සැමට විදු නැන නුවණ – Science Literacy for All

සංකල්ප සාර සංග්‍රහය 100: නිර්බාධ වෙළඳාම එරෙහි ආරක්ෂණවාදය (Free trade vs. protectionism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

නිර්බාධ හෙවත් නිදහස් වෙළඳාම යනු කිසිදු සීමා කිරීමකට යටත් නොවී රටවල් අතර වෙළඳාමට ඉඩ සලසන පිළිවෙතයි.  නිදහස් වෙළඳාමට ඇති බාධා, සලාක( quotas – ආනයන පරිමාව භෞතික වශයෙන් සීමා කිරීම), තීරු බදු(ආනයන සහ අපනයන මත පැනවෙන බදු), විනිමය පාලනයන්(ආනයන මිළට ගැනීම් සඳහා ලබාදෙන විදේශ මුදල් ප්‍රමාණය මත මහා බැංකු පනවන සීමාකිරීම් හෝ දේශීය නිෂ්පාදකයන්ට සපයන සහනාධාර  යන ආකාර ගනී.  ‘ආරක්ෂණය’ යන්නෙන් දැක්වෙන්නේ මෙකි සීමාකිරීමේ පියවරවල ප්‍රතිඵලයයි — එනම් අන්තර්ජාතික තරඟයේ පූර්ණ බලපෑමෙන් තම රට ආරක්ෂා කිරීමෙ පිළිවෙතයි.

Image result for protectionism

කිසියම් එක් රටක් යම් නිෂ්පාදනයක් තැනිමට විශේෂ හැකියාවක් දක්වන්නේ නම් හෝ සුවිශේෂී සම්පත් වලින් ගහණ නම් එම රට මහා කාර්යක්ෂමතාවකට මග පාදන බවත් ඒ අනුව අනෙකුත් රටවලට නිදහසේ(නිර්බාධිතව) නිෂ්පාදනය අපනයනය කිරීමට ඉඩ සලසන්නේ නම් සමස්ත වශයෙන් මහා ධනයකට දායක වන බවත් ඇඩම් ස්මිත්  සිය නම් සුප්‍රකට ග්‍රන්ථයෙන් ප්‍රකාශ කර සිටින තුරු ආරක්ෂණවාදය  ලොව පුරා බොහෝ සේ පිළිගත් ස්වරූපයක් මෙන් පැවතින.

ඇඩම් ස්මිත්  අනුව යමින් නිදහස් වෙළඳමට ආවඩන්නෝ දහ නවවන සියවසේදී කියා සිටියේ ආරක්ෂණයෙන් වාසි සැලසෙන්නේ සුළු නිෂ්පාදක පිරිසකට පමණක් බවයි. ඒ රටේ සෙසු පිරිසට අවාසිවන අන්දමටය. බ්‍රිතාඥ ගොවීන්ට වාසි සැලසීම උදෙසා ධාන්‍ය වල දේශීය මිළ ඉහලින් තබාගනු වස් ආනයන සීමා කිරීමට මග පෑදු ධාන්‍ය නීති ගැන ඔවුහු විෂේශයෙන්ම සඳහන් කළහ.  කෙසේවෙතත් මේ හේතුවෙන් පාන් සඳහා බ්‍රිතාඥ ශ්‍රමිකයන්ට වැඩිමිලක් ගෙවිමට සිදුවූ අතර එහි ප්‍රතිඵලයක් හැටියට  ශ්‍රමිකයන්ට හිමිවූයේ සිය නිෂ්පාදන මිළට ගනීමට ප්‍රමාණවත් නොවන සුළු අතිරේක මුදලක් පමණක් බවට නිෂ්පාදකයෝ මැසිවිලි නැගූහ.

Related image

Image result for corn laws

ධාන්‍ය නීති 1846 දී ඉවත් කර ගනු ලැබුව ද, ආරක්ෂණ පියවර අන්තර්ජාතික වෙළඳාමේ දී  විශේෂයෙන්ම ආර්ථික අවපාතයන් වලදී සම්මතය ලෙස  දිගටම පැවතිණ. විසිවැනි සියවසේ දෙවැනි අර්ධයේ දී ජාත්‍යාන්තර නිදහස් වෙළඳ කලාප සහ  පොදු වෙළඳපොළ ගණනාවක්ම පිහිටුවනු ලැබූ   නමුත් එවායින් ද සාමාජික නොවනන්නන්ට දිගටම  වෙළඳ බාධක නිර්මාණයවී තිබිණ. අන්තර්ජාතික වශයෙන් වෙළඳාම නිදහස්ව තබා ගැනිම පිණිස ලෝක වෙළඳ සංවිධානය(World Trade Organization) නිතිපතා සාකච්ඡා වට පවත්වයි. එසේවුව ද, සමහරු තර්ක කරන්නේ සාපේක්ෂව දුක්පත් රටවල ආර්ථික දියුණුව පරදුවට තබා පොහොසත් රටවලට වාසි සැලසීමේ නැඹුරුවක් සිමාකිරීමකින් තොර නිදහස් වෙළඳාම සතු බවටයි

Related image

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එනFree trade vs. protectionism කොටස ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: