නියුට්‍රෝන තාරකා ඓතිහාසික ඝට්ටනයෙන් බිහි වුණේ චුම්බක තාරකාවක් ද? කළුකුහරයක් ද?

නියුට්‍රෝන තාරකා (neutron-star) ලෙස හඳුන්වනු ලබන අධිඝනත්වයකින් යුතු, අභාවප්‍රාප්ත තාරකා දෙකක් එකට එකතු වීමෙන් නිකුත් වන ආලෝක තරංග මෙන්ම ගුරුත්වාකර්ෂණ තරංග සොයාගැනීමට හැකිවූ බව 2017 ඔක්තෝබරයේදී පර්යේෂකයෝ කියා සිටියහ. මේ තරංග හෙවත් අවකාශ-කාලයෙහි ඇතිවන රැලිති ගැන මෙයට ශත වර්ෂයකට පෙර මුලින්ම අනාවරණය කරණු ලැබුවේ ඇල්බට් අයින්ස්ටයින් විසිනි. (නියුට්‍රෝන තරු දෙකෙහි) ඒ ඓතිහාසික ඝට්ටනය හඳුන්වනු ලබන්නේ GW170817 ලෙසිනි. ඊට හේතුව නියුට්‍රෝන තාරකා දෙක එකට ගැටී එක්වීම 2017 වර්ෂයේ අගෝස්තු දාහත් වෙනිදා මුලින්ම සොයා ගනු ලැබූ නිසාය. මේ ඝට්ටනය, බහු-දූත තාරිය භෞතික විද්‍යාවෙහි(“multi-messenger astrophysics”) ආරම්භය සළකුණු කරන්නේ යයි තාරකා විද්‍යාඥයෝ සළකති
බහු-දූත පණිවුඩ තාරිය භෞතික විද්‍යාව යන පදයෙන් අදහස් කරන්නේ අඩු තරමින් විවිධ සංඥා දෙකක්වත් එකිනෙකට වෙනස් යොදාගනිමින්විශ්ව නැතිනම් අන්තරීක්ශ වස්තු හෝ සංසිද්ධි අධ්‍යයනය කිරීමයි. LIGO (ලයිහෝ)යන කෙටි නමින් හැඳින්වෙන Laser Interferometer Gravitational Wave Observatory (ලේසර නිරෝධමාන ගුරුත්වාකර්ෂණ තරංග පර්යේෂණාගාර ව්‍යාපෘතිය (තතු මේ ගැන නොයෙක් විට විස්තර ඉදිරිපත් කර ඇත. අපේ සංරක්ෂිත ලිපි එකතුවෙන් සොය කියවන්න — සංස්කාරක) මගින් එක් රැස් කර ගනු ලැබූ දත්ත පෙන්නුම් කළේ නියුට්‍රෝන තාරකා දෙක ගැටී එක්වීමෙන් සෑදුණු වස්තුව සූර්යයා මෙන් 2.7 ගුණයක් විශාලය. මෙය නියුට්‍රෝන තාරකාවක් සහ කළුකුහරයක් අතර ඉමෙහි තිබෙන තත්ත්වයක් හෙයින් . නියුට්‍රෝන තාරකා එකතුව හේතුවෙන් බිහිවූ වස්තුවෙ අනන්‍යතාවය පැහැදිලි නැත. එය එක්කෝ මෙතෙක් සොයාගනු ලැබූ විශාලත්වයෙන් අඩුම කළු කුහරයයි. නැතිනම් මෙතෙක් සොයාගත් වඩාත් විශාලතම නියුට්‍රෝන තාරකාවයි.
