මනාව පාලිත වන විද්‍යාත්මක මෙහෙයුම් මහා බළලුන් සංරක්ෂණයට මඟ පෑදිය හැකි ය.
ඇමරිකා මහද්වීපවල විශාලතම මහා බළලුන්වන ජගුවරයන්ට(jaguars) සිය දිවි ගෙවිම පිණිස විශාල ඉඩකඩක් අවශ්‍ය වේ. පිරිමි සතෙකු අඹුවන් සහ ගොදුරු සෙවීම පිණිස වර්ග කිලෝ මීටර් දශ ගණන් ප්‍රදේශයක් පුරා සැරිසැරීමට පුළුවන. එහෙත් ගොවිපල, බෝග වගාවන් සහ අනෙකුත් ස්වරූපයේ සංවර්ධන නිවර්තන වනාන්තර ගිල ගනිද්දී මේ බියකරු විලෝපියන්ට ඔවුන්ගේ භූමිය අහිමි වෙමින් පවතී.
කෙසේ වෙතත් Biological Conservation සඟරාවෙහි අප්‍රියෙල් කලාපයේ පළ කර ඇති වාර්තාවක් යම් බලාපොරොත්තුවක් ගෙන ඒමට සමත් වෙයි. සැන්දියාගො සත්ව උද්‍යානයේ වනජීවී සංරක්ෂණ සංගමයේ සහ පේරු ජාතික වනාන්තර සහ වනජීවී සේවාවේ විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත්තේ ගෝතමාලාවේ සහ පේරු රාජ්‍යයේ සුළු වශයෙන් දැව කපා ඇති වනාන්තරවල ජගුවර ගහණ ඝනත්වය ආරක්ෂිත ප්‍රදේශවල සහ වෙනත් ගුණාත්මක භාවයෙන් ඉහල වාසස්ථානවල වෙසෙන ජගුවරයන් තරමටම සමාන මට්ටමක පවතින බවයි. මේ වනාන්තර ස්වාධීන විද්‍යාඥයන් විසින් ‘හොඳින් කළමනාකරණය කරන ලද’ වනාන්තර ලෙස සහතික කරනු ලැබ ඇත. බළල් පවුලේ සාමාජිකයන් විශාල පරාසයකට ඒ ආකාරයේ වනාන්තර වැදගත් වාසස්ථාන තීරු සපයන බවට දැනටමත් ඇති, එන්ට එන්ට ම වැඩිව්න සාක්ෂි සම්භාරයට මේ අධ්‍යයනය ද එකතුවෙයි.
පර්යේෂකයෝ, අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා, මට්ටම් තුනක ආරක්ෂාවක් සපයන රක්ෂිත ප්‍රදේශයක්වන ගෝතමාලාවේ මායා ජීවගෝල සංරක්ෂිතය තුළ සපයා ඇති දැව කැපීමේ සහන ගැන සොයා බැලූහ. මට්ටම් තුන මෙසේය: ජාතික වනෝද්‍යාන වලින් සමන්විත හර ප්‍රදේශය (core area), ගොවිතැන සහ ගොවිපළට ඉඩ සලසන සීමාන්තරික කලාපයක්(buffer zone) සහ දැව සීමිතව කැපීමට ඉඩදෙන පශු පාලනයට ඉඩ නොදෙන බහු ප්‍රයෝජන ප්‍රදේශයක්(multiuse area) යනුවෙනි. රක්ෂිතය තුළ සියලු වගාකටයුතු ලාභ නොපතන ස්වාධීන ආයතනයක් වන Forest Stewardship Council (වන භාරකාර මණ්ඩලය) — FSC වශයෙන් වඩාත් ප්රකටව කෙටියෙන් හඳුන්වනු ලබන ආයතනය මගින් සහතික කළ යුතු වේ. 1993 දී පිහිටුවා ගනු ලැබූ FSC ආයතනය සංරක්ෂණ හා සමාගම් කණ්ඩායම් කොන්සෝටියමක්(consortium) හෙවත් එක්තැන් සමියක් විසින් ඉතා අඩු සීඝ්‍රතාවයක දැව කැපීමට අවසර ලබාදෙන ප්රමිතීන් නියම කරනු ලබයි.
