ඊජිප්තුවේ සක්කාර(ලිපිය අග සටහන බලන්න) නම් ප්‍රදේශයෙන් වසර හාරදාස් හාරසියක් පැරණි ඉතා විචිත්‍ර සමාධියක් හෙවත් ප්‍රභූ සොහොනක් සොයාගැනේ. මේ සමාධිය ඉතාමත් හොඳින් සංරක්ෂණයය වී ඇති අතර එහි අභ්‍යන්තරය විචිත්‍ර ප්‍රතිමා වලින් හා චිත්රවලින් සමන්විත යයි ඊජිප්තුවේ පුරාවස්තු අමාත්‍ය කලීඩ් එල්-එනනි මේ පිළිබඳව පසුගිය සෙනසුරාදා(දෙසැම්බර 15) ප්රවෘත්ති සාකච්ඡාවක්දි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය. මේ සොහොන යට රහස් ආවාට පහක් සොයා ගැනීම්ට පුරාවිද්‍යාඥයන් සමත්ව ඇති අතර ඉන් එකක වහට්යේ නැමැත්තාගේ ශව මංජුසාව (sarcophagus=ගල් දෙණ) තිබෙන්නට හැකි යයි ඔවුහු අදහස් කරති. මේ ඉපැරණි සොහොන දිව්‍යමය පරීක්ෂකවරයෙකු වෙනුවෙන් ඉදිකරන ලද්දකැයි සොහොන සොයා ගත් පුරා විද්‍යාඥයෝ සැක කරති. වහට්යේ ‘දිව්‍යමය පරීක්ෂක’ යන පද්ධති නාමය දැරූ ඉහළ පෙලේ මිසර පූජකවරයෙකි. වහට්යේ පූජකවරයා සේවය කර ඇත්තේ නෙෆරිකාරේ (පාලන කාලය ක්‍රි.පූ. 2446 සිට 2438) නම් පාරාවෝ (ආදී මිසර පාලකයන්) වරයෙකුටයි.
සමාධිය තුළින් අඩු තරමින් ප්‍රතිමා පනස් පහක් වත් සොයා ගනු ලැබූ ඇත. සත්තාරාවට කිලෝමීටර් 3ක් පමණ උතුරින් අබුසිර් නම් ප්‍රදේශයේ දී නෙෆරිකාරේගේ සොහොන් පිරමිඩය ඇත.
මේ සොහොන සාදා ඇත්තේ මට්ටම් දෙකකට ය. ඉහළම මට්ටමේ නැතිනම් තලයේ ප්‍රතිමා 24ක් සහ පහළ මට්ටමේ ප්‍රතිමා 31 ක්ද තිබූ බව ඊජිප්තුවේ පුරාවස්තු පිළිබඳ උපරිම සභාවේ මහා ලේකම් මුස්තාෆා වාශිරි පවසයි. සියල්ලම කෙසේ වෙතත් බහුතරයකින් දැක්වෙන්නේ සුළු දෙවිවරුන් හෝ මනුෂ්‍යයන්ය. සමහර ප්‍රතිමා ජීවමාන ප්‍රමාණයේ ඒවා වන අතර අනෙක් ඒවා අඩි තුනකට වඩා උසින් අඩු විය. සොහොනේ තිබී සොයා ගනු ලැබූ සිද්ධාක්ෂර හෙවත් චිත්‍ර ලේඛ බොහොමයක වහට්යේ ගේ මවගේ නම වන ‘මේරිට් මීන්’ යන්නද සඳහන්ය. මෙහි තේරුම පුරාණ සමයේ සශ්‍රීකත්වයේ දේවතාවිය වූ මීන් ‘දෙවි මිතුරිය’ යන්න බව වාශිරි දක්වයි. ඒවායේ වහට්යේ ගේ බිරිඳ වන නින් විනිට් ප්ටා යන්නද සඳහන්ය. ප්ටා යනු මැවුම්කාර දෙවි බව වාශිරි පෙන්වා දෙයි. සොහොනේ තිබී සොයාගත් චිත්‍ර අතරේ වහට්යේ සහ බිරිඳ නින් ද දක්නට ඇත. සොහොන් සමාධියෙහි නොයෙකුත් චිත්‍ර ගණනාවක්ම තිබෙන අතර සහස්ර ගණනාවක කාලයක් ඉක්ම ගොස් ඇතත් මේ චිත්රවල වර්ණ සුරැකිව පවතී. ඊජිප්තු ජාතිකයන් ඉහුම් පිහුම් පිහුම්, ගොඩනැගිලි කටයුතු වැනි ආදි කාලයෙහි මිසර ජාතිකයන් නිරතව සිටි විවිධ කාර්යයන් මේ චිත්රවල විදහා දැක්වේ.
පුරාවිද්‍යා කණ්ඩායම ආවට සොහොන් කැනීම ඊයේ ( දෙසැම්බර් 17) ආරම්භ වීමට නියමිතව තිබූ අත් අතර මේවා තුළින් වහට්යේ ගේ ගල් දෙණ ද ඊට බහාලන මානව කෘති ද සොයාගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.
මේ වසරේදී සක්කාරාහි තවත් සොයාගැනීම් ගණනාවක් ම සිදු කෙරිණ. ඉහල පෙලේ ජෙනරාල්වරයකුගේ යයි සැලකෙන වසර 3,300 ක් පැරණි සොහොනක්, වසර දෙසිය 2,500, පැරණි කෙමි කඳක් (මමී) සහිත සොහොන් බිමක්, බිළාල(බළල්) ප්‍රතිමා 100කට වැඩියෙන් සමන්විත සොහොන් සංකීර්ණයක් ද මේ අතර වේ.
සක්කාරා (ඉංග්‍රීසියෙන් Saqqara සහ Sakkara ලෙසද දැක්වේ)
පුරාණ ඊජිප්තුවේ (මිසරයේ) දැවැන්ත මිහිදන් බිමක් ලෙස සැලකෙන සක්කාරා, කිලෝමීටර 7ක් X 1.5 ක් වර්ග ප්‍රමාණයයකින් යුක්තය. සුප්‍රකට ඩීජෝසර් පියගැට පිරමිඩ ඇතුලු පිරිමිඩ ගණනාවක් මෙහි පිහිටා ඇත. නූතන අගනුවර කයිරෝ සිට කි.මී. 30ක් පමණ උතුරින් පිහිටා ඇත.
LIVE SCIENCE හී පළවූ 4,400-Year-Old Tomb of ‘Divine Inspector’ with Hidden Shafts Discovered in Egypt යන ලිපිය ඇසුරෙනි