තාරකා විද්‍යාඥයන් මුලින් නැඹුරු වූයේ කළුකුහරයක් යන අර්ථ දැක්වීමට ය. එහෙත් මෑතක සිදු කෙරුණු අධ්‍යනය මගින් තර්ක කරනු ලබන්නේ එය නියුට්‍රෝන තාරකාවක් බවටයි. නියුට්‍රෝන තාරකාවක් කීවාට එය විශේෂයෙන්ම මැග්නෙටාර් (magnetar = සුපිරි චුම්බක) වර්ගයේ චුම්බක තාරකාවකි. ඊට හේතුව LIGO(ලයිහෝ) සහ එහි සහෝදර ව්‍යාපෘති වන වර්ගෝ (Virgo) මගින් එකතු කරනු ලැබූ දත්ත අතුරෙන් අලුත් සඥාවක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වීමයි. මුල්වටයේ ගුරුත්වාකර්ෂණ තරංගවලට පසුව එහෙත් ඒ සමගම ඇතිවන අධිශක්ති ගැමා කිරණ පිපිරීමකට පෙරාතුව ආරම්භ වූ තත්පර 5ක අවරෝහණ ( පහත වැටෙන) සිහින් හඬකි. මේ අලූතින් සොයා ගනු ලැබූ සිහින් හඬක සංඥාවේ සංඛ්‍යාතය කිලෝහර්ට්ස් (kHz) එකට අඩුයයි අධ්‍යයන වාර්තාවේ දැක්වේ. චුම්බක තාරකාවක් හෙවත් මැග්නෙටාරාවක් නිපදවිය යුතු සංඛ්‍යාත හා සමානුයෝග වන අතර එසේම දළ වශයෙන් සූර්යයා මෙන් තුන්ගුණයක ස්කන්ධයක් සහිත කළු කුහරයකින් බලාපොරොත්තු විය හැකි අවම අගය වන කිලෝහර්ට්ස් 2කට වඩා පහළ අගයක් ගන්නා බව කණ්ඩායම පවසති.
“ගුරුත්වාකර්ෂන තරංග තාරකා විද්‍යාව ගතතොත් අප තවම ඉන්නේ පුරෝගාමී යුගයක ය” යි අධ්‍යනයේ ප්‍රධාන කර්තෘ දකුණු කොරියාවේ සොයොන් සරසවියේ මොරිස් ෆන් පුටෙන් පවසයි” ඒ නිසා දත්ත විස්තරාත්මකව හැදෑරීම ප්‍රයෝජනවත්. අපට නම් ඒක ඇත්තටම වැඩ දායක වුණා. එය නියුට්‍රෝන තාරකා දෙකක් එකට එක් වීමෙන් සෑදුණු තවත් විශාල නියුට්‍රෝන තාරකාවක් බව සනාථ කරන්න අපට ඒ නිසා අපට හැකි වුනා” යැයි හෙතෙම කියා සිටී.
සංඛ්‍යාත හා කාලය අනුව දත්ත ලක්ෂ්‍යයන් දැක්වෙන ප්‍රස්තාරයකින් ලයිගෝ පරීක්ෂණාගාරයේ නියුට්‍රෝන තාරකා දෙකෙහි හාවීමකින් නිපදවුණු ගුරුත්වාකර්ෂණ තරංග වල ඝ්W170817 සියුම් හඬ ආරෝපණ චක්‍රයක් ලෙස දැකගත හැක.
කෙසේ වෙතත්, චුම්බක තාරකාවේ ඉරණම අවිනිශ්චිතයි. එය වේගයෙන් භ්‍රමණය වන පල්සර(pulsar) නම් නියුට්‍රෝන තාරකාවක් ලෙස දිගු කලක් ගත කිරීමට හෝ අවසානයේ බිඳවැටීමෙන් එය කළු කුහරයක් සෑදීමට හෝ ඉඩ ඇතැයි පර්යේෂකයෝ සිය වාර්තාවෙහි දක්වති. රාජකීය තාරකා සංගමයේ Monthly Notices of the Royal Astronomical Society හි මාර්ගගත සඟරාවෙහි වාර්තාව පළවිය.
Space.com හී පළ වූ Epic Crash of Neutron Stars Creates ‘Hypermassive Magnetar’ යන ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න