මේ මිහිතලය මත ගොවිපල සතුන්ගේ සංඛ්‍යාව එන්ට එන්ට ම වැඩි වෙමින් පවතින අතර එමගින් කොපමණ නම් මල ( අසූචි) ද්‍රව්‍ය නිපදවෙන්නේ ද කියතොත් 2030 වර්ෂය වන විට සත්ව මල, මිනිසුන් නිපදවන අසූචි ප්‍රමාණය මෙන් හය ගුණයක් වෙතැයි නව අධ්‍යයනයකින් මගින් සොයා ගනු ලැබ ගණන් බලා ඇත. කිරි ආහාර සහ මාස වෙනුවෙන් අපගේ ඇති රුචිය හේතුවෙන් බලාපොරොත්තු රහිතව ඇතිවිය හැකි බලපෑම් ගැන මෙම අධ්‍යනයෙන් සොයා බැලේ. Nature Sustainability සඟරාවට වාර්තාවක් සපයමින් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මනුෂ්‍යයන්ගෙන් සහ ගොවිපල සතුන්ගේ මළ ද්‍රව්‍ය ලොවපුරා වැඩි වැඩියෙන් එකතුවීමෙන්, එහි ප්‍රතිඵලයක් ලෙස අපවිත්රණය (contamination) සහ ලෙඩ රෝග ඇතිවිය හැකි බවයි. එසේ වුවද, මේ ජෛවී ද්‍රව්‍ය කඳු අතරේ අන්තර්ගත වටිනා සංයෝජක නිස්සාරණය (extract) කර ගැනීමට මහඟු අවස්ථාවක් ද මෙමගින් උදා වන බව ද අමතක කළ නොහැකි ය.
ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා තාක්ෂණ ආයතනය සහ රෝග පාලනය හා වැළැක්වීමේ වීමේ මධ්‍යස්ථාන(Centers for Disease Control and Prevention) ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම අධ්‍යයනයේ දී පර්යේෂකයන් විසින් විවිධ කාලච්ඡේද තුළ විශේෂයෙන්ම ඉදිරි දශකයේ දී නිපදවන අපද්‍රව්‍ය ප්‍රමාණය බිහිතැන් සෙවීම (දන්නා දත්තවලින් නොදන්නා දත්ත නිශ්චය කර ගැනීම = extrapolate) පිණිස මනුෂ්‍යයන් සහ ගොවිපල සත්ත්ව ගහන පිළිබඳ දත්ත එකට එක්කර තිබේ. මනුෂ්‍යයන් සමග එකතු කර ගත් කල ගොවිපල සත්ත්වයන් එකතුව දැන් මල ටොන් බිලියන 4.3 ක ට එහා පැත්තේ නිපදවන බව පෙණී ගොස් ඇත. 2003 සහ 2014 අතර කාලයේදී මනුෂ්‍ය සහ ගොවිපල සත්ත්ව මල ද්‍රව්‍ය දළ වශයෙන් වසරකට ටොන් මිලියන 57 බැගින් වර්ධනය වී තිබේ.
තවද, මනුෂ්‍යයන්ගේ මල ද්‍රව්‍යය නිපදවනවාට වඩා සීඝ්‍රතාවයකින් ගොවිපල සතුන් විසින් මල නිපදවනු ලබන බව පර්යේෂකයන්ට සොයා ගැනීමට හැකි විය. 2003 වර්ෂයේදී ගොවිපල සතුන් ගෙන් නිපදවනු මල ද්‍රව්‍ය ප්‍රමාණය මනුෂ්‍යයන්ගේ අපද්‍රව්‍ය මෙන් සිව් ගුණයක් විය; 2030 වන විට සතුන්ගේ මල ද්‍රව්‍ය මිනිසුන්ගේ මෙන් හය ගුණයක් වෙතැයි ප්රක්ෂේපනය කෙරේ. මෙපමණ ප්‍රමාණයක් නිපදවන ලැබෙන්නේ කිරි ආහාර සහ මස් සඳහා වර්ධනය වෙමින් පවතින අපේ මනදොළ සපුරාලනු වස් ගොවිපල සතුන් වැඩියෙන් ඇති කිරීම මඟිනි.මල ද්‍රව්‍ය මේසා විශාල ප්‍රමාණයක් බවට පත් වන්නේ ගව වැනි විශාල එමෙන්ම මල වැඩියෙන් නිපදවන සතුන් සංඛ්‍යාව වර්ධනය වීමෙනි.(සංඛ්‍යාව අතින් ගත් කල කුකුළන් සංඛ්‍යාව ගවයින් සංඛ්‍යාවට වඩා වැඩි වුවද ගවයන් වැඩි අපද්‍රව්‍ය ප්‍රමාණයක් නිපදවන බව අධ්‍යයනයෙන් පෙනී ගියෙ යයි පර්යේෂකයෝ පවසති.) සමස්ථයක් ලෙස ගත් විට 2017 සහ 2030 අතර මිනිස් හා සත්ව යන දෙකොට්ඨාශයෙහිම මල ද්‍රව්‍ය 13% කින්ඉහළ යතැයි පර්යේෂකයෝ පෙන්වාදෙති.
