මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
මූල්‍යවාදය වනාහි 1960 ගණන් වල සිට බලපෑමක් ඇති කරනු ලබන ආර්ථික විද්‍යා මතවාදයකි. නූතන නිදහස් වෙළඳපොළ ආර්ථික විද්‍යාවේ ‘කට්ටඩියෙකු’ ලෙස සැලකෙන, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යාඥයෙකු වූ මිල්ටන් ෆ්‍රීඩ්මාන් (1912 – 2006) මේ මතවාදය හා සමීප සම්බන්ධතාවක් පෙන්නුම් කරයි. මූල්‍යවාදය දක්වන්නේ ආර්ථිකයක වැදගත්ම සාධකය වන්නේ මුදල් සැපයුම බවයි – එනම් කාසි වේවා, නෝට්ටු වේවා, බැංකු තැන්පතු වේවා ආර්ථිකයක් තුළ සම්පූර්ණ මුදල් ප්‍රමාණයයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩිවීමක තුලනයකින් තොරව මුදල් සැපයුම පමණක් වැඩි කළහොත් ඉල්ලුම ඉහල ගොස් එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඇති වේ.
කේන්ස්වාදය(සංකල්ප සාර සංග්‍රහය 102 බලන්න) දක්වන මතයන්ට පටහැනිව මූල්යවාදීන් කියා සිටින්නේ මුදල් සැපයුම පාලනය කිරීම සිදුකරණු විනා රජයන් ආර්ථිකයට ඇඟිලි ගැසීම් නොකළ යුතු බවයි. නිදහස් වෙළඳපොල ආර්ථිකය කෙරෙහි විශ්වාසය පෙරදැරි කරගෙන ඔවුහු පූර්ණ සේවා නියුක්තියෙහි අරමුණු ප්‍රතික්ෂේප කරති. ඔවුන් තර්ක කරන්නේ එක්තරා මට්ටමක සේවා වියුක්තියක් පැවතීම වැටුප් පහළ මට්ටමක තබාගැනීමට සහ උද්ධමනය පාලනය කිරීමට ආධාර වන බවයි.
1970 ගණන් වල සහ 1980 ගණන්වල ඇති වූ දැවැන්ත උද්ධමනය හමුවේ රජයන් ගණනාවක්ම මූල්‍යවාදය අනුගමනයට පෙළඹුණේය. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති රොනල්ඩ් රේගන් මහතාගේ සහ එක්සත් රාජධානියේ මාග්‍රට් තැචර් මහත්මියගේ රජයන් මෙයට නිදසුන් වශයෙන් දැක්විය හැකියි.