ශක්ති ප්රජාතන්ත්රීකරණය: ඉදිරි පිම්ම

පසුගිය සතියේ උපරිධාරිත්රක ගබඩා පද්ධති අත්හදාබැලීම් ගැන සඳහන් කරමින් ලාබදායී, හරිත බලය පිළිබඳව කරුණු දැක්වු යෙමු.
සූර්ය බලය සේම සුළං බලය ද සවිරාමයි. එමෙන්ම අත්ලන්තික් සාගරය හරහා රස්නය අඩු දේශගුණික ප්‍රදේශවල දී විසඳුමවන්නේ පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවීමයි. අයර්ලන්තය තුළ නිපදවන විදුලි බලයෙන් හතරෙන් එකක්ම ජනනය කරනු ලබන්නේ සුළං බලයෙනි. 2020 වන විට එය 40% දක්වා වැඩි කර ගැනීම එරට බලාපොරොත්තු දෙයි. මැක්ස්වෙල් සමාගමේ උපරිධාරිත්රක ගබඩා පද්ධති(පසු ගිය සතියේ ලිපිය බලන්න) ගැන දෙවැනි පරීක්ෂාව සිදු කරන්නේ එරටෙහිදීය. ඒ ඩබ්ලින් නුවර අසල පර්යේෂණාත්මක බුහුටි ජාලයකය. ප්‍රාදේශීය ආණ්ඩු කාර්යාල ගොඩනැගිලිවලට සවිකර ඇති උපධාරිත්රකවලට විදුලිබල සැපයුමෙහි සංඛ්‍යාතවල විපර්යාසයන් සඳහා හානි පූරණය තත්පරයකින් කොටසක් තුළ ඉටුකළ හැකි බව සනාථ වී තිබේ. මෙයට උපරිධාරිත්රක-බැටරි දෙමුහුන් (Hybrid) ගබඩා කිරීමේ ඒකකය සපයනු ලැබ ඇත්තේ FreqCon නම් ජර්මානු සමාගමක් මගිනි. උපරි ධාරිත්‍රක, ඒවායින් අපේක්ෂිත කාර්යය මෙතෙක් සාර්ථකව ඉටු කරන බව FreqCon හි ක්ලවුස් හාඩර් පවසයි.
FreqCon සමාගම අයර්ලන්තයේ බටහිර වෙරළෙහි ද වඩාත් විශාල උපරිධාරිත්රක බැටරි ඒකකයක් පරීක්ෂාවට ලක් කරමින් තිබේ. එහෙත් එහිදී මේ තාක්ෂණය කෙරෙහි අඛණ්ඩ අභියෝගයක් එල්ල වෙයි. බැටරි අඩුපාඩු සහිත විය හැකිය. නමුත් ඒවා ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වෙයි. ඊට ගැලපෙන පරිදි උපරිධාරිත්රක ද සිය ධාරිතාවය ඉහළ දමමින් සංගමනයෙන් ක්‍රියා කළ යුතුය. ඒ සඳහා ඕනෑ තරම් ඉඩකඩ තිබේ. ඉලෙක්ට්‍රෝඩ ආවරණය සඳහා නව ප්‍රභවයන් යොදා ගනිමින් තාක්ෂණය තව දුරටත් වැඩි දියුණු කිරීමට ක්‍රියා කරන බව EnerG2 වැනි සමාගම් ප්‍රකාශ කරයි. ‘‘පොල්කටු ලාභ තමයි. ඒත් ඒවායේ ස්වභාවික ධූෂක (natural contaminants) බොහොමයක් තිබෙනවා. අනික සක්‍රියන ක්‍රියාදාමය(activation process) විෂ සහිතයි. එමෙන්ම මිළ අධික යයි EnerG2 සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිළධාරී එරන් ෆීවර් කියා සිටියි. EnerG2 සමාගම ෆ්ලයිවුඞ් ආස්තරීකරණය ( ) සඳහා යොදා ගනු ලබන රෙසින් හා සමාන, කාබන් පාදක කරගත් තමන්ගේම බහු අවයවයක නිපදවයි. ඉන් අනතුරුව ඒවා වඩාත් සරල පරිසර හිතකාමී ක්‍රියාදාමයක් යොදා ගනිමින් තාපවිච්ඡ්දනය හා සක්රියනය කරයි.
EnerG2 සමාගමේ කාබන්, විවිධ වර්ගවල උපධාරිත්රක වෙනුවෙන්ම ගැලපෙන පරිදි සැකසිය හැකිය. පරාසය ගතහොත් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කිරීමට නම් පෙට්‍රල් මෝටර් රියක ඇන්ජිමක් පණගන්වා ඉක්මණින් නැවත නතර කිරීම පිණිස සැකසූ ඒවාට ක්ෂණික බල ශක්තියක් අවැසි නමුත් ගෘහ සූර්ය පැනලයක ප්‍රතිදානය සුමටනය සඳහා නම් වේගයට වඩා ධාරිතාව වැදගත්ය. ඇමෝනියම් ලවණ වැනි සුලබ ඉලෙක්ට්‍රොලයිට්ස් හා ගැලපෙන ප්‍රමාණයේ විවර පොල්කටු කාබන් වල ඇත. එහෙත් ෆීවර් දක්වන අන්දමට එහි රසායනය සීරුමාරු කිරීමෙන් EnerG2 සමාගමට අධි බල ඝනත්වයකට, අධි ශක්ති ඝනත්වයකට හෝ දෙකෙන් ඕනෑම සංයෝජනයකට වෙනුවෙන් සැකසූ ඉලෙක්ට්‍රොලයිට්ස් සඳහා ගැලපෙන කාබන් නිපදවිය හැකිය.
කාබන් සඳහා ඇති අපේ බැඳීම, ආශක්තවීම මගහරවා ගැනීමට පුළුවන් නම් අපට පිම්මේ ඉදිරියට යා හැකියයි සමහරු කල්පනාකරති. අමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් හි වයඹදිග විශ්වවිද්‍යාලයේ රසායනඥයෙකු වන විලියම් ඩිච්ටෙල් විසින් සහසංයුජ කාබනික සැකිලි යනුවෙන් හඳුන්වනු ලබන බහුඅවයවක ජාල වැඩි දියුණු කර තිබේ. ඒ තාප විච්ඡේදනයේ අවශ්‍යතාවක් නොමැතිව සෘජුවම උපරිධාරිත්රකවල කටයුතු කිරීමටය. ඔහු සහ ඔහුගේ කණ්ඩායම උපරිධාරිත්රක සඳහා සවිවර ද්‍රව්‍යයක් සාර්තකව නිපදවීමට සමත්ව තිබේ. කාර්ය සාධනය අතින් මේ ද්‍රව්‍යය නැනෝ නල උපකරණයට සමීප වුවත්, වැය වන්නේ එයින් සුළු පංගුවකි. “අප ගැන සලකතොත්, මූලික පර්යේෂණකරන රසායන විද්‍යාඥයන් වීම තමයි මෙතැන තියන පූර්ව කොන්දේසිය — නැතුව ටෙස්ලා වගේ කුමණ හෝ මෝටර් රථයකට එවැන්නක් රිංගවන්න හදන අය නොවෙයි නේ?” යනුවෙන් ඩිච්ටෙල් පවසයි.
වර්තමානයේ භාවිතයට ගන්නා කාබන් පද්ධති තරම් දීර්ඝායුෂ, සුවිශේෂී බහුඅවයවක පාදක කරගත් උපරිධාරිත්රකවලට නොතිබීමට ඉඩ ඇති බවටද සැකසංකා මතුවෙයි. “ඇත්ත, මෙ උපරිධාරිත්රක අනභිභවනීය නොවෙයි”, යනුවෙන් පවසන ෆීවර් “ඒත් බැටරි හා සංසන්දනය කිරීමේ දී ඒවා පැරදවීමට් නොහැකි වෙන්න පුළුවන්” යයි වැඩි දුරටත් පෙන්වා දෙයි. සෙලියුලර් දුරකතනයක හෝ විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් රථයක බැටරි සැලසුම් කර ඇත්තේ ආරෝපණ-විසර්ජන චක්‍ර 1000 ක් වෙනුවෙනි. එහෙත් ඩිච්ටෙල් අත්හදා බලා ඇති උපරිධාරිත‍්‍රකය පවා, ඒවා මෙන් දශ ගුණයක චක්‍ර ප්‍රමාණයක් තුළ ස්ථාවරයි.
උපරිධාරිත්රක, ඒවායේ සුළු ආරම්භයේ සිට දැන් කොයිතරම් දුරක් පැමිණ ඇත්ද කියතහොත් ඒවායේ සහායක භූමිකා පරයා ගොස් බැටරි සම්පූර්ණයෙන් පිටුදැකීමට හැකිවන තරමට ඉදිරියට එතැයි සිතීමට පවා පෙලඹීමක් ඇතිවේ. එහෙත් අප තවම සිටින්නේ එතැනට වඩා ඈතින්ය. එසේවුවද, එය කිසිදාක සිදුනොවන්නක් යයි සිතීමට තරම් අඥාන විය යුතු ද නැත. ටෙස්ලා විදුලි වාහන නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඒලන් මස්ක් ප්‍රථමවරට (කැලිෆෝනියාවේ අධිතාකෂණ කර්මානතයන්ට ප්‍රකට) සිලිකන් නිම්නයේ ආරම්භක සමාගමක් පටන් ගැනීමට පෙර උපරිධාරිත්රක ගැන අධ්‍යනය කිරීම පිණිස ආචාර්ය උපාධි පාඨමාලාවක් හැදෑරිමට උනන්දුවකින් පසුවූ බව අපි දනිමු. එපමණක් ද නොව ටෙස්ලා මෝටර් රථ සමාගමේ පේටන්ට් බලපත්‍රවල උපරිධාරිත්රක ගැන වේදනා සහගතව සඳහන් කෙරේ. එසේ නම උපරිධාරිත්රක ගැන එපමණ ප්රමෝදයට පත්ව සිට සහමුලින්ම ඒවා ගැන විශ්වාසය අත්හැර නැත. නෙවාඩා හි පිහිටි ඒ අතිදැවැන්ත ටෙස්ලා කරමාන්තශාලාවේ දොරඟුළු දැමූ කාමරවල (බාගදා කාටත් හොරා) ඒවා පරිණාමය වෙමින් පවතිනවා ද විය හැකියි.
NEW SCIENTIST (THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) CHAPTER 10 Powering the Future හි HELP FOR HEROES යන කොටස ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න