සැමට විදු නැන නුවණ – Science Literacy for All

පෘථිවිය වටා පාවෙන ධූලි චන්ද්‍රයන් ඇති බව සනාථ වේ

1961 වසරේදී ප්‍රථම වරට අනාවරණය කෙරුනු “කෝර්ඩයිලෙව්ස්කි”  දූවිලි වලාවන්ගේ පැවැත්ම සනාථ කිරීමට තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇතැයි රාජකීය තාරකා විද්‍යා සංගමය නිවේදනය කරයි.  පෘථිවිය සහ (පෘථිවි) චන්ද්‍රයා අතර සෑදෙන ඡායාමාත්‍ර වලාන් ගැන මුල්ම වාර්තාව ඉදිරිපත් කරන ලද්දේ පෝලන්ත ජාතික කැශිමියර්ස් කොර්ඩ්යිලෙව්ස්කි විසිනි.මෙම චන්ද්‍රිකාව කොතරම් මලානිකද, නිරීක්ෂණයට අසීරුදැයි කියතොත් ඔහුගේ ප්‍රකාශය ඒ අවස්ථාවේ ආන්දෝලනයකට තුඩු දුන්නේය.දැන් ඉන් අනතුරුව දශක හයක් ගත වීමටත් ආසන්න කාලයකදී හංගේරියානු තාරකා විද්‍යාඥයන් හා භෞතික විද්‍යාඥයන් පිරිසක් විසින් මේ වලාවන්හි පැවැත්ම සහතික කර ඇත. මේ වළාවන් පෘථිවිය හා චන්ද්‍රයා අතර අර්ධ-ස්ථායී ලක්ෂ්‍යවල පිහිටා ඇත්තේ පෘථිවියට කිලෝමීටර 400,000 ඈතින් පාවෙමින් ය

“කෝර්ඩයිලෙව්ස්කි”  දූවිලි වලා

පෘථිවිය හා චන්ද්‍රයා අතර ස්ථායිතා ලක්ෂ්‍ය(points of stability)  පහක් පමණ ඇත. ඒවායේ පිහිටි වස්තුවල සාපේක්ෂ පිහිටීම පවත්වාගෙන යනු ලබන්නේ ගුරුත්වාකර්ෂණ බල මගිනි. මේ පහ අතුරෙන් L4 සහ ළL5 යනුවෙන් නම්කර ඇති ලක්ෂ්‍ය හඳුන්වනු ලබන්නේ ලැග්රැන්ග් ලක්ෂ්‍ය ලෙසිනි.  මෙම ලක්ෂ්‍ය පෘථිවිය හා චන්ද්‍රයා අතර සමපාද ත්‍රිකෝණයක් සාදයි. චන්ද්‍රයා සිය කක්ෂය දිගේ ගමන් කරන විට මෙම ලක්ෂ්‍ය ද පෘථිවිය වටා ගමන් කරයි.

එසේ වුවද සූර්යයාගේ ගුරුත්ව බලය හේතුවෙන් කැලඹෙන නිසා සහ යන ලක්ෂ්‍ය දෙක සම්පූර්ණයෙන් ස්ථායි නොවෙයි. එසේ වුව ද අඩු තරමින් තාවකාලිකව හෝ ඒවා ග්‍රහලෝක අතර  දූවිලි  එකතු කරන ස්ථාන යයි ද විශ්වාස කෙරේ.

ඒවා අපට හුරුපුරුදු චන්ද්‍රයකු මෙන් නොපෙනෙන්නට පුළුවන් වුවද මේ ධූලි වලාවන් (ඉහත රූපයේ දක්වා ඇත්තේ L5 ලක්ෂ්‍යෙය් ඇති වලාකුළයි.) චන්ද්‍රයා මෙන්  දළ වශයෙන් සමාන දුරකින් පෘථිවිය වටා කක්ෂගතව ගමන් කරයි. මේවා සොයා ගැනීමට මඟ පෑදූ නව අධ්‍යයනයකදී  දූවිලි වලාවන් සෑදෙන්නේ කෙසේද ඒවා පෘථිවියේ සිට සොයා ගැනීමට හැකි වන්නේ කෙලෙසද යන්න දැනගැනීම සඳහා ගණිතමය විඩම්බන(mathematical simulation) යොදාගනු ලැබීය.

කාචයට  ධ්‍රැවණයවන පෙරණ සවි කළ ඩිජිටල් කැමරාවක සහිතව  හන්ගේරියාවේ පෞද්ගලික නිරීක්ෂණාගාරයේ දී පර්යේෂකයෝ L5 ලක්ෂ්‍යයේදී කොර්ඩයිලෙව්ස්කි වලාවේ අදහස් කළ පිහිටීමේ නිරාවරණය  ලබාගත්හ. දීර්ඝ කාලයක් අධ්‍යයනය කිරීමෙන් පසුව ඔවුනට පෙනී ගියේ දූලි වලාවෙන් පරාවර්තනය වන ධ්‍රැවනය වූ  ආලෝක කැමරා කාචයේ දර්ශක ක්ෂේත්‍රයට වඩා බෙහෙවින් ඈතට විහිදෙන බවයි.

අනතුරුව ඔවුහු දූවිලි වලා සෙවීමට ලකලෑස්ති වූහ “කොර්ඩෙයිලෙව්ස්කි වළාවන්  දෙක තමයි සොයාගන්න අපහසුම වස්තුන්. ඉතින් ඒවා චන්ද්‍රයා තරමටම පෘථිවියට ආසන්න වුණත් තාරකා විද්‍යාව පිළිබඳ  පර්යේෂණයේ යෙදෙන්නන් විසින් බොහෝ සේ නොසලකා හැර තිබෙනවා“ යයි  බුඩාපෙස්ට් හී  Eötvös Loránd  විශ්වවිද්‍යාලයෙ තාරකා විද්‍යාඥවරියක වන Judit Slíz-Balogh  ඔවුන්ගේ සොයා ගැනීම ගැන අදහස් දක්වමින් කියා සිටී. අධ්‍යනයේ ප්‍රධාන කතුවරිය වන්නේ ද ඇයයි.

“අපේ චන්ද්‍රයා  ආසන්නයේ කක්ෂයක ව්‍යාජ චන්ද්‍රිකා දූවිලි කක්ෂගතව තිබෙන බව සනාථ කිරීම කුතුහලය දනවන සුළුයි”  අධ්‍යනය ගැන අදහස් දක්වන රාජකීය තාරකා විද්‍යා සංගමයේ මාසික දැන්වීමේ දැක්වේ.

Image result for Elusive Dust Moons

L4, L5 යන ලක්ෂ්‍ය අභ්‍යවකාශ මධ්‍යස්ථාන  රැඳවීමට සුදුසු කක්ෂ ලෙස පිළිගැනිමක් ද ඇත. ඒවා කොතෙක් දුරට ස්ථායී ද, එමෙන්ම එවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානවලට හා ඒවායේ උපකරණවල්ට කෙතරම් තර්ජනයක්  ඒවායින් එල්ල වේ ද යනාදී කරුණු සම්බන්ධයෙන්  කොර්ඩෙයිලෙව්ස්කි වළාවන්  ගැන අනාගතයේදී සිදුකෙරෙන පර්යේෂණවලදී සොයා බලනු ඇත.

 

Monthly Notices of the Royal Astronomical Society පදනම් කරගෙන SPACE.COM හී පළවූ Signs of Earth’s Weird, Elusive ‘Dust Moons’ Finally Spotted ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: