සැමට විදු නැන නුවණ – Science Literacy for All

හරිත-මිත්‍ර බලශක්තිය: ෆොසිල ඉන්ධන ඇබ්බැහිය අතහැරීම

ෆොසිල ඉන්ධන දහනය ගැන අප කාටත් ඇත්තේ අඳුරු චිත්ත රූපයකි. එවන් චිත්‍රයක් මැවෙන්නෙ ඇත්තටම ෆොසිල ඉන්ධන දහනයෙන්  පෘථිවියේ දේශගුණය අරභයා දිගටම ඇතිවන දරුණු අවදානම ගැන සිතන්නටත් පළමුවෙනි. ඒ ගැන අවධානය යොමු කරන විට මුලින් සිතට ආ රූපය සිය දහස් වාරයකින් දරුණු අතට හැරේ. ඒත් ප්‍රශ්නය වී ඇත්තේ ෆොසිල ඉන්ධන වලට ඇති විකල්පය  කුමක්ද? යන්නයි. න්‍යෂ්ටික බලය මිළ අධිකය; පුනර්ජනනීය බලශක්තිය අස්ථාවර හෙයින් විශ්වාස තැබීමට නොහැකිය; ඉන්ධන වෙනුවෙන් අධික ඉල්ලුමක් ඇති අපේ  ජීවන රටාවට  අවශ්‍ය ශක්තිය සදහා බැටරි යොදා ගැනීමේ හැකියාව ඇත්නම් ඒ අද හෙට නොව තවත් දුර අනාගතයෙහිය. මේ අනුව,  යථාර්තවාදීව ගත්විට  අපට තවත් කලක් යනතුරු ෆොසිල ඉන්ධන කෙරෙහි රඳා පැවතීමට සිදුවෙයි.

Related image

එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? මේ මිහිතලය උණුසුම් කිරීමට බලපාන කාබන්ඩයොක්සයිඩ් විමෝචනයක් සිදුනොවවන සේ ෆොසිල ඉන්ධන යොදා ගන්නා ආකාරයත් සොයා ගැනීමය. ඒ  සඳහා පිළියම තමන් සතුව ඇතැයි ඇල්බර්ටෝ ඇබැනාඩෙස් කල්පනා කරයි. නැත. නැත. ඔහු ෆොසිල ඉන්ධන කර්මාන්තය වෙනුවෙන් ක්‍රියාකරන මහජන සම්බන්ධතා  නිලධාරියෙකුවත්, කාබන් විමෝචන සිදු වූවාට පසු ඒවා අල්ලා පොළොව යට වලළලා දැමීමට ක්‍රියා කරන විවිධ වැඩසටහන්වලට සම්බන්ධ අයෙකුද නොවේ. රසායන විද්‍යාව පමණක් උපයෝගී කරගනිමින් ප්‍රශ්නයට විසඳුම් සොයා  ගැනීමට හැකි යැයි ඇබැනාඩෙස් සහ  ඔහුගේ කණ්ඩායම කියා සිටිති. එය සිදුවන ආකාරය, ඔවුනට අනුව, මෙලෙස විස්තර කළ හැකිය: ස්වාභාවික වායු අණු(molecules) තුළ සිරවී ඇති ශක්තිය මුදා ගැනීමේ ක්‍රමය වෙනස් කිරීම පමණයි අප කළ යුතුව ඇත්තේ. එවිට අපට ෆොසිල ඉන්ධන භාවිතයේ වරදකාරී හැඟීම දුරු කරමින් එහි ඇති වාසි සියල්ල ලබාගත හැකිය. විශ්වාස කරන්නත් බැරි තරම් පහසුයි නේද?

Related image

අප ෆොසිල ඉන්ධනවලට මෙතරම් ලැදිකමක් දක්වන්නේ මන්දැයි සිතා ගැනීම පහසුය. මුලින්ම දැක්විය යුතු කාරණාව වන්නේ ඒවා මිලෙන් අඩුය යන්න, සහ (තවමත්) බහුලව පවතින බවයි. අලුතෙන් ෆොසිල ඉන්ධන සම්පත් සොයාගැනීම් සහ තෙල් නිස්සාරණය සඳහා නව ක්‍රම සොයා ගැනීම් වලින් පෙනෙන්නේ ‘ෆොසිල ඉන්ධන ලබාගැනීමේ උපරිමයට ළඟාවී ඇත’ යන කතා  ඇත්තටම අතිශෝක්තියට නගා හුවා දක්වන්නක්  ලෙසයි. ඊළඟට සඳහන් කළ යුතු තවත් කාරණාවක් වන්නේ ෆොසිල ඉන්ධන විශ්වාසයෙන් ලබාගත හැකියි යන්නයි. අහස වළාකුලින් බරව සූර්යාලෝකය වැසී ගියත්, නිසි පරිදි  සුළං නොහැමුවත් බලශක්තිය ලබා ගැනීමේ ගැටලුවක් ඇති නොවේ. තවද, ෆොසිල ඉන්ධන  පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකිය: කරන්න තියෙන්නේ සුළු දෙයයි, වාහන්යේ ටැන්කිය ෆොසිල ඉන්ධනයෙන් පුරවන එක පමණයි. වාහනය  පණ ගන්වා ගමන යාමට සියල්ල දැන් හරි!

Image result for hydrogen as a fuel

කෙසේ වෙතත් ෆොසිල ඉන්ධන වලට  තිබෙන අපේ ඇබ්බැහිය මගහරවා  ගැනීමට අපි කලින්ද වෙර දමා අත්තෙමු.  1970 ගණන්වල ඛනිජතෙල් අර්බුදයේ දී සැවොම කතා කළේ හයිඩ්‍රජන් ගැනය. ඉන්ධනයක් ලෙස යහපත් අංග ගණනාවක් මේ වායුව සතුව ඇත. එය විෂ ධූලක වලින් තොරයි(non-toxic). එමෙන්ම මුළු විශ්වයේම වඩාත් බහුල මූල ද්‍රව්‍යය හයිඩ්‍රජන්ය. එය සුපිරිසිඩුය. හයිඩ්‍රජන් දැවීමෙන් නිර්මාණය වන්නේ  ජල වාෂ්ප පමණකි. – එය අපට කිසිම හානියක් ගෙන නොදී වර්ෂාව සේ පොළවට පතිත වේ. හයිඩ්‍රජන් ශක්තියෙන්  ගණනය – එකවර ටැංකිය පුරවාලීමෙන් පසුව ලන්ඩන් සිට එඩින්බර්ග් දක්වා දුරක්, ඒ කියන්නේ කිලෝමීටර් 600 කට වැඩි දුරක් යා හැකියි. එපමණක් ද නොව කාබන් බදු ඉවත් කළ පසු  ෆොසිල ඉන්ධන සමඟ තරගකාරී මිලකට හයිඩ්‍රජන් බලාගාර වලදී යොදා ගත හැකිය.

Image result for disadvantages of hydrogen as a fuel

(කෙසේ වෙතත්) ප්‍රායෝගික වශයෙන් ගත් කල කරුණු කාරණා  ඔය කියන තරම් සරල නැත. සැහැල්ලු සහ ක්ෂුද්‍ර හෙයින් හයිඩ්‍රජන්,  එය දමා ඇති ඇසුරුමෙන් කෙසේ හෝ  පැනයාමට දක්ෂ කමක් දක්වයි. පෙට්‍රල් සේම එය වහා ඇවිලