පොදුවේ ගත් කල, මූල ද්‍රව්‍ය සම්පූර්ණ ආවර්තිතා වගුවක්ම අප හමුවේ තිබුණේ වී නමුත් දිගු කාලයක් මුළුල්ලේම හොඳ බැටරියක් සෙවීමේ එකම ක්‍රමය වශයෙන් පවතින්නේ තැත් වැරදි ක්‍රමයයි(trial and error) ‘‘බැටරි ගැන සාම්ප්රදායාණුකූලව සිදු කෙරෙන පර්යේෂණ අනුභූතවාදීය’’ යයි ආර්ගෝන් හි ද්‍රව්‍ය විද්‍යාඥ ජෝර්ජ් චැම්බර්ලේන් පවසයි, “අප කරන්නේ තිබෙන දැනුම යොදාගෙන යම් ද්‍රව්‍යයක් ගැන සොයා බලන එකයි. ඒ ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කරන්නේ ඊට පස්සෙයි”.

එහෙත් දැන් මෙය වෙනස් වෙමන් පවතී. තොරතුරු තාක්ෂණ විප්ලවයේ ප්‍රතිඵල යොදාගෙන ඒ ආකාරයේම විප්ලවයක් බලශක්ති ක්ෂේත්රයේ සිදු කිරීම අප දැන් පටන් ගෙන ඇත්තෙමු. සුපිරි පරිඝනක(Supercomputers) එවන් එක් මෙවලමකි. විවිධ අනුපාතයන්ගෙන් මූලද්‍රව්‍ය සංයෝජන විශාල ප්‍රමාණයක් ගැන සොයා බලා බලශක්ති ඝනත්වය සහ ආරෝපණ වේලාව වැනි ගුණාංගයන් ප්රශස්ත මට්ටමකට පත් කිරීමට එවන් සුපිරි පරිඝනක යොදා ගත හැකිවේ. ‘‘ඉතින් අපි ඒ දත්ත උපයෝගී කර ගන්නේ යොදා ගත හැකි විවිධ ද්‍රව්‍ය කියන පිදුරුගොඬේ තියෙන ඉදිකටු සෙවීමට තැත් කිරීම සඳහා තමයි.’’ චැම්බලේන් තව දුරටත් සඳහන් කරයි.
එවන් එක් පද්ධතියක් වන්නේ විද්‍යුත් විචඡේදන ජෙනෝම(Electrolyte Genome) වැඩසටහනයි. මෙය කැලිෆෝනියාවේ, ලෝරන්ස් බර්ක්ලි ජාතික පරීක්ෂණාගාරය සමග සහයෝගීතාවයෙන් ආගෝන් ක්‍රියාවට නංවන්නකි. නව බැටරියක් තැනීමට විභවයක් සහිත රසායනමය ද්‍රව්‍යයන් දහස් ගණන් ගැන සොයා බලමින් බලාපොරොත්තු තැබිය හැකි ද්‍රව්‍ය සොයා ගැනීමට මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ. එය පදනම් කරගෙන ආගෝන් පර්යේෂකයෝ ආරෝපණය දැරීම සහ ගබඩා කිරීම සඳහා මෑතක දී (ලිතියම් වෙනුවට) මැග්නීසියම් අයන යොදා ගන්නා බැටරියක මූලාකෘතියක් තැනූහ. ලිතියම් අයන වල ඇති තනි ධන ආරෝපණය හා සසඳන විට මැග්නීසියම් අයන සතුව ධන ආරෝපණ දෙකක් ඇත. එසේ තිබීමෙන්, ශක්තිය ගබඩා කිරීමට ඒවාට ඇති ධාරිතාව දෙගුණ කෙරේ. කෙසේ වෙතත්, ඒවා බොහෝ විට දක්නට ලැබෙන්නේ අනෙකුත් මූලද්‍රව්‍ය සමග සංයෝජනයකිනි. මෙය නව මාර්ග වලින් විසඳා ගත යුතු ප්‍රශ්නයක් වන්නේය.
පරිගණකයමය ප්‍රවේශය තුළ තවත් ඉලක්කයක් වනුයේ ගැලීම් බැටරිය(flow batteries). මෙම බැටරි තුළ ගබඩා කෙරෙන සියළු ද්‍රව්‍ය ද්‍රාවණයක් ලෙස සියල්ල දියර බවට පත් කෙරෙන්නේ සුවිශේෂීව පුළුල් පරාසයක මූලද්‍රව්‍ය සම්මිශ්රණයට ඉඩ සලසමිනි. ගැලීම් බැටරිවල පවතින්නේ අනෙකුත් නවෝත්පාදක තාක්ෂණයන්ට වඩා පහළ බලශක්ති ඝනත්ව වුවද ඒවා බෙහෙවින් මිල අඩුය. ‘‘ශක්තිය ගබඩා කිරීම හා මුදා හැරීම සඳහා අප සොයමින් සිටින්නේ හැකියාවෙන් අනූන, ක්‍රියාකාරී මූලද්‍රව්‍යයන් මෙන්ම බහුලව ඇති, ලාභදායී මෙන්ම බහුකාර්ය කාබනික සංයෝගයි” ක්‍රැබ්ට්‍රී කියා සිටියි. මේ වනවිට සුපිරි පරිඝනක යොදා ගනිමින් 16,000 ක් පරීක්ෂාවට ලක් කර අවසන්ය. ‘‘හොඳ බැටරියක් හොයන එක ද්‍රව්‍ය ගොඩකින් සමන්විත පිදුරුගොඬේ ඉඳිකටුවක් හොයනවා වගෙයි.’’