බුද ග්‍රහයා බලා යන බෙපිකොලම්බු මෙහෙයුම හෙට ඇරඹෙයි

Posted by

බෙපිකොලම්බු බුද මෙහෙයුම හෙට(2018 ඔක්තෝබර් 20 දා) අළුයම ප්‍රංශ ගයනාවේ කෞරවු හී සිට දියත් කිරීමට නියමිතයි. බෙපිකොලම්බු යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය(European Space Agency) සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ(Japan Aerospace Exploration Agency) ඒකාබද්ධ ව්‍යාපෘතියකි. මෙය බුද බලා යන ප්‍රථම යුරෝපා මෙහෙයුමයි. බුද ග්‍රහයා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තර ග්‍රහයන් හතර දෙනා ගෙන් කුඩාම එමෙන්ම සූර්‍යයාට වඩාත් ළඟින්ම පිහිටි ග්‍රහයායි. සෞරග්‍රහ මණ්ඩලයෙන් වඩාත්ම අඩුවෙන් සොයා බලා ඇති ග්‍රහයා වන්නේ ද බුද ය.

Image result for 4 inner terrestrial planets

මෙයට කලින්, 2011 දී සහ 2015 දී නාසා මෙසෙන්ජර් මෙහෙයුමේ යානා  බුද ග්‍රහයා වටා කක්ෂ ගතව ගවේෂණවල නිරත වූ අතර එහි දී මතුවූ සොයාගැනීම් සහ ප්‍රශ්න ගැන සැලකිලිමත්වෙමින් බෙපිකොලම්බු මෙහෙයුම පර්යේෂණ ඉදිරියට ගෙන යනු ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තර ග්‍රහයන් පිළිබඳ වඩාත්ම හොඳ අවබෝධයක් ලබාගැනීමට බෙපිකොලම්බු මෙහෙයුම මග පාදනු ඇතැයි විශ්වාශ කෙරේ.

සෞර ග්‍රහ මණ්ඩල — අපේ සෞර ග්‍රහ මණ්ඩලය ගැනම පමණක් නොව පොදුවේ  සෞර ග්‍රහ මණ්ඩල — පරිණාමය ගැන විශේෂයෙන්ම බහිර් ග්‍රහ පද්ධතිවල සිය තාරකා(සූර්යයන්) ආසන්නයේ කක්ෂගත ග්‍රහ ලෝක බිහිවන්නේ හා පරිණාමයවන්නේ කෙසේදැයි යන්න ගැන  බෙපිකොලම්බු මගින් තොරතුරු සපයනු ලැබෙතැයි අපේක්ෂිතයි.

Image result for Mercury Planetary Orbiter –MPO

මෙම මෙහෙයුම විද්‍යාත්මක ඕබිටර්(කක්ෂගත) යාන දෙකකින් සමන්විතය: යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ ‘බුද ග්‍රහලෝක කක්ෂගත යානය(Mercury Planetary Orbiter –MPO හෙවත් බෙපි)’ සහ  ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ ‘බුද චුම්භක ගෝල  කක්ෂගත යානය(Mercury Magnetospheric Orbiter – MMO හෙවත් මියෝ)’ එම යානා දෙකයි. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය තැනූ බුද හුවමාරු මොඩුලය (Mercury Transfer Module හෙවත් MTM) සූර්ය විදුලිබල ප්‍රවලනය සහ ගුරුත්ව ආධාරිත ආසන්න ගමන් යන දෙකම උපයෝගී කරගනිමින් ඕබිටර් යානා දෙක බුද ග්‍රහයා කරා ගෙනයනු ඇත.

Image result for Mercury Magnetospheric Orbiter

අධිඅපේක්ෂා සහිත මෙම සත් අවුරුදු මෙහෙයුමෙදී යානා බුද කක්ෂයට ඇතුල්වීමට පෙර පෘථිවිය ආසන්නයෙන් වරක්ද, සිකුරු ග්‍රහයා ආසන්නයෙන් දෙවරක් ද බුද ආසන්නයෙන් හය වරක්ද ගමන් කරනු ඇත.

මෙහෙයුම මුහුණ පාන ප්‍රධාන අභියෝගයක් වනුයේ සුර්යාගේ අති දැවැන්ත ගුරුත්වයෙහි බලපෑමයි. මේ හේතුව නිසා බුද වටා ස්ථාවර කක්ෂයක ඕබිටර් යානා තැබීම දුෂ්කර කාර්යයකි. ඇත්තටම ප්ලූටෝ වෙත සිදුකෙරෙන මෙහෙයුමකට වඩා වැඩි බලයක් මෙ මෙහෙයුමට අවශ්‍යවේ. දියත් කිරීමෙන් පසුව  බෙපිකොලම්බු  සූර්යයාගේ ගුරුත්වමය ‘ඇදිල්ලෙන්’ ගැලවීමට නිරතුරුවම ක්‍රියා කිරීමට සිදුවේ.

Image result for gravitational pull of sun on bepicolombo

ගමනේ යෙදී සිටින අදියරයේදී, දීර්ඝ කාලසීමාවන් තුල අවශ්‍යවන පහත මට්ටමේ තෙරපුම   හි ඇති අයන තෙරපුම්කාරක(ion thrusters)   මගින් සැපයේ. මිට අමතරව, චාරිකාවේදී සහ පසුව බුද ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී ද  අත්විඳින අධි-තිව්‍ර සූර්ය බලපෑම් සැලකිල්ලට ගනිමින් මෙහෙයුම සඳහා නව තාක්ෂණයන් වැඩිදියුණු කිරිමටද සිදුවිය. අධිඋෂ්ණත්ව ආලේප(high-temperature coatings), බහු-ස්තර පරිවරක(multi-layered insulation), MPO සඳහා විකිරකයක්(a radiator), MPO සඳහා නව භ්‍රමණ ශිල්ප ක්‍රමයක්(spin-technique) එම නව  තාකෂණ අතරවේ. මෙම ඕබිටර් යානා දෙකට චාරිකා අවස්ථාවෙහිදී ද ඒවායේ ඇතැම් උපකරණ භාවිතයට ගත හැකි වීම විශේෂත්වයකි. මන්ද, අතරමගදී(නිදසුනකට සිකුරු ග්‍රහයා ආසන්නයේ දී) විද්‍යාත්මක වශයෙන්  වටිනා තොරතුරු එක් රැස් කර ගැනීමට හැකි බැවිනි.

ESA Science  වෙබ් අඩවියෙහි Call for Media: BepiColombo launch to Mercury ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.