‘සිතු දේ නොමවෙයි, නොසිතුදේමවෙයි ‘ යන සුලබ කියමන බොරුකරමින් නාසා ආයතනයේ InSight නිරීක්ෂණ යානය අඟහරු මතු පිටට සාර්ථකව, සැලසුම් කළ ආකාරයටම ගොඩ බැස්සවීමට විද්‍යාඥයෝ සමත්වෙති. ‘තැති ගැන්මෙන් ගතවුණු විනාඩි හතක්’ ලෙස මෙම මෙහයුම මගින් නම්කෙරුණු මොහොත ගෙවාදමමින් පසුගිය සඳුදා(2018.11.26) InSight යානය අවහිරයකින් තොරව ‘රතු ග්‍රහයා’ මතුපිටට ගොඩ බැස්සවීම ඊට සහභාගිවූ විද්‍යාඥයන ඇතුළු සැමගේ පමණක් නොව ලොව පුරා විද්‍යා ලෝලීන්ගේ අමන්දානන්දයට හේතු වු බවට නන් දෙසින් ලැබෙන ප්රවෘත්ති වාර්තා දෙස් දෙයි.
නාසා විද්‍යාඥයන් ජයග්‍රාහී මොහොත සමරමින්…
අඟහරු මතට මෙම නිරික්සුම් යානය ගොඩබැස්සවීමේ අරුමය කිම? මුලින්ම සඳහන් කළයුත්තේ, රතු ග්‍රහයා මත නිරීක්ෂණ යානයක් ගොඩ බැස්සවීම හෝ ග්‍රහයා වටා කක්ෂ ගතව ගමන් කරවීම් හෝ අසළින් පියාසර කරවීමට සැලැස්වීම ඇත්තටම අවිනිශ්චිත, අවදානමින් පිරි කාර්යයක් යන්නය. ඒ අරභයා මෙතෙක් මිනිසුන් ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් සාර්ථක වී ඇත්තේ සියයට 40ක් පමණකි. අඟහරු මතට ගොඩබැස්සවිමක් සාර්ථකව සිදුකිරිමට මෙතෙක් සමත් වී ඇත්තේ නාසා ආයතනය පමණකි. ඒ 2012 දී කියුරියෝසිට් යානය ගොඩ බැස්සවීමෙනි. 2016 වසරේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ඔවුන්ගේම නිරීක්ෂණ යානයක් ගොඩබස්සවීමට ගත් උත්සාහය මුලුමනින්ම අසර්ථකවුයේ ප්‍රතිගාමක රොකොට්ටු (retro-rockets) වුව්මනාවට වඩා කලින් නිහඬවීමෙන් යනය කඩාවැටීමෙනි. InSight යනය ආරක්ෂිත ගොඩ ගොඩබැස්ස වීමට නම් සියලු පද්ධති අඩුපාඩුවකින් තොරව ක්‍රියාත්මක වියයුතු විය. අඟහරු ග්‍රහායාගේ තුනී වායුගූලයට එය ඇතුලුවු සැනින් යානය පැරෂූටයක් මුදා හැරිය අතර එහි තාප ආවරණක ක්ෂණිකව විවෘතකෙරී එය අඟහරු මතට බැසීම අවශ්‍ය තරම් මන්දගාමී කරණු වස් ප්‍රතිගාමක රොකට්ටු ක්‍රියාත්මකවිය. මේ ක්‍රියාවලිය මෙතරම් අවදානම් සහගත වන්නේ ඒවා ස්වයංක්‍රීයව ක්‍රියාතමක විය යුතු නිසාවෙනි. මන්ද, යම් දෝෂයක් නිවැරදි කිරීමට නම් පෘථිවියේ සිට පණිවුඩයක් යැවීමට විනාඩි ගණනාවක් යන නිසාවෙනි. Interior Exploration Using Seismic Investigations, Geodesy and Heat Transport (භූකම්පණ පරීක්ෂාවන් , භූමිති විද්‍යා සහ තාප පරිවහන යොදා ගන්නා අභ්‍යන්තර ගවේෂණ) යන්න කෙටියෙන් දැක්වෙන InSight යානය මාස හතක් තිස්සේ සැතපුම් මිලියන 300ක මගක් ගෙවා පැමිණ අඟහරු ග්‍රහයාගේ Elysium Planitia නම් සමක තලයට ගොඩ බැස සිය නව නවාතැන කරගැනීම මානව වර්ගයාගේම ජයග්රනය වන්නේ එහෙයිනි.
නව නිවහනට ගොඩබට තැන් සිට විනාඩි කිහිපයකින්ම InSight යානය පෘථිවිය වෙත ඡායාරූප එවීමට පටන් ගත්තේය. ඉහතින් දැක්ක්වෙන්නේ ඉන් දෙකකි. කෙසේවෙතත් මේ මූලික සාර්ථක පියවරට ඔබ්බෙන් ගොස් InSight යානය ‘වැඩ’ පෙන්වීමට පටන්ගැනීමට තවත් සති කිහිපයක් ගත වනු ඇත. ඊට පෙර කළයුතු කාර්යයන් ගණනාවකි.
ඇමරිකානු ඩොලර් මිලියන 814ක් වැයවූ මෙම ගොඩබසින යානය(lander) සතුව උපකරණ කට්ටල ගණනාවක්ම ඇත. රතු ග්‍රහයාගේ හරය(core), ප්රාවරණය(mantle) සහ පෘෂ්ඨය හෙවත් කබොල(crust) සැදුම් ලත් ආකාරය මෙන්ම එහි පිරිවිතර ගැන අධ්‍යනය කිරීමට ඒවා යොදා ගැනේ. එම දත්ත වලින් සන්නද්ධව විද්‍යාඥයන් උත්සාහ කරනු ලබන්නේ මෙයට වසර බිලියන 4.6 කට පෙර සෞර ග්‍රහ මණ්ඩලය බිහිවූ අවධියේ අඟහරු සහ අනෙකුත් පාෂාණමය ග්‍රහ ලෝක සෑදුණු ආකාරය සහ ඊට බලපෑ සාධක ගැන හැදෑරීමය.
එක් තනි රටක නොව, සමස්ත මානව වර්ගයාගෙම විජයග්රහනයක් ලෙස දැක්විය හැකි InSight යානයෙහි ප්‍රගතිය ගැන සෙවිල්ලෙන් සිටීමට අප කවුරුත් උනන්දුවනු නිසැකය. තතු මෙම ලිපියෙන් උත්සාකරේ එම උනන්දුව දැල්වීමයි.
නාසා ආයතනයේ සහ වෙනත් වෙබ් අඩවි තොරතුරු සම්පිණ්ඩනයෙන් තතු මාණ්ඩලිකයෙකු විසින් සැකසිණ.