මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
සංකල්ප සාර සංග්‍රහය යටතේ අප පසුගිය සතියේ සාකච්ඡා කළේ මානව විද්‍යාව ගැනයි. සාංස්කෘතික, සදාචාරාත්මක, ඥානන සහ විධිමය සාපේක්ෂතාවාදය එකිනෙකින් වෙන්කොට දැක්වීම සුලබව ඇති මානව විද්‍යාව තුළ සාපේක්ෂතාවාදය යන සංකල්පය විශේෂ වැදගත්කමක් උසුලයි. කිසියම් සංස්කෘතියක් වෙනත් සංස්කෘතියකට වඩා ‘ශ්‍රේෂ්ඨය’ යන අදහස — සාංස්කෘතික සාපේක්ෂතාවාදය මූලාරම්භය ලද්දේ ඥානෝද්දීප්ති හෙවත් ප්රබුද්ධ යුගයේ(the Enlightenment) වුවත් මානව විද්‍යා සිද්ධාන්තයක් ලෙස ස්ථාපිත වූයේ විසිවැනි සියවසේ මුලදී වාගේය. ස්වවර්ගකේන්ද්රිය ප්රවේශයන් (ethnocentric Approaches) නව විෂය නිහ්ශ්‍රිත භාවයකින් හෙවත් නව විෂය බද්ධතාවකින් ආදේශ කිරීමේ අරමුණ ඇතිවය.
සාංස්කෘතික සාපේක්ෂතාවාදය, නිදසුනක් ලෙස විශ්ව මානව අයිතීන් ප්‍රතික්ෂේප කරන සදාචාරාත්මක සාපේක්ෂතාවාදයක් ඇතැම් මානව විද්‍යාඥයන් විසින් යොදා ගනු ලැබීමට මග පෑදීය. විවිධ චින්තන සහ දැනුම් ක්ෂේත්‍ර තුළ විවිධ සංස්කෘතීන් පවතින බවත්, ඒවා අතර ඉම් පිටපැනීම දුෂ්කර හෝ කොහෙත්ම නොහැකි කටයුත්තක් බවත් තරයේ දක්වමින් අනෙකුත් අය ඥානන සාපේක්ෂතාවාදයක් යෝජනා කළහ. සදාචාරාත්මක සාපේක්ෂතාවාදය සහ ඥානන සාපේක්ෂතාවාදය දැන් බොහෝ දුරට අපකීර්තියට පත්ව ඇතත් මානව විද්‍යාඥයෝ තවමත් විධිමය සාපේක්ෂතාවාදය අනුගමනය කරති. ඉන් ඔවුන් අරමුණු කරන්නේ අන් අයගේ විශ්වාසයන් සහ චර්යාවන් තේරුම් ගැනීමට උත්සාහ කරන අතරම තමන්ගේම සාංස්කෘතික හෝ සදාචාරාත්මක අගතීන් අත්හිටුවීමට ය.
බුරුමයේ කයාන් තිබ්බත-මියන්මාර් වාර්ගික ජනතාව අතර දැකිය හැකි ගෙලෙහි මාල වෙනුවට වළලු ගණනාවක් පැළඳ සිටින යුවතියක් — මේ ආකාර ශරීර විකරණ බටහිර සම්මතයන්ට අනුව පුදුමාකාර(අමුතු) යයි පෙනීයන සාංස්කෘතික සංසිද්ධි පිළිබඳ ප්රරූපී උදාහරනයි.
BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන RELATIVISM යන කොටස ඇසුරෙනි