සැමට විදු නැන නුවණ – Science Literacy for All

අනාගතය බලගැන්වීම: විදුලිය ප්‍රජාතන්ත්‍රවාදීකරණය

ශක්තිය ගබඩා කිරීමට ඇති ක්‍රම සියල්ල අතුරින් ලීතියම් අයන බැටරි වඩාත්ම වියදම් අධිකම ක්‍රමයක් බව අප පසුගිය ලිපියක කියෙව්වෙමු.  ඒත් යම් පමණක බලපෑම් හෝ පෙළඹවීම් කරණ කොටගෙන ජාලගතව බලශක්ති ගබඩා කිරීම පිණිස දැනටමත් ප්‍රයත්න දක්නට ඇති බවද නොවැම්බර් 15දා පළවු එම ලිපියේ සඳහන් විය. අද තවදුරටත් ඒ ගැන විමසා බලමු.

Related image

ජාලගත බලය පරිපූරණය සඳහා සැම්සුන්, සීමන්ස් වැනි අනෙකුත් සමාගම් ද දැනටමත් නිෂ්පාදන හඳුන්වා දී තිබුණද ෆොසිල ඉන්ධන ගබඩා කිරීම හා සංසන්දනයේ දී ඒවා තවමත් මිල අධික වන අතර ඒවායින් බලය සපයා ගත හැක්කේ කෙටි කාලඡේද සඳහා පමණකි. සම්පූර්ණ ජාලය ආවරණය වන ලෙස මේ දේවල් කිරීම (අඩු මිලකට, වැඩි වේලාවක් සපයන) අති දැවැන්ත කාර්යයකි. ‘‘ඒ් පරිමාණය හිතාගන්නවත් බැහැ’’ යයි කැනඩාවේ නෝවා ස්කොටියානි ඩැල්හවුසි විශ්වවිද්‍යාලයේ ජෙෆ් ඩාන් පවසයි. ඔහුට අයත් පර්යේෂණාගාරය, 2015 ජූනියේ දී ටෙස්ලා සමග  පස් අවුරුදු පර්යේෂණ කොන්ත‍්‍රාත්තුවකට අත්සන් තැබීය. ඔහුගේ දේශජ උපයෝගීතා සමාගම වන Nova Scotia Power  හි ප‍්‍රතිදානය පැය විසිහතරක් තිස්සේ ගබඩා කිරීමෙන් විදුලි බලය ගබඩා කිරීමේ ධාරිතාව 2017 වසරේ ලොව පුරා නිපදවූ සෑම බැටරියකම ධාරිතාව සහ තවත් භාගයක්, ඒ කියන්නේ එකහමාරක් වන බව ඩාන් පෙන්වා දෙයි.

Related image

අවසාන වශයෙන් ගත් කල විසඳුම රැඳී ඇත්තේ පරිමාණය වඩාත් කුඩාවීම මතය : එනම් සෑම දෙනාටම තම තමන්ගේ බල ශක්තිය ගබඩා කිරීමට බලය ලබාදීමයි. (මේ ගැන විස්තර ඉදිරි ලිිපියකින්-සංස්කාරක) මේ කාර්යයට පිවිස සිටින සමාගම් කිහිපය අතරින් එක් සමාගමක් තමයි ටෙස්ලා. නිවාස මෙන්ම ව්‍යාපාර ආයතන වෙනුවෙන් නිපද වූ Powerwall  නම් උපකරණයක්  ඔවුහු 2015 දී ප‍්‍රකාශයට පත් කළහ. එක්කෝ පුනර්ජනනීය ප‍්‍රභවයන්ගෙන් හෝ රාත‍්‍රි කාලයේ ලාභයට සැපයෙන විදුලි බලය (දිවා කාලයේ භාවිතය පිණිස) ගබඩා කිරීම සඳහා හෝ Powerwall උපකරණය යොදා ගන්නේ විදුලි බල මෝටර් රිය සඳහා භාවිතා කරන බැටරිමය.

Related image

මේ ආකාර ක‍්‍රමයන් බහුලව භාවිතයට ගන්නා විට, ‘අපට ශක්තිය ලැබෙන්නේ කොයිබින්ද සහ අපගේම චර්යාවන් එහි භාවිතය හා නිෂ්පාදනය කෙරෙහි බලපාන්නේ කෙසේද’ යන්න ගැන අප සැමට දැනට වඩා මදක් හෝ වැඩියෙන් අවබෝධයක් ඇතිවෙතැයි ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ බලශක්ති පර්යේෂක පිලිප් ගෲන්වෝල්ඞ් කියා සිටියි. ‘‘ (වෙන කෙනෙකු හා)ගණුදෙනුවට යා හැකි යමක් අප අත ඇති බවට හැඟීමක් අපට ලබා ගැනීමට බැටරි ඇත්තටම උපකාරී වෙනවා’’ ඔහු පෙන්වා දෙයි. ඉදිරියේ දී ඇතිවිය හැකි ක‍්‍රමයක් ගැන ඔහු පුරෝකථනය කරයි: එහිදී සිදුවන්නේ පාරිභෝගිකයන්ගේ නිවෙස්වලට විදුලිබලය සපයන්නන් නොමිළයේ ලබාදෙන  කුඩා බැටරියක් සමස්ත ජාලයේම යහපත පිණිස ශක්තිය ගබඩා කිරීමට යොදා ගනු වස් අඩු ගණන් වලට විදුලිය සැපයීමයි. කෙසේ වෙතත්, මේ සඳහා සමාගම් මෙන්ම පාරිභෝගිකයන් යන දෙපාර්ශවයම (එකිනෙකාගෙන්) මිළදී ගැනීමක් සිදු කිරීමට අවශ්‍ය වේ.

Related image

තොරතුරු විප්ලවය කුමණ ආකාරයක ආනිශංස ඇති කරාවිදැයි මෙයට දශකයකට හෝ දෙකකට පෙර  කිව නොහැකි වූවාසේ, බැටරි විප්ලවය සිදුවුවහොත් ඉදිරියේ දී ලෝකය තුළ කුමණ විපර්යාසවලට ලක්වේ දැයි පුරෝකතනය කිරීම පහසු නැති බව චිකාගෝ හි ආර්ගෝන් ජාතික පර්යේෂණාගාරයේ ජෙෆ්  චැම්බර්ලේන් කියා සිිටියි. එසේ වුවද,  පුද්ගලයන් වශයෙන් තමන්ට අභිමතය පරිදි විදුලිය නිපදවීමට, ගබඩා කිරීමට හා භාවිතා කිරීමට ලැබීමෙන්, තොරතුරු විප්ලවයන් අත්පත් කරදුන් ආකාරයේම බලගැන්වීමක්  ලබාගත හැකි වෙතැයි ඔහු අපේක්ෂා කරයි.

“විදුලිය ප්‍රජාතන්ත්‍රවාදී කරණයේ ප්‍රධාන මුරගලක් තමයි,  බැටරි” චැම්බර්ලේන් කියාසිටියි.

තවද, එන්ට එන්ටම වර්ධනය වන ගෝලීය ජනගහනය තව තවත් ශක්තිය ඉල්ලා සිටිය දී ඊළඟ පරපුරේ බැටරි හඳුන්වා දීම තව දුරටත් කල් දැමිය නොහැකිය. ‘‘අප දැන් ඉන්නේ නව බලශක්ති විප්ලවයක් අභිමුඛවයි. ෆොසිල ඉන්ධන යහපත් විසඳුමන් නොවන බව අපි දන්නවා. ඒත් ඉතින් ශක්තිය නොමැති නම් ඒ කතාව එතැනම ඉවරයි.’’යනුවෙන් සිංගප්පූරුවේ නැන්යෑංග් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ රාෂීඞ් යශමි පෙන්වා දෙයි. හුදෙක් අනතුරුදායක දේශගුණ විපර්යාස මග හරවාගැනීමට ආධාර වන්නාවු  තාක්ෂණයක් පමණක්ම නොව, ඒ ආකාරයට දක්වනවිට, බැටරි යනු ගෝලීය වශයෙන් වැදගත්වන තාක්ෂණයකි.

Related image

‘‘(ඇමරිකා එක්සත් ජනපදය) කොයියම් ආකාරයක (ස්වරූපයක) හෝ පෙට්‍රෝලියම්වලින් හෙබි බලශක්තිය ආනයනය කිරීම සඳහා දිනකට ඩොලර් බිලයනයකට වැඩි වශයෙන් වැය කරනවා’’ යයි ඇමරිකා එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ වාහන තාක්ෂණ කාර්යාලයේ (Office of Vehicle Technologies) ඬේවිඞ් හවෙල් කියා සිටියි. ‘‘මෙය යම් ආකාරයකින් අප සැවොම අවදානමට ලක් කිරීමක්’’.  ගෲන්වෝල්ඞ් ඒ කතාවට එකඟ වෙයි. ‘‘අපට 2050 වන විට ෆොසිල ඉන්ධන පාදක කරගත් විදුලිබලය අත් හරින්න  ඕන නම් විදුලිය ගබඩා කිරීම අවශ්‍යයෙන්ම සිද්ධ කරගන්න වෙනවා. හැබැයි, ඒක ඉතින් අදම පටන් ගන්න  ඕන’’ ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

NEW SCIENTIST (THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි CHAPTER 10  Powering the Future යන කොටස ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: