සැමට විදු නැන නුවණ – Science Literacy for All

සාගර උණුසුම්වීම කලින් හිතුවාට වඩා වේගවත්

මුහුදු එන්ට එන්ටම ගිනියම් වන බව  අප කවුරුත් දැන සිටිනා කරුණකි. ඒත් විද්‍යාඥයන්  දැන් කියා සිටින්නේ, පසුගිය වසර විසිපහේදීම සාගර අවශෝෂණය කරගෙන ඇති තාපය, කලින් එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ පැනලය (Intergovernmental Panel on Climate Change (IPCC)) ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා අඩු තරමින් 60%ක් වත්  වැඩියි යනුවෙනි. ඔවුන් ගණන් බලා ඇති අන්දමට මේ තාපය මානවයන් වශයෙන් අප ඕනෑම එක් වසරක ජනනය කරන වාර්ෂික විදුලි බලයමෙන්  150 ගුණයක් තරම් වන බවයි. සාගර අපේ ග්‍රහලෝකයේ 70%ක් ප්‍රමාණයක් ආවරණය කරන නමුත් පෘථිවිය උණුසුම් වෙද්දී නිපදවන අතිරේක ශක්තියෙන් 90%ක් දක්වා උරාගනී. මෙම ශක්තිය යථාතථ්‍යව (precisely) මිනීම ට විද්‍යාඥයන්ට  හැකියාව ඇතොත්, ඉදිරියට සිදුවන මතුපිට උණුසුම් වීම ගැන වඩාත් යථාතථ්‍යය අනුමාන සිදු කළ හැකි යැයි විශ්වාස කෙරේ. මානව දිගටම පොසිල ඉන්ධන දවද්දී, කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු, වායුගෝලයට මුදාහරිද්දී ගෝලීය උණුසුම ඉහළ යයි.

Related image

Related image

ශාස්ත්‍රීය මට්ටමින් ගතහොත් මෙසේ සොයනු ලබන්නේ දේශගුණ පර්යේෂකයන් විසින් ‘  දේශගුණ සංවේදිකව’ (climate sensitivity) යනුවෙන් දක්වනු ලබන සාධකයි.  මේ සාධකයෙන් කියැවෙන්නේ දිගින් දිගටම  ඉහළ යන  වායුගෝලයේ හරිතාගාර වායු අනුපාතයන්ට පෘථිවිය ප්‍රතිචාර දක්වන අන්දමයි. මනුෂ්‍යයන් වශයෙන් ගත කළ අප මෙය අත්විඳින්නේ එන්ට එන්ට ම වැඩි වන අධිකතර තාප තත්ත්වයන් ලෙස එමෙන්ම නියඟ සහ එන්ට එන්ට ම වැඩි වන ව්‍යසනකාරී කුණාටු හා ගංවතුර අවදානම  සහිත වර්ෂාපතනයක් ලෙසහෝ අස්වැන්න පාළුවීම  සහ මිනිසුන්ට වැඩි වැඩියෙන් අත්පත්වන විපත්ති ලෙසටය.

Image result for Ocean warming may be faster than thought

සාගර උෂ්ණත්වයන් පිළිබඳ පරිපූර්ණ ගෝලීය මිනුම් සිදු කෙරෙන්නේ 2007 තරම් මෑත කාලයක සිට පමණක්ය. එමෙන්ම සාගර ද්‍රෝණියෙහි (ocean basins) ඉහළ අර්ධය පිළිබඳ අඛණ්ඩව දත්ත සපයන රොබෝ සංවේදනමාන (robot sensors) ස්ථාපිත වුණේ ද එම වසරේ සිටය. කලින් හිතුවාට වඩා සාගරය වේගයෙන් උණුසුම් වන බව දැක්වෙන අධ්‍යනය සිදු කරන ලද්දේ  ඇමරිකා එක්සත් ජනපද ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක වන ලෝරේ රෙස්ප්ලැන්ඩි සහ ඇගේ සහායකයන් විසිනි. අධ්‍යයන වාර්තාව Nature සඟරාවට ඉදිරිපත් කරමින් ඔවුන් කියා සිටින්නේ වාතයේ ඔක්සිජන් සහ කාබන්ඩයොක් සයිඩ් මට්ටම් මැනීම පිණිස ඉතා ඉහළ මට්ටමක යථාතථ්‍ය  මිනුම් පදනම් කරගත් විදග්ද ප්‍රවේශයක් උපයෝගී කරගත් බවයි. මේ වායු දෙකම ‍ද්‍රාව්‍යයි(soluble). එන්ට එන්ට ම වැඩිවන කාබන් ඩයොක්සයිඩ් මට්ටම් සාගර මගින් අවශෝෂණය කර ගනිද්දී සාගර වඩාත් ආම්ලික (acidic) වෙයි. එහෙත් මුහුදු උණුසුම් වෙද්දී ඒවායේ දිය වූ වායු  තවදුරටත් රඳවාගෙන සිටීමට අපොහොසත් වන අතර ඒවා වායුගෝලයට මුදාහැරේ.  වායුගෝලීය භෞතික විද්‍යා ක්‍රියාවලියේ මෙකී සරල ප්‍රතිඵලය මගින් අදහස් වන්නේ පර්යේෂකයන්ට, කාලයක් තිස්සේ සාගර මගින් අවශෝෂණය කරගනු ලබන්නට ඇති තාපය  මැනීමේ නව මාර්ගයක් ලෙස ඔවුන් විසින් හඳුන්වනු ලබන ‘වායුගෝලීය විභව ඔක්සිජන්’ යොදාගත හැකි බවයි. එහිශී ඔවුන් යොදාගත්තේ ශක්තිය මනින සම්මත ඒකකයයි: ජූලය(). 1991 සිට 2016 දක්වා (සාගර මගින්) සෑම වසරකම අවශෝෂණය කරනු තාපය පිළිබඳ ඔවුන්ගේ නව ඇස්තමේන්තුව වන්නේ ශිටා ජුල 13 කි. (zetta = මෙය ඉලක්කමකට පසුව බිංදු 21 සහිත සංඛ්‍යාවකි – 1021)

Image result for Ocean warming may be faster than thought

මේ නව සොයාගැනීම ප්‍රථමයෙන් වැදගත් වන්නේ  ශාස්ත්‍රීය ජයග්‍රහනයක් ලෙසය. දැන් වඩාත් යථාතථ්‍ය  උෂ්ණත්ව මාපකයක් ඇති හෙයින් නව ගණනය කිරීම පටන් ගත හැකිය. අධ්‍යනනයට සම්බන්ධ පර්යේෂකයෙකුවන, සාගර විද්‍යාව පිළිබඳව ස්ක්‍රිප්ස්  ආයතනයේ රැල්ප් කීලිං මෙසේ කියා සිටියි. “සාගරය උණුසුම් වීම පිළිබඳ ඇස්තමේන්තුව සම්බන්ධයෙන් අපට තැබිය හැකි විශ්වාසය මේ ප්‍රතිඵලය මගින් සැලකිය යුතු ලෙස වැඩි වෙලා. ඒ වගේම එහි ඵලයක් ලෙස ය දේශගුණ සංවේදීතාවයෙහි අවිනිශ්චිතතාව අඩුකිරීමට, විශේෂයෙන්ම ඉතා පහළ මට්ටමක දේශ ගුණික සංවේදීතාවයන් ඇතිවීමේ  හැකියාව නැති කර දමන්න උදව් වෙනවා.”

එහෙත් ගෝලීය උණුසුම් වීමේ සෙන්ටිග්‍රේඩ් අංශක 2 ක උපරිමයට තබාගැනීමට ජාත්‍යන්තරය මගින් ඇති කර ගනු  ලැබ තිබෙන එකඟතාව තවත් අභියෝගාත්මක කරනු ලැබේ. පසුගිය සියවසේදී ගෝලීය උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 1 කින් පමණ දැනටමත් ඉහළ ගොස් ඇති බව ද සිහිපත් කළ යුතුය. මෙයින් අදහස් කෙරෙන්නේ පොසිල ඉන්ධන ආයෝජනය තවත් බොහෝ සෙයින් කප්පාදු කිරීමටත් එමෙන්ම සූර්ය බලය හා සුළං බලය වැනි පුනර්ජනනීය ශක්ති මූලයන්ට තව තවත් වේගයෙන් යොමු විය බවත් යන්නය.

 

Physicsworld(climate) හී පළවූ  Ocean warming may be faster than thought යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: