අපගේ ශරීරයේ අභ්‍යන්තර ඝටිකාව(ඔරලෝසුව) කාර්යභාරයක් ඉටු කරන්නේ අප වැඩියෙන්ම යුහුසුළුව සිටින අවස්ථාවල සහ නිදිමත ගතියෙන් සිටින වේලාවන් හීදී පමණක් නොවන බව අලුත්ම අධ්‍යනයකින් අනාවරණය වේ. අලුයම් කාලය හා සසඳනවිට අපගේ ශරීරය හිරු හැරීමෙන් පසුව කාලයේ දී හා සැඳෑ කාලය ආරම්භයේ දී කැලරි, 10% කින් වැඩියෙන් වැයවන බව අධ්‍යනයෙන් හෙළිවී තිබේ. අප සාමාන්‍යයෙන් සිතා සිටින්නේ ඩවසේ වේලාව කුමක් වුවත් එකම කාර්ය සඳහා එකම කැලරි ප්රමාණයහාක් වැයවේය යනුවෙනි. “එකම දෙය වුණත් දවසේ එක වෙලාවකදි කරනකොට වඩා වෙනස් වෙලාවක දී කරනකොට මේ තරම් වැඩියෙන් කැලරි දැවෙනවා කියන කාරණය අපට මුලින්ම ඇති කළේ පුදුමයක්.” යයි බ්‍රිග්හැම් හි නින්ද සහ දෛනික රෝගාබාධ, බොන්ස්ටන් හි කාන්තා රෝහලේ සහ හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ නියතු, එමෙන්ම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ කිර්සි – මර්ජා ශිටින් කියා සිටියි.
රාත්‍රී සේවා මුර වල යෙදෙන සේවකයන් සහ නිසි වැඩසටහනකට කටයුතු නොකරන වෙනත් උදවිය තරබාරු වීමේ හෙවත් ස්ථුලතාව ඇතිවීමේ වැඩි අවදානමකට ලක්වන බව නව අධ්‍යයනයෙන් හෙළි වේ. එවැනි කාර්ය සටහන් හෙවත් ෂෙඩුල, නිදියන්න, කන්න බොන්න යනුවෙන් ශරීරයට දන්වමින් සාමාන්‍යයෙන් ජනතාවගේ අභ්‍යන්තර ඔරලෝසුව ගැලපීමක් කරන්නේ නැත. ශක්තිය වැය කිරීමේ අවශ්‍යතාව අඩු මට්ටමක පවතින විට කෑම ගැනීම කෙනකුගේ බර වැඩිකිරීමට බලපෑ හැකිය යි, අධ්‍යනයේ ජ්‍යෙෂ්ට කතෘ ජීන් ඩෆී කියා සිටියි. අධ්‍යනය මගින් මේ අදහස විශේෂයෙන්ම පරීක්ෂාවට ලක් කර නැතත්, පොදුවේ ගතහොත් පුද්ගලයන් දවන කැලරි ගණනට වැඩියෙන් කැලරි පරිභෝජනය කරන විට බර වැඩි වෙනවා”ඇය පෙන්වා දෙයි. මේ අධ්‍යයන වාර්තාව Current Biology සඟරාවෙහි නොවැම්බර් 8 වෙනිදා පළකර තිබුණි.
පුද්ගලයන්ගේ ක්‍රියාකාරී මට්ටම් හෝ පුද්ගලයන්ගේ නිදා ගැනීමේ හා ආහාර ගැනීමේ චර්යාවලින් පරිබාහිරව, ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව පරිවෘත්තියට (metabolism) බලපාන්නේ කෙසේද යන්න අධ්‍යනයේ දී සොයා බැලීමට පර්යේෂකයන්ට අවශ්‍ය වූහ. මෙය සිදු කිරීම සඳහා ඔවුහු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වු පුද්ගලයන් හත් දෙනෙකු එක් කර ගත්හ. ඔවුන් හත්දෙනා පරීක්ෂණාගාරයක් ඇතුළට වී මාසයක් ගත කළේ, ගතවන්නේ දිනයේ කොයිවෙලාවද යන්න නොදැනෙන අන්දමටය. පරීක්ෂණාගාර කාමරවල ජනේල හෝ ඔරලෝසු නොතිබූ අතර ඔවුනට දුරකථන හෝ අන්තර්ජාලයට ප්‍රවේශ වීමට අවස්ථාව නොවීය. මීට අමතරව පරික්ෂණයේ කොටසක් ලෙස ඔවුන් නිදා ගත යුත්තේ නැගිටිය යුත්තේ හා ආහාර ගත යුත්තේ කිනම් අවස්ථාවක ද යන්න සුවිශේෂව දැක්වෙන ෂෙඩුලයක් නැතිනම් කාර්ය සටහනක් ඔවුනට ලබා දී තිබුණි. ඔවුහු සෑම රාත්‍රියකම නින්දට වැටුණේ ඊට පෙර රාත්‍රීයට වඩා පැය හතරක් ගත වීමෙන් පසුව වූ අතර මේ විදියට සති තුනක් එක දිගට ගත කළහ. කෙනෙකු ලොව වටා ගමන් කරන්නේ නම් මේ කාල විස්ථාපන වාර(time shifts) සතියක් තුළ අත්දකින ඒවාය.
“සෑම සතියකම ලොව වටා ගමන් කරන අන්දමේ කාර්යයක් ඔවුන් විසින් සිදුකළ නිසා ඔවුන්ගේ අභ්‍යන්තර ඔරලෝසුවට ඊට ගැළපෙන සේ පවත්වාගෙන යා නොහැකි විය” යි ඩෆී කියයි, “ මෙයින් තේරුම් යන්නේ සිරුරේ අභ්‍යන්තර වේලාව වෙනත් බාහිර ඉඟි නොමැතිව සකසා ගන්නා බවයි. දිනයක විවිධ ජීව විද්‍යාත්මක කාලයන් සියල්ල තුල පරිවෘත්තියේ අනුපාතයන් මැනීමට මෙමගින් අපට අවස්ථාව පෑදුණා”යයි ඇය කියා සිටී.(ජීව විද්‍යාත්මක කාලය(Biological time) යනු දිනයේ නියම වේලාව කුමක්ද යන්න හෝ පුද්ගලයා නිදාගෙන ද නැගිටගෙන ද යන්න නොතකා ම පුද්ගලයාගේ අභ්‍යන්තර ඔරලෝසුව අනුව දැක්වෙන වේලාවයි)
පුද්ගලයන් විවේකීව පසුවන විට ශක්තිය වැය වීම හෙවත් ඔවුන් දවන කැලරි ප්‍රමාණය ජීවවිද්‍යාත්මක රාත්‍රියේ පසු කාලීන කොටසේදී අවම මට්ටමකට පැමිණෙන බව අධ්‍යනයෙන් සොයා ගැනිණ. සමස්තයක් වශයෙන් ගත් කල පුද්ගලයෝ, ජීව විද්‍යාත්මක අළුයම් කාලයේ සහ සසඳන විට ජීව විද්‍යාත්මක අපරභාගයේ ( හිරු හැරුණු විට) හෝ සවස් භාගයේ වැඩිපුර කැලරි 130ක් පමණ දවති.
ජනතාව විවේකීව සිටින විට මෙකී පරිවෘත්තිය අනුපාතයන්ගේ මෙකී වාරික විපර්යාසයන් නිශ්චිත වැඩසටහනකට අනුව ක්‍රියා නොකරන පුද්ගලයන්ගේ බර වැඩි වීමට දායක වේදැයි සොයා බැලීම අනාගත අධ්‍යයනවලදී සිදු කළ යුතුව ඇතැයි පර්යේෂකයෝ කියා සිටිති. එතෙක්, බර අඩු වීමට උත්සාහ දරන අය කළ යුත්තේ නිශ්චිත වැඩසටහන ඔස්සේ ආහාර ගැනීම සහ නිදා ගැනීමට ක්‍රියා කිරීමය. මෙය , පොදුවේ සෞඛ්‍යය වෙනුවෙන් වැදගත් කටයුත්තක් බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මීට අමතරව, දවසේ ඒ ඒ වේලාවන් තුළ බඩගින්න සහ ආහාර කෙරෙහි දක්වන ප්‍රතිචාර වෙනස්වන්නේ කෙලෙසද එමෙන්ම නින්දට කල්යෙදුම එකී ප්රතිචාරයන් කෙරෙහි බලපාන්නේ කෙලෙසද යන්න ගැන සොයා බැලීමට ද පර්යේෂකයෝ අදහස් කරති.
Live Science හි පළවූ Here’s the Time of Day When You Burn the Most Calories හි පළවූ යන ලිපිය ඇසුරෙනි