මෙයින් කොටසක්– එනම් 12% ක් — ඇති වන්නේ, ඒවා පාලනයට හා පිලියම් කිරීමට හැකි, ක්‍රියාත්මක තත්ත්වයේ අපවහන පද්ධතියකට සම්බන්ධ නැති තැන්වලය. තවත් 56%ක් කුටුම්භ මගින් ස්ථානගතව කළමනාකරණය කරනු ලැබේ. එසේ වුවද පැතිරීම වැළැක්වීම සහ දූෂණය වීමේ අවදානම තවදුරටත් පවතී. මෙම අවදානම ප්‍රධාන වශයෙන් දරන්නේ අඩු ආදායම්ලාභී රටවල්ය. ඉතින්, මගින් සිදුවන දූෂණය, බෝවන රෝග, වර්ධනය බාලවීම සහ දිගුකාලීන සංජානන ගැටලුවලට මල ද්‍රව්‍ය මග පාදන හෙයින් නිදැල්ලේ පවතින කුණු කසල මගින් බලවත් තර්ජනයක් මතු කෙරේ.
මේ අනුව, මේ කුණු කන්දරාව ගැන ක්‍රියා කරන පිළිවෙතක් සොයාගැනීම එන්ට එන්ටම හදිසි අවශ්‍යතාවයක් බවට පත්වෙමින් පවතී. එහෙයින් අපද්‍රව්‍ය පාලනය කිරීම ගැන පමණක් නොව නැවත ඒවා ප්‍රයෝජනවත් අන්දමින් යොදා ගන්නා ආකාරය ගැනද ගෝලීය මට්ටමින් කල්පනා කළ යුතු යැයි පර්යේෂකයෝ පෙන්වාදෙති. එයට හේතුව අපව පුදුමයට පත් කරවන කාර්යයක් වුවත්, පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට, මල ද්‍රව්‍ය නැවත වෙනත් ආකාරයකට භාවිතයට ගතහැකි, පෝෂක, ශක්ති සහ ලෝහයන්ගේ වටිනා මූලයක් වීමයි. නිදසුනක් වශයෙන් 2030 වන විට අපේ මේ ග්‍රහලෝකය මත එකතු වන මල ද්‍රව්‍ය කන්දරාව අතර යළි ලබාගත හැකි (ගෝලීය වශයෙන් සැපයුම හිඟ වටිනා ද්‍රව්‍යයක් වන) පොස්පරස් ටොන් මිලියන සියයක් ද එමෙන්ම නයිට්රජන් විශාල ප්‍රමාණයක්ද අඩංගුය. බෝග වගාවන් සදහා වු පොහොර හැටියට මේවා යනු යොදා ගත හැකි වේ. මීට අමතරව නැවත යොදා ගැනීම පිණිස කැල්සියම් ටොන් මිලියන 18 ක් ද යකඩ සහ අනෙකුත් ලෝහ සමගින් මැග්නීසියම් ටොන් මිලියන 5.5ක් ද යලි ප්‍රයෝජනයට ගත හැකි වනු ඇත.

මේ ද්‍රව්‍ය ප්රතිචක්රීකරණයන් ඒවා බොහෝවිට ගලාගෙන යන අපද්‍රව්‍ය ප්‍රවාහයන්ගෙන් ඒවා ඉවත් කිරීමට ද හැකි වේ. එසේ අපද්‍රව්‍ය ප්රවාහයන්ට එක්වීමෙන් බොහෝ විට පාරිසරික තත්ත්වයන් තව තවත් නරක අතට හරවමින් ද මනුෂ්‍යයන්ගේ සෞඛ්‍යයට හානි පමුණුවයි. එහෙයින් ද මේ ප්රයත්නයන් මහත් ලාභදායී ද විය හැකිය: මෙයට කලින් සිදුකළ පර්යේෂණ වලින් පෙනී ගොස් ඇත්තේ මිනිසුන් මිලියනයකින් පමණක් එකතුවුන මල ද්‍රව්‍ය තුලින් ඩොලර් මිලියන 13 ක් ලාභ ලැබිය හැකි ලෝහ නිස්සාරණය කරගත හැකි බවයි.
අප ග්‍රහ ලෝකය මත මල ද්‍රව්‍ය මහා පරිමාණයෙන් එක්වීම ගැන නව අධ්‍යනය අවධානය යොමු කරවන අතරම මේ දැවැන්ත ප්‍රශ්නයම, දෙයාකාර විසඳුමක් බවට පෙරළීමේ විභවය මොනවට ගෙනහැර පායි. අධ්‍යනය දක්වන විසඳුම් දෙක වන්නේ
- දිගටම පවතින සෞඛ්‍ය තර්ජනය අඩු කිරීම සහ
- පොස්පරස් වැනි ක්‍රමයෙන් හීන වී යන ස්වභාවික සම්පත් සඳහා ඇති ඉල්ලුම සපුරාලීමේදී ආධාර වීමයි
මේ සියලු වාසි ලබා ගත හැක්කේ නිකරුනේ නාස්ති වී යන ද්‍රව්‍යයකිනි. “මෙය මහත්සේ අවධානයට මෙන්ම ආයෝජනයට යොමු විය යුතු කේෂ්ත්‍රයකි” යැයි පර්යේෂකයෝ කියා සිටිති.
Anthropocene Online Magazine Daily Science හී පළවූ We have an epic waste problem— in need of a global solution යන ලිපිය ඇසුරෙනි