සැමට විදු නැන නුවණ – Science Literacy for All

දේශගුණ විපර්යාසය: මූලික තොරතුරු

දේශගුණ වෙනස්කම් සිදුවෙමින් පවතී

අපේ පෘථිවි ග්‍රහයා උණුසුම් වෙමින් පවතී. පසුගිය සියවස තුළ පෘථිවිය උෂ්ණත්වය සාමාන්‍යය පැරන්හයිට් අංශක 1.5 කින් (1.50 F) වැඩි වී තිබේ. ඒ වගේම ඉදිරි වසර සියයේදී තවත්  පැරන්හයිට් අංශක 0.5 සිට 8.6ක් (0.5 සිට 8.6°F) දක්වා ප්‍රමාණයක් ඉහළ යනු ඇතැයි ද ප්‍රක්ෂේපනය කෙරේ(ගණන් බැලේ). අපේ මේ ග්‍රහලෝකයේ උෂ්ණත්වය සාමාන්‍යයෙහි සුළු වෙනසක් වුව ද මිහිතලය මත, භයානක විය හැකි කාලගුණ මෙන්ම දේශගුණ වෙනස්කම් බවට පරිවර්තනය වෙන්න පුළුවන්.

සාක්ෂි පැහැදිලිය : කාලගුණයෙහි සහ දේශගුණයෙහි විපර්යාසයන් සමග ගෝලීය උෂ්ණත්වය ඉහළ යන බවට සාක්ෂි තිබේ. ලෝකයේ බොහෝ ප්‍රදේශවල වර්ෂාපතන රටාවන් වෙනස් වී ඇත. එහි ප්‍රතිඵල හැටියට ගංවතුර, නියඟ හෝ අධික වර්ෂාව මෙන්ම වඩාත් ඉක්මනින්, වඩ වඩාත් තීව්‍ර තාප තරංග(heat waves) ඇතිවේ.  මෙපමණක් නොවෙයි, අපේ ග්‍රහ ග්‍රහලෝකයේ සාගර සහ ග්ලැසියර ද විශාල විපර්යාසයන්ට ලක් වේ — සාගර රත්වෙමින් පවතින් අතර වඩවඩාත් ආම්ලික වේ. අයිස් වැස්ම දියවී යාමට පටන් ගෙන ඇති අතර මුහුදු මට්ටම් ද ඉහළ යමින් පවතී. මේවා සහ අනෙකුත් විපර්යාසයන් ඉදිරි දශක වලදී වඩාත් ප්‍රකට වෙද්දී ඒවා අප සමාජයට මෙන්ම අපේ පරිසරයට ද දැඩි අභියෝග එල්ල කරනු ඇත.

 

දේශගුණ විපර්යාස හා ගෝලීය උණුසුම්වීම යනු කිම?

ගෝලීය උණුසුම නියෝජනය කරන්නේ දේශගුණ විපර්යාසයේ එක්පැත්තක් පමණයි. දේශගුණ විපර්යාස යනු එක්තරා පැතිරුණු කාලච්ඡේදයක් තුළ පවතින දේශගුණයෙහි ඇතිවන වෙනස්කම්ය. මෙයම  වෙනස් විදිහකට දක්වන්නේනම් දශක කිහිපයක් හෝ ඊටත් වැඩි කාලයක් මුළුල්ලේ පවතින උෂ්ණත්වය, වර්ෂණයෙහි (precipitation) හෝ සුළං රටාවන්හි  ප්‍රධාන වෙනස්කම් සහ අනෙකුත් බලපෑම් තුළින් ද ඇතිවන වන දේශගුණයෙහි වෙනස්කම්ය.

Image result for climate change

Image result for climate change

Image result for climate change

මෑතක දේශගුණ විපර්යාසයන්ට බහුලව වගකිවයුත්තේ මිනිසුන්ය

පසුගිය සියවස තුළ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් අති විශාල ප්‍රමාණයක කාබන්ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායු පෘථිවි වායුගෝලයට මුදා හරිනු ලැබ තිබේ. වනහරණය (deforestation) කාර්මික ක්‍රියාදාමයන් සහ ඇතැම් කෘෂිකාර්මික භාවිතයන් ද වායුගෝලයට වායු මුදා හැරීමට දායක වන නමුදු හරිතාගාර වායු බහුතරය හටගන්නේ ශක්තිය නිපදවීම පිණිස පොසිල ඉන්ධන දහනය කිරීමෙනි. පොරෝනයක් හෙවත් බ්ලැන්කට්ටුවක් ලෙස ක්‍රියාකරමින් හරිතාගාර වායු පෘථිවිය වටා වායුගෝලයේ තිබෙන ශක්තිය අවකාශයට යා නොදී හිර කර ගනු ලැබෙන හෙයින් ගෝලීය උණුසුම් වීම ඇතිවේ. මේ සංසිද්ධිය පරිසර විද්යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ හරිතාගාර ආචරණය(Greenhouse Effect) යනුවෙනි. මෙම බලපෑම ස්වභාවික එකකි; එමෙන්ම පෘථිවිය මත ජීවය  පවත්වාගෙන යාමට එය අවශ්‍යවේ.

Related image

කෙසේවෙතත් හරිතාගාර වායු ඒකරාශි වීම පෘථිවියේ දේශගුණය වෙනස් කිරීමට බලපාන අතර මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යය සහ සුබසිද්ධිය කෙරෙහි මෙන්ම පරිසර පද්ධතිවලට ද විපත්තිදායක බලපෑම් ගෙන එයි. මේ සම්බන්ධව අප අද ගන්නා පියවර නුදුරු අනාගතයේදී මෙන්ම ඉදිරියට එන වර්ෂවලදී අප වායුගෝලයට මුදාහරින හරිතාගාර වායු ප්‍රමාණය කෙරෙහි බලපෑම් ඇති කරයි.

දේශගුණ විපර්යාස අප කාටත් බලපෑම් ඇති කරයි.

අප කාගේත් ජීවිත දේශගුණය හා බැඳී පවතී. මීට වසර දහස් ගණනකට පෙර නිමාවූ අවසන් අයිස් සමයට පසුව අපට සාපේක්ෂව ස්ථායි දේශගුණයක පහස විද ගැනීමට අපට හැකි වූ අතර මානව සමාජයන් ඊට අනුගතවී ඇත. උණුසුම් වෙමින් පවතින දේශගුණයක්, අපේ ජල සැපයුම, කෘෂිකර්මය, බලශක්ති හා ආරක්ෂාව කෙරෙහි පවා විපර්යාසයන් ගෙන එනු ඇත.

දේශගුණයෙහි ඇතිවන ඇතැම් වෙනස්කම් නොවැළැක්විය හැකිය. කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයෙහි වසර සියයකට ආසන්න කාලයක් තුල රැඳී  තිබිය හැකිය. එහෙයින්  ඉදිරි දශක වලදී දිගටම පෘථිවිය උණුසුම් වෙමින් පවතින ඇත. දේශගුණ විපර්යාස යෙහි බලපෑම අකුරටම පුරෝකතනය කළ නොහැකි වුවත් අප දැනට පුරුදු වී තිබෙන දේශගුණික තත්ත්වයන් අනාගතයේ දී ඇති විය හැකි යැයි සිතන තත්ත්වයන් පිළිබඳ විශ්වාසය තැබිය හැකි මාර්ගෝපදේශකයක් නොවේ. උණුසුම් වීම වැඩිවත්ම දේශගුණයට හා පෘථිවි පද්ධතියට වඩාත් දැඩි විපර්යාසයක් ඇති වීමේ අවදානම තවත් අධික වේ.

දේශගුණික විපර්යාසයන් හේතුවෙන් අපට  මුහුණපෑමට සිදු වන අවදානම අපටම අඩු කරගත හැකි ය.  හරිතාගාර වායු විමෝචනයෙන් ඇතිවන දූෂණය අඩු කිරීමට තුඩුදෙන ක්‍රියාමාර්ගය තෝරා ගැනීමෙන් සහ දැනටමත් සිදු වීමට පටන් ගෙන ඇත විපර්යාසයන්ට මුහුණදීමට සූදානම් වීම තුලින් අපට දේශගුණ විපර්යාසයන්ගේ අවදානම් අඩු කරගත හැකි ය. අද අප මේ සම්බන්ධයෙන් ගන්නා තීරණ අනාගතයේ දී අපගේ දරු මුණුබුරන් ජීවත්වන ලෝකයෙහි ස්වරූපය නිගමනය වනු ඇත.

Related image

අපටම  වුව ද වෙනසක් ඇති කළ හැකියි.

අප අපටම ම් ක්‍රියාමාර්ග ගත හැකිය: හරිතාගාර වායු විමෝචනය සහ දේශගුණ විපර්යාසයන්ට සම්බන්ධව අවදානම් අඩු කරගැනීම පිණිස අපට නිවසේදි, මගතොටේදී කාර්යාලයේ හෝ වැඩබිමේ දී යම් පියවර ගත හැකිය. එවැනි පියවර බොහෝමයක් අපට මුදල් ද ඉතිරි කර දෙයි. සමහරක් පියව, උදාහරණයකට පාපැදියෙන් හෝ පයින් වැඩට යාම ඔබගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණුවට පවා ඉවහල් විය හැකියි. තවද, පළාත් හෝ ප්‍රදේශ මට්ටමින් හෝ ක්‍රියාත්මක බලශක්ති කාර්යක්ෂමතා වැඩසටහන්, පවිත්‍ර බලශක්ති(clean energy) වැඩසටහන් හෝ  අනෙකුත් දේශගුණ වැඩසටහන් වලට ඔබට සම්බන්ධ විය හැක.

දේශගුණ විපර්යාස, මානවයන් වන අපට පමණක් නොව වෙනත් සතා සීපාවන්ටද, ගහකොළ ඇතුළු පරිසර පද්ධතිවලට ද අදටත්, අදටත් වඩා වැඩියෙන් හෙටටත් බලපෑම් ඇතිකරයි. මෙය අද මුලු මහත් ලෝකයාම මුහුණ පා ඇති බරපතලම ප්‍රස්තුතයකි. තතු නිරතුරවම මේ විෂය ගන තොරතුරු ගෙන එන්නේ එහි වැදගත්කම ගැන දැඩි අවදානයකිනි. ඉදිරියටත් තතු ඒ වගකීම් ඉටුකරනු ඇත. ඔබත් අවදියෙන් ඉන්න!

United States Environmental Protection Agency   වෙබ් අඩවියේ  Climate Change: Basic Information යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: