අනාගතය බලගැන්වීම: සූර්යාලෝකය ගබඩා කිරීම

ශක්තිය ගබඩා කිරීම හා මුදා හැරීම සඳහා වන ප්රයත්න කිහිපයක් ගැන අපි පසුගිය සතියේ කතා කළෙමු. සූර්යාලෝකය, සුළං, රැලි බලය වැනි පුනර්ජනනීය මූලන්ගෙන් ලැබෙන ශක්තිය ගබඩ්ඩ කිරීම ගැට්ළුව සම්බන්ධයෙන් එහි දී අවධානය යොමු විය. ‘‘හොඳ බැටරියක් හොයන එක ද්‍රව්‍ය ගොඩකින් සමන්විත පිදුරුගොඬේ ඉඳිකටුවක් හොයනවා වගෙයි.’’ යනුවෙන් ආර්ගෝන් හි ද්‍රව්‍ය විද්‍යාඥ ජෝර්ජ් චැම්බර්ලේන් සඳහන් කරන්නේ එහෙයිනි. අද ලිපියෙන් තවදුරටත් ඒ ගන කතා කරමු.
ගැටලුව පිටුපස ඇත්තේ අපේ වසර සියයක් පැරණි විදුලිබල බෙදාහැරීමේ ක්‍රමයයි. විදුලිබලය නිපද වූ සැනින් පාවිච්චියට ගැනීමට ඒ ක්‍රමය අනුව අපට සිදුවෙයි. නිදසුනක් දක්වතොත් පසුගිය වසරේ මාර්තු 20 දා සූර්ය ග්‍රහණයක් හේතුවෙන් ජර්මනියේ සූර්යතාප බලය ජනනය කිරීමේ ධාරිතාවෙන් ⅔ පැයක පමණ කාලයක් තුළ ඇනහිටියේය. ඉන් ඇතිවුන විදුලිබල මදි පාඩුව පියවීම පිණිස ජාල ක්‍රියාකරුවෝ ගල් අඟුරු ,වායු සහ ජල විදුලි බලාගාර මඟින් විකල්ප බලය ලබා ගැනීමට ක්‍රියා කළහ. එහෙත්, ප්‍රමාණවත් තරම් බැටරි බඩා කිරීමේ ශක්තිය තිබුණේ නම්(එ වන් ක්‍රියා මාර්ග වලට යොමුවන්නේ නැතුවම) සූර්යග්‍රහණය නොදැනීම අවසන් වන්නට ඉඩ තිබුණි.
අවශ්‍ය වූ මොහොතේ ලබාගැනීමට හැකි බලශක්ති මූලයක් ලෙස පොසිල ඉන්ධන හා තරග කිරීමට නම් ජාලවල ගබඩා කිරීමේ කටයුතු සඳහා වන බැටරි මිලෙන් ඉතා අඩු විය යුතුය. “අපේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පොළොවේ සිදුරක් විදිම ඉතාම වියදම් අඩු ක්‍රමයක්” චැම්බර්ලේන් පෙන්වා දෙයි. “වසර ගණනාවක ඉංජිනේරු කාර්යයන් වලින් පසුව අපට අවශ්‍ය වන බලශක්තිය ඉතා ලාභදායී මෙන්ම කාර්යක්ෂමව ලබා ගැනීම සඳහා ක්‍රමයක් අප විසින් සකසා ගනු ලැබ තිබෙනවා”.
ශක්තිය ගබඩා කිරීමට ඇති ක්‍රම සියල්ල අතුරින් ලීතියම් අයන බැටරි වඩාත්ම වියදම් අධිකම ක්රමයකි. ඒත් යම් පමණක පෙළඹවීම් කරණ කොටගෙන ජාල බලශක්ති ගබඩා කිරීම පිණිස දැනටමත් මෙම තාක්ෂණය යොදා ගනු ලැබ ඇත.
“ යහපත් බැටරි, විදුලිය ප්රජාතන්ත්රවාදී කරණයට මග පාදයි”
2022 වර්ෂය වනවිට ගිගාවොට් 1.3ක එනම් ස්වභාවික වායු විශාල බලාගාරයක ප්‍රතිදානය තරම් වන ප්‍රමාණයක් ගබඩා ගත විදුලිබලය එක් කළ යුතු යැයි බලශක්ති සමාගම්වලට නියම කෙරෙන පණතක් කැලිෆෝනියා ජනපදය සම්මත කරගත්තේය. එය, ඕනෑම මොහොතක විදුලි බලය අවශ්‍යතා සාමාන්‍යයෙන් හතළිහෙන් එකක් සපුරාලනු වස් ප්‍රමාණවත් ශක්ති ප්රමාණයකි. මෙහි අරමුණ වන්නේ ඉල්ලුම අඩුවෙලාවලදී පුනර්ජනනීය ශක්තිය ගබඩා කරගෙන ඉල්ලුම උච්ච අවස්ථාවලදී ආපසු ජාලයට එක් කිරීමයි. මෙම ආරම්භනයට 2015 දී ප්‍රතිචාර දක්වමින් දකුණු කැලිෆෝනියාවේ Southern California Edison නම් උපයෝගිතා සමාගම අතිදැවැන්ත ලීතියම් අයන බැටරි ආරාවක් තැනීමට වර්ජිනියාව පාදක කරගත් සමාගමකට පවරා තිබේ. මෙතෙක් නිපදවූ විශාලතම බැටරිය ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇති එයට පැය හතරක් තිස්සේ මෙගාවොට් 100ක බලයක් ලබාදිය හැකිය. එය ඇ.එ.ජ. සාමාන්‍ය නිවාස 80,000කට ප්‍රමාණවත් වන සැපයුමකි. “ගණන් හදා සලකා බලන කොට පෙනී යන්නේ එක් ජනපදයක ප්‍රතිපත්තිය නිසාවෙන් ජාලය වෙනුවෙන් බිලියන භාගයක මුදලක් වියදම් කරලා තියෙන බවයි” යනුවෙන් චැම්බර්ලේන් පවසයි.
සැම්සුන්ග්, සීමන්ස් වැනි අනෙකුත් සමාගම්වල ප්රයත්න ද ඇතුළුව අවසානයේ ගත හැකි විසඳුම් ගැන ලබන සතියේ සාකච්ඡා කරමු.
NEW SCIENTIST (THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි CHAPATER 10 Powering the Future යන කොටස ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න