අධ්‍යයනයට ලක් කෙරෙන වනාන්තර ප්‍රදේශවල දඩයම් කිරීම දැඩිව තහනම් කරනු ලැබ ඇති අතර ප්‍රවේශ මාර්ග සියල්ල හොඳින් ආරක්ෂා කරනු ලැබෙ. (රක්ශිතයේ වෙනත් ස්ථානවල ආහාරයට ගැනීමට සඳහා පමණක් සිදුකරන දඩයම යම් ප්‍රමාණයකට සිදුවෙන බව නිරීක්ෂණය කරනු ලැබ ඇත) පර්යේෂකයෝ, මායා ජීවගෝල රක්ෂිතයේ ජගුවර ගහන ඝනත්වය, බොලීවියාවේ ග්‍රෑන් චැකෝ ප්‍රදේශය (Gran Chaco) එමෙන්ම බ්‍රසීලයේ එමාස් ජාතික වනෝද්‍යානය වැනි සමාන වාසස්ථානවල ඝනත්වය හා ගැලපේදැයි නිර්ණය කිරීමට කැමරා උගුල් සහ පරිගණක ආකෘති ආදී නවීන උපකරණ උපයෝගී කර ගත්හ. පේරු රාජ්‍යයේ FSC විසින් සහතික කරන ලද වනාන්තර ඇමසන්න් ද්‍රෝණියේ පළාතේද මෙම ශිල්ප ක්රමයම යොදාගත් අතර ඒවායේ ඊටත් වඩා ජගුවර ඝනත්වයක් ඇති බව සොයාගත්හ. ගෝතමාලාවේ මෙන්ම පේරු රාජ්‍යයන් හි දී ද මහා බිළාලයන්ගේ ගොදුරු සතුන් ඇතුලත්ව තවත් ක්ෂීරපායි 20කට වැඩියෙන් සොයා ගැනීමට සමත් විය. (ගස් කැපීම නිසා) රුක් වියන එළිපෙහෙළි වීම හේතුවෙන් මේ සතුන් ආහාරයට ගන්නා ශාක වර්ධනය වීම වැඩි වූවා විය හැකිය.
මද වශයෙන් දැව කැපීම වනයේ ජගුවර සංරක්ෂණයට වැදගත් වෙන හැටි පෙන්නුම් කරන අනෙකුත් පර්යේෂණ වල සොයාගැනිම් ද මෙම අධ්‍යයනයෙන් ද යළිත් තහවුරු වී ඇතැයි ඊට සම්බන්ධ නොවූවකු වන ආනන්ද් රූප්සින්ද් කියා සිටී. රූප්සින්ද් බොයිස් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පශ්චාත් ආචාර්ය උපාධි අපේක්ෂක සාමාජිකයෙකි. FSC ට සංරක්ෂණවාදීන් අතරේ සැලකිය යුතු සහයෝගයක් පළවේ. එහෙත් සමහරු එම වැඩසටහනේ ඇතැම් අංග, විශේෂයෙන්ම අරමුණු අතරේ ඝට්ටනයක් ඇති වීමට තුඩු දෙන අංග විවේචනයට ලක් කරති. නිදසුනක් දක්වතොත්, සහතික ලබාගන්නේ දැව කපන සමාගම් සෘජුවම කුලී පදනම මත සේවය ලබාගන්නා සහතික කරන්නන් මගිනි.
කෙසේ වෙතත් රූප්සින්ද් සහ වන ජීවී සංරක්ෂණ සංගමයේ ජගුවර සංරක්ෂණ වැඩසටහෙනෙහි සම්බන්ධීකාරක මෙම අධ්‍යයනයේ සම කර්තෘ ජොන් පොලිසාර් යන දෙදෙනාම අවධානය යොමු කරන්නේ තදින් ආරක්ෂිත ප්‍රදේශ අතර ඇති මද වශයෙන් දැව කැපූ මෙම ප්‍රදේශ වැදගත් සංක්‍රමණික ගමන් මගක්ලෙස ක්‍රියාත්මක කළ හැකි බවයි. “අපි වනාන්තර ඉතා හොඳින් කළමනාකරණය කළහොත් විශාල ක්ෂීරපායී සතුන්ට ඇතිවන බලපෑම අවමයි. ගොවිපල හෝ තාක්ෂණික බිම් බවට වනාන්තර හරවනවනවාට වඩා මෙය හොඳය”. රූප්සින්ද් සහ පොලිසාර් යන දෙදෙනා තවත් අඩියක් ඉදිරියට තබති. ජගුවර ඝනත්වය හොදින් පවතී නම් වනාන්තරය හොඳින් කළමනාකරණය කර ඇතැයි තේරුම්ගත හැකියයි ඔහු කියයි.
SCIENTIFIC AMERICAN August, 2018 සඟරාවෙහි Can Logging Help Jaguars? යන ලිපිය ඇසුරෙනි