වයස්ගත වන ජනගහනය ජාතික හා ගෝලීය වශයෙන් අභියෝගයකි

Posted by

ඇමරිකා එක්සත් ජනපදයේ  වයස අවුරුදු 65 ට හෝ ඊට වැඩි ජනගහනය 2050 වන විට දෙගුණයකටත් වඩා වැඩි වෙතැයි ගණන් බලා තිබේ. බහුවිධ නිදන්ගත රෝග තත්ත්වයන් මෙන්ම ස්වාධීනව ගත කිරීමේ හැකියාව ක්‍රමයෙන් හීන වෙමින් පවතිද්දීම  වැඩි කලක් ජීවත්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙයි.   ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් පූර්ණ සහන සත්කාර සැපයිය යුතුවන වයස අනුපාතය, 2010 සිට 2030 වනවිට ඉහළයතැයි අපේක්ෂා කරන්නේ සියයට එකකින් පමණක් වීම මෙම අභියෝගය තවත් සංකීර්ණ වන්නක් ලෙස සැලකේ. මේ තත්ත්වය සැලකිල්ලට ගත යුත්තේ දිගුකාලීන සේවාවන් සහ සහයෝගය අවශ්‍ය වන සංඛ්‍යාව දැවැන්ත සංඛ්‍යාවකින් එනම් සියයට 79 කින් ඉහළ යතැයි ප්‍රක්ෂේපණය කර  තිබෙන පසුබිමකය.

Related image

මේ සංසිද්ධිය ඇමරිකා එක්සත් ජනපදයට පමණක් සීමා වූවක් නොවේ. ජනගහනය වයස්ගතවීමේ අභියෝගය ලොව පුරා සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ පාන හෝ මුහුණපෑමට සිදුවන්නලි. ගෝලීය වශයෙන් ගත්කල 2015දී ජනගහනයෙන් 8.5% ක් වූ වැඩිහිටි ජනතාව 2050 වන විට 16.7% ක් වෙතැයි ප්‍රක්ෂේපිතයි.

ජනගහනය වයස්ගතවීම, සාඵල‍යතා අනුපාත අඩු වීම සහ ආයු අපේක්ෂාව ඉහල යාම යන සාධක දෙකෙහිම එකතුවේ ප්‍රතිඵලයකි. උපදින ළමුන් සංඛ්‍යාව පහල වැටෙත්ම වැඩ කරන වයස් සීමාවේ අය සහ ඊට වඩා වයසින් වැඩි පිරිස ජනගහනය තුළ අනුපාතිකව ඉහළ යයි.  ලොව පුරා වයස අවුරුදු 60 හෝ ඊට වැඩි සංඛ්‍යාව 2047 වන විට ළමුන්ගේ සංඛ්‍යාව ඉක්මවතැයි අපේක්ෂිතයි. අතීතයේදී ජනගහන තුළ ඒ ආකාරයෙන් වයස් කණ්ඩායම් අතර අනුපාතය විස්ථාපනය සිදුවීමට තුඩු දුන්නේ,( ප්‍රංශයේ සිදු වූවාක් වැනි) ශතවර්ෂයක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේය. මෑතක වේගය ඉහළ ගොස් ඇත්තේ මෙකී මහා පරිමාණ ජන විකාශන විද්‍යාත්මක පීඩනයන්ට ගැලපීම සඳහා ඇතැම් රටවලට දශක කිහිපයක් පමණක් ඉතිරි කරමිනි. බ්‍රසීලය, චීනය, සහ ඉන්දියාව මෙකී රටවලට උදාහරණයි. මෙහිම බලපෑමක් ලෙස   වයස්ගත වැඩිහිටියන් ට සත්කාර පිණිස සිටින සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංඛ්‍යාවෙහි  විශාල  හිඟයක් ඇති වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.  ඇමරිකා එක්සත් ජනපදයෙහි මෙන්ම ලොව පුරා මේ තත්ත්වය මඟ හරවා ගැනීමට උපකාරී වන තාක්ෂණික පිළියම් මගින් ක්‍රම නොයෙදුවහොත් ඇතිවන ප්‍රතිඵලය වන්නේ රෝගී සත්කාර දුර්වල වීමයි.

Related image

ලෝක ජනගහනය වයස්ගත වීම මහා විපර්යාසයන්ට මුල් වනු ඇත. මෙකී විපර්යාසයන් හොඳ අතට යා ද නරක අතට හැරේවි ද යන්න රඳා පවතින්නේ ක්‍රියාකාරීව හා සෞඛ්‍ය සම්පන්නව වයසට යාම සහතික කිරීම පිණිස කල  හැක්කේ කුමක් ද යන්න මත ය. ශ්‍රම බලකායේ ප්‍රබල එමෙන්ම අත්දැකීම්වලින්  පරිපූර්ණ කොටසක් ලෙස සේවය කරන ජෙෂ්ඨයන්ට සම්බන්ධ ආර්ථික ඵලදායිතාව වයස්ගත වන ජනගහනය හේතුවෙන් සමාජ මට්ටමෙන් සැලකෙන වාසි අතරට ඇට්තුළත් වේ. වෙළෙඳපොළ ඇතුළත් ප්‍රධාන පෙලේ පාරිභෝගිකයන් වන වයස්ගතවන පුද්ගලයන්ගේ විශාල සංඛ්‍යා වද මෙහිදී සදහන් කළ යුතුය.

Related image

කෙසේවෙතත් දැනට නම් බඹරය කරකැවෙන්නේ අවාසිදායක දිශාවටය. ලොව පුරා සිදුවන ම්රණ හා රෝගීබවේ බරෙන් හතරෙන් එකක් පමණ කේන්ද්‍රගතව ඇත්තේ වයස 60 හෝ ඊට වැඩි ජනතාව අතරය. වයස්ගත වීමට සහ ගිලන්වීම(ග්ලාන්‍යය ) අතර දැඩි සම්බන්ධතාවය සැලකිල්ලට ගනිද්දී වයසට යන ජනගහනයට සෞඛ්‍ය හා සමාජ සත්කාරය වෙනුවෙන් යොදවන මහජන මුදල් ( පොදු මුදල්) අනුපාතිකය ශීඝ්‍රයෙන් ඉහළ යතැයි අපේක්ෂා කරන අතර ඇතැම් විට ලොවපුරා ආර්ථික ස්ථාවරත්වයට ද තර්ජනයක් විය හැකිය. කාලය යටිතල පහසුකම් සහ ලබාගතහැකි සම්පත්වල සීමිත බව හමුවේ මෙම අභියෝගය ජය ගැනීමට නම් පුළුල් එමෙන්ම ක්‍රියාවට  නැංවිය හැකි වෙනස්කම් සැලසුම්කර ජනගහන මට්ටමෙන් හෝ ක්‍රියාත්මක කළ යුතු වේ.

විකලාංග තාව නැතිනම් අබලතාව(disability) ඕනෑම වයසක පුද්ගලයකුට බලපෑ හැකි නමුත් සුලභව දැකිය හැක්කේ වයස්ගත ජනතාව අතරය. විකලාංගතාව හොඳින් අවබෝධ කරගැනීමේද ප්‍රයත්න වල දී එය නෛසර්ගික ගුණාංග සහ පුද්ගල මට්ටමේ විපර්යාසයන් ( උදාහරණ ජාන විද්‍යාත්මක,  චර්යාමය හෝ ජීවන රටාව තුළින් සිදුකරන තේරීම් )වශයෙන් සහ පිටතින් එන(බහිරස්ථ = extrinsic)  හෝ පාරිසරිකමය සාධක (උදාහරණ පොදු ප්‍රවාහන සේවය, සෞඛ්‍ය සංරක්ෂණය සහ මුලික පහසුකම් ලබා ගැනීම) වශයෙන් හෝ සංවිධානය කර ගත හැක.  පසුව දැක් වූ දෙයට පිළියමක් යෙදීමට නම්, වයස්ගත වෙමින් පවතින ජනගහනයට යෝජිත ප්‍රතිචාර යෙහි කොටසක් රඳා පවතින්නේ  සෞඛ්‍ය හා සම්බන්ධයෙන් වගකීම සමාජයීය  අධෝව්‍යුහ ප්‍රවේශයක් දක්වා  පුළුල් කිරීම මතය.

ජනගහන සෞඛ්‍යය ඉලක්ක සහ අවශ්‍යතා සංවිධානය සඳහා තවත්  රාමුවක් වන්නේ ත්‍රිත්ව අරමුණ වේ. මෙයට දශකයකට පෙර  ඇමරිකා එක්සත් ජනපදයේ දී වැඩිදියුණු කෙරුණු මෙම උපාය මාර්ගයකට පසුව ලොව පුරා සංවිධාන 150කට වැඩි ප්‍රමාණයක් මගින් යොදාගනු ලැබ ඇත. ත්‍රිත්ව අරමුණෙහි එකිනෙකට බැඳුණු ඉලක්ක වන්නේ සත්කාරය පිළිබඳ පුද්ගල අත්දැකීම් වැඩි දියුණු කිරීම; ජනගහනයන්ගෙ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සහ ජනගහනයන්ට සත්කාර සැපයීම සඳහා වැයවන ඒකපුද්ගල වියදම අඩු කිරීමයි. එය ඉහළ අගයකින් යුතු සත්කාරක සේවා සැපයීම සඳහා වූ සැලැස්මකි.  වැඩිවෙමින් පවතින අපේ වයස්ගත ජනගහනයේ බොහෝ වූ අවශ්‍යතාවලට ගැලපෙන විසඳුම් සැලසුම් කිරීමේදී හා වැඩිදියුණු කිරීමේදී මග පෙන්වන බලවේගයක් ලෙස මෙම සැලැස්ම යොදාගැනීමට පුළුවන. සංකල්ප ගත කිරීමේ හා අවශ්‍යතාවයෙහි මෙම විස්ථාපන සමග අවට පරිසරය, සත්කාර සපයන්නන් හා සෞඛ්‍ය සත්කාර පද්ධතිය ඇතුළත් වන පරිදි පුද්ගලයන්ගෙන් ඔබ්බට ගොස්   තාක්ෂණය වැඩිදියුණු කිරීම හා යොදා ගැනීම පුළුල් වෙතැයි අපට අපේක්ෂා කළ හැකිය.

Using Technology to Improve Care of Older Adults (2018 Springer Publishing Company) ග්‍රන්ථයෙහි THE AGING POPULATION—A NATIONAL AND GLOBAL CHALLENGE කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.