කාබන්ඩයොක්සයිඩ් යොදාගනිමින් ප්ලාස්ටික් රෙදිපිළි සහ අනෙකුත් ප්‍රයෝජනවත් නිෂ්පාදන මෙයට පෙර හැකියාව තිබුණට වඩා වඩාත් කාර්යක්ෂමව වඩාත් ලාභයට තැනීමෙ ක්‍රමයක් පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබූ ඇත. Energy & Environmental Science නම් සඟරාවේ විස්තර කර ඇති අන්දමට මේ නව ක්‍රමය වනාහි එක්තරා ස්වරූපයක කෘතිම ප්රභාසංස්ලේෂණයකි. සූර්යයාගෙන් ලැබෙන ශක්තිය කාබන්ඩයොක්සයිඩ් බවට පෙරළිමටත්, ජලය ඉන්ධන සඳහා කාබෝහයිඩ්රේට් බවට ජලය පෙරැලීමටත් ශාක සුවිශේෂී දක්ෂ කමක් දක්වයි. පෘථිවි ග්‍රහයා උණුසුම් කරන කාබන් ඩයොක්සයිඩ් යොදාගනිමින් දූෂණයක් ඇතිනොවන ඉන්ධන, ඒවාගේම ඖෂධ සහ අනෙකුත් නිෂ්පාදන සෑදීම පිණිස මේ ස්වාභාවික ප්රභාසංස්ලේෂණ ක්‍රියාදාමය අනුකරණයෙන් නිපදවීමට විද්‍යාඥයෝ කලක සිටම වෙහෙසක් දරමින් සිටිති.
සාපේක්ෂව ඉහල ඵලදාවක් සහිතව එතනෝල් මීතේන් සහ හයිඩ්රජන් වැනි ඉන්ධන මේ තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කිරීමේදී සාර්ථකත්වයක් හිමිකරඝැනීමට පර්යේෂකයන් සමත් වි ඇතත්, ප්රශ්නය වන්නේ නිෂ්පාදන ක්‍රියාදාමයන් තවමත් අකාර්යක්ෂම තත්ත්වයෙන් පැවතීම සහ බලශක්තිය අධික ලෙස අවශ්‍යවන එමෙන්ම වාණිජ මට්ටමෙන් නිපදවීමට තරම් ශක්‍යතාවයකින් තොර වියදම් අධික ක්‍රමයක් ලෙස පවතීම ය. එයට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ රසායනික ප්‍රතිචාරය මුදාහැරීමට අවශ්‍ය වන උත්ප්රෙරකයයි. ඊට පිළියම් වශයෙන් රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් බහුලව පවතින, එනිසාම මිලෙන් අඩු නිකල් පොස්පරස් වලින් නිෂ්පාදවනු ලබන එකිනෙකට වෙනස් උත්ප්‍රේරක පහක කාණ්ඩයක් පිළිබඳ අදහසක් ගෙන ආහ. මේ උත්ප්‍රෙරක, කාබන්ඩයොක්සයිඩ් සහ ජලය කාබන් පරමාණු 1, 2, 3 හෝ 4 වශයෙන් අඩංගු රසායන බවට 99% කට වැඩි කාර්යක්ෂමතාවකින් යුතුව හරවයි. ක්‍රියාදාමය බෙහෙවින් බලශක්ති-කාර්යක්ෂමතාවයකින් යුක්ත වන අතර එතරම් විදුලිය වැය වන්නේ ද නැත.
ප්‍රයෝජනවත් ද්‍රව්‍ය සෑදීම පිණිස කාබන් සංයෝග තැනුම් ඒකක ලෙස යොදා ගත හැකිය. එසේ සෑඅදීමෙ දි අවසන් ඵලයෙහි නිෂ්පාදනයේ කාබන් පරමාණු සහිතව රඳාපවතිනුයේ යොදාගනු ලබන උත්ප්රේරකයෙහි සහ ප්‍රතිචාර තත්ත්වයන් මතය. දීර්ඝ කාබන් දාමයන් වඩාත් වටිනා අතර ප්ලාස්ටික් තැනනීම සදහා තැනුම් ඒකක ලෙස යොදා ගත හැකිය. නිෂ්පාදනයන්ගෙන් දෙකක් ප්ලාස්ටික්, ආසක්ත ද්‍රව්‍ය(මැලියම්) සහ ඖෂධ(pharmaceuticals) සඳහා පූර්වග(precursors) නැතිනම් මුලපිරීම් ලෙස ද එමෙන්ම ඉන් එකක් විෂ ෆෝමල්ඩිහයිඩ් වෙනුවට ආරක්ෂා සහිත ආදේශකයක් ලෙස ද භාවිත කළ හැකි වේ යයි පර්යේෂකයෝ පවසති.
මේ ක්‍රියාදාමය වෙනුවෙන් පර්යේෂකයන් දැන් පේටන් බලපත්‍ර ලබා ගෙන ඇති අතර තාක්ෂණය වානිජකරණය කිරීමේ අරමුණින් ආරම්භක සමාගමක් ද පිහිටුවාගෙන ඇත. රසායනික ප්රතිචාරයන් ස්වල්ප වශයෙන් වෙනස් කිරීමෙන් හයිඩ්‍රොකාබන් වැනි වෙනත් නිෂ්පාදන තැනීමට ද සැලසුම් කර ඇති අතර අවසන් ඵල වඩාත් විශාල ප්‍රමාණයක් නිපදවීමට හැකි වන අයුරු තාක්ෂණ පරිමාණය ඉහළ දැමීමට ද ඔවුහු ක්‍රියා කරති.
Anthropocene මාර්ග ගත සඟරාවෙහි පළවූ How to convert CO2 into furniture, drugs, and plastics—cheaply and efficiently නම් ලිපිය ඇසුරෙනි