සමහර වැදගත් තේමාවන් විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය පුරාවට ව්‍යාප්තව පවතින අතර අප සලකා බලන්නේ පුරාණ ශිෂ්ටාචාරයන් වේවා, මනුෂ්‍ය ශරීරය වේවා, එසේත් නැතිනම් ධූම කේතුවක් වේවා ඒ සෑම තැනකදීම ඒවා යළි යළිත් අපට හමුවෙයි. ඒවා, ශාස්ත්‍රීය ශික්ෂණයන්ගේ මායිම් අභිබවා යන එමෙන්ම සිද්ධාන්තයන්, නිරීක්ෂණ සහ සැලසුම් පැහැදිලි කිරීමේදී ඵලදායි බව සනාථ වන අදහස්ය. එකී අදහස් කිහිපයක් ගැන මෙන්ම ඒවා විද්‍යාවට, ගණිතය සහ තාක්ෂණය කෙරෙහි කෙසේ යොදාගන්නේ ද යන්න පිළිබඳ නිර්දේශ ද මේ ලිපි පෙළ මගින් ඉදිරිපත් කෙරේ. මේවා පද්ධති, මොඩල, ස්ථායි බව හා විපර්යාස සහ පරිමාණය යන මාතෘකා ඔස්සේ ඉදිරි සඳුදා දිනවල තතු ඔබට ගෙන එනු ඇත.
පද්ධති(Systems)
එකිනෙක කෙරෙහි යම් බලපෑමක් ඇති දේවල්වල ඕනෑම එකතුවක් පද්ධතියක් ලෙස සැලකිය හැකිය. මෙකී දේවල් වස්තූන්, ජීවීන්, යන්ත්‍ර, කාර්යදාමයන්, අදහස්, සංඛ්‍යා හෝ සංවිධාන ඇතුළුව ඕනෑම දෙයක් පාහේ විය හැකිය. දේවල්වල එකතුව ගැන සැලකිලිමත්වීමේදී අපේ අවධානය අංග තුනකට යොමු වේ.
(අ) ඉන් තේරුමක් ඇති කරගත හැකි වන අන්දමට ( එහි) කොටස් අතරට එක් කළ යුතු වන්නේ කුමක්ද?
(ආ) එහි කොටස් එකිනෙක හා අන්තර් ක්‍රියාකරන්නේ කෙසේද? සහ
(ඇ) පද්ධතිය සමස්තයක් වශයෙන් ගත්කල එය අනෙකුත් පද්ධති වලට සම්බන්ධ වන්නේ කෙසේද? යන්නයි.
පද්ධති ලෙස සැලකිල්ලට ගැනීමේදී හැඟවෙන්නේ එක් එක් කොටස ලෙස සෑම කොටසක්ම තේරුම් ගත හැක්කේ පද්ධතියේ සෙසු කොටස් හා සම්බන්ධකොට යන්නය.
පරිසර පද්ධතියක් හෝ සෞරග්‍රහ මණ්ඩලයක් වේවා, අධ්‍යාපනික හෝ මූල්‍ය පද්ධතියක් වේවා, මනෝවිද්‍යාත්මක හෝ කාලගුන පද්ධතියක් වේවා යම් පද්ධතියක් විග්රහ කිරීමේදී ඒවායේ එකිනෙකට ඇති සම්බන්ධය තුළින් යම් ආකාරයක තේරුමක්, අර්ථයක් මතුකර ගැනීමට හැකි වන පරිදි ප්‍රමාණවත් කොටස් ( ඊට) එකතු කළ යුතු වේ. තවද, අර්ථයක් ඇති වන්නේ කුමකින්ද යන්න රඳා පවතින්නේ අපගේ අභිප්‍රාය කුමක් ද යන්න මත ය. නිදසුනක් ගනිමු. වන පරිසර පද්ධතියක ශක්තිය ගලා යෑම ගැන අප උනන්දුවක් දක්වන්නෙ යැයි සිතමු. එවිට අපට සූර්යයාගේ දායකත්වය හෙවත් ආදානය (input) මෙන්ම මල ජීවින්ගේ වියෝජනය(decomposition) ද ඇතුළත් කළ යුතු වේ. කෙසේවෙතත් අපේ උනන්දුව ඇත්තේ විලෝපීයන් හා ගොදුරු අතර සම්බන්ධතාව ගැන පමණක් නම් (ඉහත කී) ඒවා ඉවත් කළ හැකිය. අපට ඕනෑ කරන්නේ පෘථිවියෙහි උදම්(tides) ගැන ඉතා දළ පැහැදිලි කිරීමක් නම් පෘථිවිය හා චන්ද්‍රයා හැරුණු කොට විශ්වයේ අනෙකුත් වස්තූන් සියල්ලම අපට අමතක කරන්න පුළුවනි; අනෙක් අතට, අපට වඩාත් නිවැරදි විස්තරයක් උවමනා වන්නේ නම් පද්ධතියේ කොටසක් ලෙස සූර්යයා ද එක් කිරීම ගැන අප සලකා බැලිය යුතුව ඇත.
සිදු වන්නේ කුමක්දැයි අවබෝධ කරගැනීම සහ අවබෝධ කර නොගැනීම අතර වෙනස පද්ධතියක සීමා ඉම් හරියාකාරව දැක්වීම තුළින් ඇතිකරවිය හැකිය. නිදසුනක් වශයෙන් ගතහොත්, ‘දහනයේදී ස්කන්ධය සංරක්ෂණය වීම’ යන්න බොහෝ කාලයක් යන තුරු හඳුනා ගනු ලැබුණේ නැත. ඊට හේතුව, නිෂ්පාදනය කෙරුණු වායු, බර මනිනු ලැබූ පද්ධතියට ඇතුලත් නොවීමයි. තවද, බිත්තර දමන මැස්සන් පද්ධතියෙන් ඉවත් කර තබා අත්හදාබැලීම් සිදු කරන තුරු ඉහඳ පණුවන් කුණු කසළවලින් ඉබේටම බිහිවන බව මිනිස්සු විශ්වාස කළහ.
පද්ධති ගැන තවත් කොටසක් ලබන සඳුදා තතු ගෙන එයි. නොවැරදීම කියවන්න.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ COMMON THEMES නම් 11 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවකි, මේ.