි මුදලකට අලෙවි වෙනවා. ඉතිං පාරිභෝගිකයන් මෙහෙම වැඩි මුදලක් දිගටම ගෙවන්න සූදා නම් ඇතිකරණ ගවයින් සංඛ්‍යාව සමස්තයක් වශයෙන් අඩු උනාට එම අඩු ප්‍රමාණය අළෙවි කර ගොවීන්ට ලාභ උපයා ගන්න පුළුවන්” හයෙ ක් පෙන්වාදෙයි.
හයෙක් ගේ හා ගැරෙට්ගේ අධ්‍යනයෙන් පැහැදිලිව පෙනී යන කාරණාවක් වන්නේ සීමිත ඉඩකඩක මසට ඇතිකරන ගවයන් වෙනුවට මස් නිෂ්පාදනය සඳහා තණකවා ඇති කරන ගවයන් වෙත තව තව යොමු වෙද්දී එක්කෝ තවතවත් භූමිය අවශ්‍ය වන්නේ ය නැතහොත් දැනට පවතින තණබිම්වල ඵලදායිතාවය දැවැන්ත ලෙස ඉහල දැමිය යුතු බවයි. එලෙසම පාරිභෝගිකයන් ගව මස් අනුභවය අඩුකරතහොත් මේ ආකාරයේ බලපෑම් හීන වී යා හැකි බව නැවත කිවයුතු වුවත් අවසානයේ මේ සියල්ලේ තීරණය රැඳී පවතින්නේ පාරිභෝගිකයා මත බවද ඔවුන්ගේ සොයාගැනීම් වේ.
පර්යේෂක කණ්ඩායම සිය සොයා ගැනීම් පළකර ඇත්තේ Environmental Research Letters නම් සඟරාවෙහිය.
Physics world හී පළවූ How does exclusively grass-fed beef affect the environment? යන ලිපිය ඇසුරෙනි.