ඇන්ටාක්ටිකාවේ අයිස් යට පෞරාණික මහද්වීපයක්, විනාශව ගිය යුරෝපීය චන්ද්‍රිකාවක ආධාරයෙන් සොයා ගැනිමට හැකිවී තිබේ. GOCE ලෙස කෙටියෙන් දැක්වෙන Gravity Field and Steady-State Ocean Circulation Explorer නම් යුරෝපියනු අභ්‍යවකාශ එජන්සියේ මෙහෙයුමේ චන්ද්‍රිකාව මෙයට වසර පහකට පෙර පෘථිවියට කඩාවැටුනේ එහි කක්ෂ ගත ගමන පාලනය සඳහා අවශ්‍ය ඉන්ධන හිඟවී ගොස් මාස කිහිපයට පසුවය. GOCE වැටෙන්නේ පොළවෙහි කොතැනදැයි විද්‍යාඥයන්ට හරි හැටි කිව නොහැකි වුවද චන්ද්‍රිකාවේ සුන්බුන් කිසිවක් ජනයා වසන ප්‍රදේශවලට නොවැටිණ. කෙසේවෙතත්, එම චන්ද්‍රිකාවෙන් ලබා ගෙන තිබූ දත්ත අළුතෙන් දැන් විශ්ලේෂණය කිරීමෙන් පෘථිවියේ ඇති ශිලාගෝලයේ(lithosphere) කබොල(crust) සහ ප්රාවරණය(mantle) අතර ‘කඨර'(cratons) නම් පාෂාණමය කලාප නිරාවරණය කර ගැනිමට හැකිවී තිබේ.
GOCE මගින් අළුතෙන් සොයාගත් කඨර පුරාණ මහාද්වීපයක ඉතිරි කොටස් සේ සැලකේ. ඒවා, පෘථිවියේ වර්තමාන මහාද්වීපවල විශේෂයෙන්ම ඇන්ටාක්ටික මහාද්වීපයේ ව්‍යුහමය පිහිටීම ගැන තොරතුරු සපයන බව අධ්‍යයනයට සම්බන්ධ විද්‍යාඥයෝ කියා සිටිති.
“මෙයට වසර මිලියන 160ක් වනතුරු අනෙකුත් මහාද්වීප සමග ඇන්ටාක්ටිකාව සම්බන්ධ වී තිබූ කබොල යට ඇති මුලික සමානකම් සහ වෙනස්කම දැක්වෙන විචිත්‍ර භූවිද්‍යාත්මක මොසයිකයක් අපට නැගෙනහිර ඇන්ටාක්ටිකාවෙන් දැකගන්නට ලැබුණා” යයි අධ්‍යනයේ සම කර්තෘ ෆෞස්ටෝ ෆෙරාසියොලි නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. හෙතෙම, බ්‍රිතාඥ ඇන්ටාක්ටික් සමීක්ෂණයේ භූවිද්‍යා සහ භූභෞතිකවිද්යා විද්‍යා ප්රධානියාය.
GOCE. 2009 යේ මාර්තු සිට නොවැම්බරය සහ 2013 මාර්තු අතර පෘථිවිය වටා කක්ෂ ගතව ගමන් කළේ පෘථිවියේ ගුරුත්වයෙහි සුළු විචල්‍යයන් ගැන සොයා බලමිනි. ඒ අනුව චන්ද්‍රිකාවේ දත්ත, ගෝලීය ගුරුත්ව සිතියමක් නිර්මාණය කිරීමට ඉවහල් වූවා පමණක් නොව කිලෝමීටර 80ක් පමණ තරම් කුඩා විභේදනයකින් දේශිය ගුරුත්වයේ වෙනස්කම් දැක්වීමට ද හැකිවිය.

පුරාණ මහාද්වීපය නිරාවරණය වූයේ බ්‍රිතාඥ ඇන්ටාක්ටික් සමීක්ෂණය සහ ජර්මනියේ කීල් විශ්වවිද්‍යාලය එක්ව තැනූ නව සිතියමක් තුළිනි. යුරෝපියනු අභ්‍යවකා ඒජන්සිය මෙය දකින්නේ සිතියමක සමෝච්ච රේඛා ලෙසය. ඇන්ටාක්ටිකාව ගැන සිදුකෙරන අධ්‍යයන වලදී අළුතින් විශ්ලේෂිත ගුරුත්ව අනුක්‍රමණ, මෙකී පුරාණ මහාද්වීප අයිස් තලා චර්යාව කෙරෙහි කෙසේ බලපානේ දැයි හොඳ අවබෝයක් ලබාගැනීමට මෙන්ම ගෝලිය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් අයිස් දිය වී යාමට මුහුණ දෙන්නේ කෙසේ දැයි සොයා බැලීමට විද්‍යඥයන්ට උදව් වෙනු ඇත.
SPACE.COM වෙබ් අඩවියෙහි පළවූ Lost Continents beneath Antarctica Unveiled in Dead Satellite’s Data යන ලිපිය ඇසුරෙනි