ගුරුත්වය පිළිබඳ ඇල්බට් අයින්ස්ටයින් ගේ පැහැදිලි කිරීම සුවිශේෂී පරීක්ෂණයක් මගින් තහවුරු කරමින් තාරකා විද්‍යාඥයෝ, අපේ (ක්ෂීරපථය) මන්දාකිණිය හෙවත් ගැලැක්සිය මධ්‍යයේ ඇති සුපිරි දැවැන්ත කළුකුහරය වටා ආලෝකයේ වේගයෙන් සියයට තුනක පමණ සමාන (යථාතථ්‍යව කීවොත් ආලෝකයේ වේගයෙන් 2.7%ක) වේගයකින් ගමන් කරන තනි තරුවක ගමන්පථය නිරික්සීමට සමත් වෙයි. තාරකාව පසුගිය මැයි 19 දා , කළුකුහරයටට වඩාත් ආසන්න අවස්ථාවේ එය තාරකාවෙන් නිකුත්වන ආලෝකය දිගෑදී ගියේ ගුරුත්වාකර්ෂණ රක්ත විස්ථාපනය (red shift) යනුවෙන් හැඳින්වෙන බලපෑමෙනි.
චිලී රාජ්‍යයෙහි පිහිටි යුරෝපා අතිවිශාල ටෙලස්කෝපය ( හෙවත්) උපයෝගී කරගෙන සිදු කළ මෙම නිරීක්ෂණ නිව්ටෝසීයානු සිද්ධාන්ත සමඟ ගැලපීමක් පෙන්නුම් නොකළ ද අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදය(general theory of relativity) සමග සමමුහුර්තයයි පර්යේෂණ කණ්ඩායම Astronomy & Astrophysics නම් සඟරාවෙහි සඳහන් කර සිටියහ. S2 යනුවෙන් නම්කර ඇති මේ තාරකාව සතුව ඇත්තේ දැඩි ඉලිප්සාකාර කක්ෂයකි. සිය කක්ෂගත ගමනේදී S2 තාරකාව කළු කුහරය සිට ආලෝක පැය දාහතක් තරම් ළඟකට සමීප වේ. මේ මෙතෙක් දැන සිටින වෙනත් ඕනෑම තාරකාවකට වඩා ආසන්න වීමකි. S2 තාරකාව අවසන් වරට ආසන්නයට පැමිණ 2002 වසරේදී අවශ්‍යකරන මිනුම් යථා පරිදි සිදු කිරීමට තරම් ටෙලස්කෝප යථාතථ්‍යව නොතිබිණි.

චලනය වන වස්තුවක් මත මෙතරම් පැහැදිලිව ගුරුත්වාකර්ෂණ රක්ත විස්ථාපනයක් ඇත්තටම දකින්නට ලැබීමේ ප්‍රථම වතාව මෙයවේ” යයි යනුවෙන් ප්‍රංශයේ ජාතික පර්යේෂණායත නයේ පරීක්ෂකයෙකු වන තිබෝ පොවුමා කියා සිටියි, “තාරකාව කළුකුහරය වෙත ළඟාවීමට පෙර අපට ලොකු උත්සාහයක් අරගෙන උපකරණ නිසියාකාරව සකසා ගැනීමට සිදු වුණා”.
මෙම නිරීක්ෂණය සිදු කිරීම පිණිස විද්‍යාඥයන් සැලසුම් කරමින් සූදානම් වන්නේ වසර දාසයක සිටය. කළු කුහරය වටා එක් ඉලිප්සාකාර කක්ෂයක් සම්පූර්ණ කිරීමට S2 තාරකාවට ගතවන කාලය වනුයේ වසර දාසයයි. තාරකාව පසුගිය මැයි 19 දා කළු කුහරයට වඩාත්ම සමීප වීමේ දී එය පුදුමාකාර වේගයක් කරා ත්වරණය වූයේ අයින්ස්ටයින් විසින් සිය සාධාරණ සාපේක්ෂතා සිද්ධාන්තය මඟින් පුරෝකතනය කළ බලපෑම්වලට හසු වෙමිනි. කළුකුහරය වට කොට ඇති දූවිලි හා සුන්බුන් දිදුලන රැස්වළල්ල හේතුවෙන් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 26000ක් දුරින් පිහිටි මෙම අඳුරු තාරකාව දැකබලා ගැනීමට මහත් අභියෝගයක් විය. කළු කුහරයට සමීප වෙද්දී තාරකාවේ ආලෝකය රතු පැහැ ගත්තේ කලින් සඳහන් කළ පරිදි කළු කුහරයේ ගුරුත්වාකර්ෂණයෙන් එහි ආලෝකය දිගැදී ගිය හෙයිනි. ක්ෂීරපථය මන්දාකිණියේ මධ්‍යයේ ඇති මෙම සුපිරි දැවැන්ත කළු කුහරය අපේ තාරකාව වන සූර්යයාගේ විෂ්කම්භය මෙන් දශ ගුණයකට ආසන්න අතර සූර්යයාගේ ස්කන්ධය මෙන් මිලියන හතරක ස්කන්ධයකින් යුක්ත ය. කළුකුහරය ආසන්නයේ තාරකාව සහ වෙනත් වස්තූන් විසිරී ගොස් ඇති ආකාරය නිරීක්ෂණවල වඩාත් සූක්ෂම විශ්ලේෂණයකින් අනාවරණය වේ.
Guardian Science හි පළවූ Star spotted speeding near black hole at Centre of Milky Way ලිපිය සහ වෙනත් ලිපි කිහිපයක් ඇසුරෙනි