නිව් කාසල් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විද්යාඥයෙකුයකු වන කොරි ගෙලැට්ලි විසින් සිදු කරන ලද පර්යේෂණ අනුව පිරිමියෙකුට තමන්ට දාව වැඩියෙන් ලැබෙන්නේ පුතුන් ද නැතිනම් දූවරුන් ද යන්න ඔහුගේ දෙමාපියන්ගෙන් උරුම කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇතැයි පෙනී යයි. මෙයින් අදහස් වන්නේ යම් පිරිමියෙකුට වැඩිපුර සිටින්නේ සහෝදරයින් නම් ඔහුට දාව පුතුන් වැඩියෙන් ලැබීමේ හැකියාව තිබෙන බවත් අනෙක් අතට එම පිරිමියාට වැඩියෙන් සිටින්නේ සහෝදරියන් නම් ඔහුට දූවරුන් ලැබීමේ අවස්ථාව වැඩි බවත්ය.
මෙම අධ්‍යයනයට වර්ෂ 1600 තරම් පැරණි කාලයක සිට ඇමරිකාවේ හා යුරෝපයේ උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ පුද්ගලයින් පන්ලක්ෂ පනස් හය දහස් තුන්සිය අසූ හත් දෙනෙක් සම්බන්ධ පවුල් 927 කට අදාළ පවුල් ගස්වල තොරතුරු ඇතුලත්ය. අලුත උපදින දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය හෙවත් ලිංගිකත්වය තීරණය කරන්නේ පුරුෂයාගේ ශුක ධාතු වල ඇති x හෝ y ක්රෝමසෝමය. ඵිරිමියාගෙ x ක්‍රෝමසෝමයක් ස්ත්‍රියගේ x ක්‍රෝමසෝමයක් සමග සම්බන්ධ වූ විට ලැබෙන්නේ බිළිඳියකි(XX). එසේ නැතිනම් y ක්‍රෝමසෝමයක් ස්ත්‍රියගේ x සමග සම්බන්ධ වූ විට ලැබෙන්නේ පිරිමි දරුවෙකි(xy).
නිව් කාසල් විශ්වවිද්‍යාලයේ මෙම අධ්‍යයනය මගින් හඟවන්නේ මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී තිබෙන ජානයක් පිරිමියෙකුගේ ශුක්රධාතුවල වැඩියෙන් අඩංගු වන්නේ x ක්‍රෝමසෝම ද නැතිනම් y ක්‍රෝමසෝම ද යන්න තීරණය කරන බවයි. ඉහත ද දක්වා අති පරි දි මෙම ක්‍රෝමසෝම තමයි එම පිරිමියාගේ දරුවන්ගේ ලිංගිකත්වය කෙරෙහි බලපාන්නේ. විශාල පරිමාණයෙන් ගත්විට ද ශුක්‍ර ධාතුවල x ක්‍රෝමසෝම වැඩියෙන් ඇති පිරිමි පුද්ගලයන් ප්‍රමාණය, ශුක්‍ර ධාතු වල y ක්‍රෝමසෝම වැඩියෙන් ඇති පිරිමින් හා සංසන්දනයේ දී, සෑම වසරකම උපදින දරුවන්ගේ ලිංගිකත්ව අනුපාතය කෙරෙහි බලපෑම් ඇති කරයි.
දුව ද? පුතා ද?
ජාන, දෙමාපියන්ගෙන් එක් එක් අයෙකුගෙන් උරුමවන, ඇලීල(alleles) යනුවෙන් හැඳින්වෙන කොටස් දෙකකින් යුක්තයි. ගෙලැට්ලිගේ පර්යේෂණ වාර්තාව අනුව, පිරිමින් සතුව ඇලීල වර්ග දෙකක් තිබිය හැකියි. ශුක්‍ර ධාතුවල x සහ y අනුපාතය පාලනය කරන ජානයක මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සංයෝජන තුනක් ඇතිවීමට පුළුවන.
- mm ලෙස දැක්වෙන ප්‍රථම සංයෝජනය සහිත පිරිමින් y ශුක්‍ර වැඩියෙන් නිපදවන අතර වැඩියෙන් පුතුන් ලැබේ.
- දෙවැන්න හැඳින්වෙන්නේ mf හැටියටය. එම සංයෝජනය දළ වශයෙන් x සහ y සමාන සංඛ්‍යාවක් නිපදවන අතර අඩුවැඩි වශයෙන් සමාන පුතුන් හා දූවරුන් ලැබේ.
- තුන්වැනි සංයෝජනය ff ලෙස දැක්වෙන අතර x ශුක්‍ර වැඩියෙන් නිපදවෙයි. ඒ අනුව වැඩියෙන් දූවරුන් ලැබේ.
“ජනගහනයක දළ වශයෙන් ගැහැණු පිරිමි තුලනයක් දක්නට ඇත්තේ මන්දයි යන්න මෙලෙස දෙමාපිය උරුමයෙන් ලැබෙන ජානය මගින් පැහැදිලි කරන්න පුළුවන් විය හැකියි. නිදසුනකට, ජනගහණයක ඕනෑවට වැඩිය පිරිමි සිටී නම කාන්තාවන්ට පහසුවෙන්ම සහකරුවෙකු සොයා ගත හැකියි. එවිට වැඩියෙන් දූවරුන් ලැබෙන පිරිමින්ට ඔවුන්ගේ ජාන ඊළඟ පරපුරට උරුම කිරීමෙන් පසු කලෙක ජනගහනයෙහි ස්ත්‍රීන් වැඩිවෙනවා” යයි ගෙලැට්ලි පෙන්වාදෙයි.
Science Daily හී පළ වූ Boy or Girl? It’s In the Father’s Genes යන ලිපිය ඇසුරෙනි