සැමට විදු නැන නුවණ – Science Literacy for All

ගෝලීය උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කට සීමා කිරීමට නම්  දැඩි පියවර අවශ්‍යයි!

දේශගුණ විපර්යාස යෙහි දරුණුතම බලපෑම් මගහරවා ගැනීමට බලාපොරොත්තු ඇතිකර ගැනීමට නම්මානව වර්ගයා සතුව ඇත්තේ  සීමිත මඟක්  බව දේශගුණ වාර්තාවක් පෙන්වා දෙයි.

Image result for limiting global warming to 1.5 °C

ගෝලීය උණුසුම්වීම පූර්ව කාර්මික විප්ලවීය මට්ටමට වඩා සෙන්ටිග්‍රේඩ්  අංශක 1.5කට සීමා කිරීම වනාහි, රජයන්, කර්මාන්ත සහ සමාජ ක්‍රියා කරන ආකාරයෙහි සීඝ්‍ර එමෙන්ම දැඩි වෙනස්කම් අවශ්‍ය වන අති දැවැන්ත කාර්යභාරයක් බව දේශගුණ විපර්යාසයන් පිළිබඳ අන්තර්ජාතික පැනලය (Intergovernmental Panel on Climate Change – IPCC ) පෙන්වා දෙයි(ඉදිරියේ මෙම ලිපියේ IPCC යනුවෙන් දැක්වෙන්නේ එයයි). එසේ වුවද, පෘථිවිය දැනටමත්සෙන්ටිග්‍රේඩ්  අංශක එකකින් උණුසුම් වී ඇතද  සිය කාබන් විමෝචනය කිරීමේ පුරුද්ද අත්හැර දැමීමට, විද්‍යාඥයන් කලින් සිතුවාට වඩා තවත් වසර 10 සිට 30 දක්වා කාලයක් මානවයන්ට ඉතිරිව ඇත.

Related image

ඒ සඳහා කාබන් විමෝචන 2017 තිබූ ප්‍රමාණයෙන් අඩු තරමින් 49% කින්වත් 2030 වනවිටඅඩු කරගත යුතුය.  ඉන් අනතුරුව 2050 වනවිට මෙම ඉලක්කය සපුරා ගැනීමට නම් කාබන් උදාසීනතාවයට ළඟාවිය යුතු යැයි IPCC අලුත්ම වාර්තා වේ සාරාංශය දක්වයි. එය ඔක්තෝබර් 8 වැනිදා නිකුත් විය. වාර්තාවට කරුණු පාදක කරගෙන ඇත්තේ 2015 පැරිස් දේශගුණ සම්මුතියට එළඹීමෙන් අනතුරුව සිදුකරන ලද පර්යේෂණයන් ය. ඒ හරිතාගාර වායු විමෝචන කපා හැරීමට සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 සිට 2.0 අතර ප්‍රමාණයකට සීමා කිරීමට පැරිස් සම්මේලනයේදී එකඟත්වය පළවිණ. වර්තමාන ලෝකය සිය හරිතාගාර වායු විමෝචනය විශාල වශයෙන් අඩු කර නොගන්නේ නම් මේ සියවස අවසාන වන විට ගෝලීය උණුසුම් වීම අංශක තුනක් පමණ බවට පත් වෙතැයි ගණන් බලා ඇත.

ඉටු නොවන සිහිනයක් ද?

පැරිස් සමුළුවේදී එකගත්වයට පත් ඉලක්කවලට වඩා හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සම්බන්ධව රටරටවල ජාතික වගකීම  ඉතා අඩුවෙන් ඉටු වී ඇති බව සලකන විට සෙන්ටිග්‍රේඩ්  අංශක 2 ඉලක්කය පවා සපුරා ගැනීම කළ නොහැකි තත්වයක් බව බොහෝ විද්යාඥයෝ පෙන්වාදෙති. එහෙත් කළ හැකි නොහැකි(ශක්යතාව) පිළිබඳ ප්‍රශ්නයෙන් පිට පැන IPCC වාර්තාව  ඒ වෙනුවට අවධානය කරන්නේ රජයන්, ව්‍යාපාර සහ පුද්ගලයන් සෙන්ටිග්රේඩ්  අංශක 1.5 ඉලක්කය සපුරා ගැනීම ඉටුකලයුතු දේ නිර්ණය කිරීම කෙරෙහිය. මීට අදාළ පියවර අතර 2050 වනවිට ලොව විදුලිබල අවශ්‍යතාවයෙන් 70%- 85% සැපයීමට හැකි වන අයුරින් සුළං සහ සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්ති පද්ධති ඉතා ඉක්මනින් ගොඩනැගීම සහ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් උරාගැනීමට වනාන්තර වලට ඇති හැකියාව ඉහළ නංවනු වස් වනාන්තර ව්‍යායාප්ත කිරීමද ඇතුළත් වේ.

වාර්තාවේ විස්තර කෙරෙන සිදුවීම් පෙළ බොහොමයකින් යෝජනා කෙරෙන්නේ වායුගෝලයෙන් අතිදැවැන්ත ප්‍රමාණයන්ගෙන්  කාබන් ගෙන මේ සියවස අග භාගයේ දී පොළොව යටට පොම්ප කර තැන්පත් කිරීම කෙසේ හෝ කළ යුතුම තත්ත්වයක අප තවමත් පසුවන බවයි.  එහෙත් මේ සඳහා අවශ‍ය වන තාක්ෂණය වැඩිදියුණු කිරීම තවමත් පවතින්නේ මුල් අවස්ථාවේ ය. එහෙයින්, බොහෝ පර්යේෂකයන් කියා සිටින්නේ, ගෝලීය පරිමාණයෙන් ඒවා භාවිතය උගහට විය හැකි බවයි.

යෝජිත අනෙකුත් විකල්පයන් අතර ජීවන රටා වෙනස් කිරීම ද ඇතුළත් ය. මස්  අඩුවෙන් කෑම, පාපැදියෙන් යාම, ගුවන් ගමන් අඩු කිරීම ඒ ආකාරයේ වෙනස්කම්ය. බැලූ බැල්මටම පැහැදිලි සම්බන්ධතාවක් නොපෙනෙන සදාචාරාත්මක සහ සාරධර්ම මය සාධක කෙරෙහි ද වාර්තාවේ අවධානයක් යොමුව ඇත. එහිදී පර්යේෂකයන් අවධාරණය කරන්නේ රජයන් දේශගුණ විපර්යාස සහ තිරසාර සංවර්ධනය යන දෙකම සමගාමීව සලකා බලන්නේ නැතිනම් දුප්පත්කම සහ අසමානතාව උග්‍ර වීමේ තර්ජනයට මුහුන පාන බවයි.

විශාල කාබන් අයවැයක්

ගෝලීය උණුසුම් වීම සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 ට  වශයෙන් සීමා කරද්දී මානව වර්ගයාට “ විමෝචනය“ කළ හැකි කාබන් ප්‍රමාණය කලින් සිතුවාට වඩා වැඩි විය හැකි බව කියවෙන මෑතක අධ්‍යන ප්‍රතිඵල ද IPCC වාර්තාවෙහි අඩංගු ය. මෙයට කලින් 2014දී  IPCC නිකුත්කළ ඇගයීමකට අනුව වර්තමාන විමෝචන අනුපාතය අනුව 2020 ගණන් වල මුල දීම වාගේ උෂ්ණත්වය ඉහලයාම සෙන්ටිග්‍රේඩ් අංශක 1.5 ක්  සීමාව ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබුණි. අලුත්ම වාර්තාව එම කාල රේඛාව 2030 හෝ 2040 දක්වා දීර්ඝ කරයි. ඒ දැනටමත් සිදු වී ඇති උණුසුම් වීමේ ප්‍රමාණය සමාලෝචනය කෙරෙන අධ්‍යයන පදනම් කරගනිමිනි.

“අද අප වායුගෝලයට එක් කරන සෑම අතිරේක කාබන් ටොන් එකක් කියන්නේ ශතවර්ෂය අවසානයේ අපට පිරිසිදු කර ඉවත් කළ යුතු  කාබන් ටොන්  එකක් වෙනවා“ යයි එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශගුණ විද්‍යාඥයෙකු වන මයිල්ස් ඇලන් පවසයි.  හෙතෙම වාර්තාවේ ප්‍රධාන කතුවරුන් ගෙන් කෙනෙකි. “ මේ අනාගත පවිත්‍ර කිරීම් සඳහා කවුද ගෙවන්න ඕන කියන එක ගැන අප සමාජය තුළ  කතිකාවක් ගොඩ නංවන්න ඕන. ෆොසිල ඉන්ධන කර්මාන්තය සහ එහි පාරිභෝගිකයන් අද දින තිබෙන් වාසි සියල්ල භුක්ති විඳිමින්  ඉන්දැද්දීම  ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා වන වියදම්  ඊළඟ පරපුරට ගෙවන්න කියලා බලාපොරොත්තු වෙනවා“ ඇලන් වැඩිදුරටත් සඳහන් කරයි.

කතාවේ එක පැත්තක් තමයි ඒ. මේ තව පැත්තක්. ප්‍රතිශෝධිත කාබන් අයවැය ගැන විද්‍යාඥයන්ට ඇත්තේ  මධ‍යම මට්ටමේ විශ්වාසයක් පමණකැයි ස්විස්ටර්ලන්තය බර්ත් විශ්වවිද්යාලයෙහි දේශගුණ විද්‍යාඥයෙකු වන තෝමස් ස්ටොකර් පවසයි.  මීළඟට නිකුත්කරන සම්පූර්ණ වාර්තාවෙහි ගණන් මිනුම් ගැන පර්යේෂකයන් වඩාත් පරිපූර්ණ ව සලකා බලනු ඇතැයි හෙතෙම කියා සිටී. මීළඟ පූර්ණ වාර්තාව නිකුත් වීමට  නියමිතව ඇත්තේ 2021 දී ය.

සමාජ විද්‍යාඥයකු වන ඔලිවර් ගෙඩෙන් මේ අතරතුර කියා සිටින්නේ අලුත් එමෙන්ම වඩාත් විශාල කාබන් අයවැයක් මගින් ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත වැරැදි පණිවුඩයක් යා හැකි බවයි. ඔහු බිය පළ කරන්නේ  IPCC වාර්තාවෙන් අංශක 1.5 ඉලක්කය සපුරා ගැනීමේ අපහසුව අඩුවෙන් දක්වා ඇත් දෝ යනුවෙනි. ” හැම තිස්සෙම  කියන්නේ තවත් කල්  තියෙනවා, තවත් කල්  තියෙනවා  කියලායි. ඔය කතාවට ප්‍රතිපත්ති සම්පාදකයෝ පුරුදු වුණාම ඕකෙන් ගැලවෙන්න කොහොම හරි ක්‍රමයක් තියෙනවා කියන අදහස ඔවුන්ගේ ඔලුවලට  රිංගනවා” ගෙඩෙන් පෙන්වා දෙයි.

 

Nature news හී පළ වූ  IPCC says limiting global warming to 1.5 °C will require drastic action යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: