පොළවේ බැමුම(පෘථිවියේ භ්‍රමණය) නියතයි. එසේ වුවද එහි වේගය රඳා පවතින්නේ ඔබ සිටිනා අක්ෂාංශය(latitude) මතයි. මෙන්න උදාහරනයක්: පෘථිවි පරිධිය(පරිධිය කීවාට, ඇත්තටම පෘථිවියේ විශාලතම ප්‍රදේශය වටා ඇති දුර) දළ වශයෙන් කිලෝ මීටර 40,070කි(සැතපුම් 24,898 ). අප කවුරුත් දන්නා පරිදි පෘථිවියේ හැම තැනම එක සමාන පරිධියක් නැහැ. මැද කොටස නෙරා විත් තිබෙන බව එක්වරම පේනවා. ඒ කොටස තමයි සමකය ලෙස හඳුන්වනු ලබන්නේ. ඉහත පෙන්වා ඇති පරිදි නාසා ආයතනය කිලෝ මීටර 40,070ක් ලෙස දක්වන්නේ සමකය හරහා පරිධියයි.
ඉතින් ආපහු පෘථිවිය භ්‍රමණය වන වේගය ගැන අපි බලමු. එකවරක් භ්‍රමණය වෙන්න, නැතිනම් දවසක් ගතවෙන්න පැය 24 ක් යනවානම් වේගය බලන්න අපි කරන්නේ පරිධිය දිනයේ වේගයෙන් බෙදීමයි (40,070 බෙදීම 24 =1670): උත්තරය පැයට කිලෝමීටර1,670ක්(පැ. සැ. 1,037).
හැබැයි ඉහත වේගය පෘථිවියේ සමකයේදීයි. (මතකනේ? අපි පරිධිය හැටියට ගත්තේ සමකයේ පරිධියනෙ. එතකොට එහෙනම්, වේගයත් සමකයේදී වේගයයි). ඉතින් වෙනත් අක්ෂාංශයකදී මෙතරම් වේගයෙන් භ්‍රමණ වෙන්නේ නැහැ. අපි නිදසුනක් ගනිමු: ලෝක ගොලයේ සමකයේ සිට (උතුරට හෝ දකුණට) අංශක 45ක අක්ෂාංශයක දී වේගය මනින්නේ අක්ෂාංශයේ කෝසයිනය යොදා ගනිමිනුයි(ත්රිකෝණ්මිතිමය කාර්යයකි).
කෝසයිනය ඔබටම ගණනය කර ගත නොහකිනම් හොඳ විද්‍යා ගණකයක හෙවත් කැල්කුලේටරයක කෝසයින කාර්ය දැකිය හැකියි. 45 හි කෝසයිනය 0.707 කි. එවිට අංශක 45 දී බැමුම් වේගය දළ වශයෙන් 1,180 පැ.කි. ලෙස දැක්විය හැකියි( 0.707 x 1670). තවදුරටත් දකුණට හෝ උතුරට යද්දී එම වේගය තවත් හීන වේ. උත්තර ධ්‍රැවයට හෝ දක්ෂිණ ධ්‍රැවයට ළඟා වු විට භ්රමනය සාපේක්ෂව බොහොමත්ම මන්දගාමීයි.
අභ්‍යවකාශ නියෝජිත ආයතන, පෘථිවි භ්රමනය වාසියට හරවා ගැනීමට ක්‍රියා කරනවා. නිදසුනක් දක්වනවා නම් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට මිනිසෙකු හෝ භාණ්ඩ යැවීමට ඔවුනට අවශ්‍ය වු විට එසේ කිරීමට ඔවුන් තොරා ගන්නේ සමකයකට ආසන්න තැනක්. නිදසුනක් ලෙස, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ යැවීමේ මෙහෙයුම් ෆ්ලොරිඩාවේ සිට දියත් කෙරෙන්නේ එහෙයිනුයි. එලෙස සමකයට ආසන්න ස්ථානයක සිට යැවීමෙන් සහ පෘථිවිය භ්‍රමණය වන දිශාවටම විදීමෙන් අභ්‍යවකාශට යෑමෙදි රොකට්ටුවලට තවත් ‘තල්ලුවක්’ ලැබෙනවා.
පෘථිවිය සූර්යයාවටාකක්ෂගතව ගමන් කරන්නේ කොපමණ වේගයකින්ද?
අභ්‍යවකාශයේ ඇති එකම චලනය ඇත්තටම පෘථිවියේ චලනය පමනක් නොවේ. පෘථිවිය සූර්යයා වටා කක්ෂගතව පරිභ්රමණයවෙන වේගය පැයට කිලෝ මීටර107,000ක් බව පැවසෙනවා. අපට මූලික ජ්‍යාමිතිය යොදාගෙන ගනන් බලන්න පුළුවනි. මුලින්ම අපට තීරණය කරන්න වෙනවා පෘථිවිය කොපමණ දුර ගමන් කරනවාද කියලා. පෘථිවිය සූර්යා වටා ගම්න් කරන්න දින 365 පමණ ගන්නවා.
සූර්යයා වටා පෘථිවිය පරිභ්රමණයවන්නේ ඉලිප්සාකාර කක්ෂයක වුණත් ගණන් සෑදීමේ පහසුව තකා අපි එය වෘත්තයක් හැටිය සලකමු කෝ. ඉතින්, ඒ අනුව පෘථිවියේ කක්ෂගත ගමන තමයි වෘත්තයේ පරිධිය වෙන්නේ. පෘථිවියේ සිට සූර්යා දක්වා ඇති දුර කිලෝමිටර 149,597,870 කි(සැතැපුම් 92,955,807 ). අන්තර්ජාතික තාරකාවිද්යාඥයන්ගේ සංගමයට (International Astronomers Union) අනුව මෙම දුර දැක්වෙනේ නක්ෂත්ර ඒකකයක් ලෙසයි(AU – astronomical unit). එතකොට, ඒ තමයි අරය(radius). අප පාසලේ දී ඉගෙන ගත් ආකාරයට වෘත්තයක පරිධිය 2 x π x r . මෙහෙම බැලුවහම පෘථිවිය එක වසරක දී ගමන් කරන දුර කි. මි. මිලියන 940ක් පමණවේ.
වේගය, ගත වූ කාලය තුළ ගමන් කළ දුරට සමාන වන නිසා පෘථිවියේ වේගය ගණන් බලන්නේ (ඉහත දැක්වූ) කි.මි. මිලියන 940 දින 365.25 න් බෙදා ඒ එන උත්තරය පැය 24 න් බෙදුවහම පැයට කිලෝමීටර ගණන ලැබෙනවා — ඔව් පෘථිවිය පැයට කි.මි. 107,226ක වේගයෙන් දිනකට කි.මි. මිලියන 2.6 ක් ගමන් කරනවා.
මේ විදිහට සූර්යයාමත් අප අයත් ගලැක්සියවන ක්ෂීර පථය මන්දාකිනිය තුළ භ්‍රමණය වනවා නේද? ක්ෂීර පථය ඇතුළු ගැලක්සිත් චලනය වෙනවා නේද? හොයලා බලන්න වටිනා කාරනා තමයි!
Space.Com හී How Fast is Earth Moving යන ලිපිය ඇසුරෙනි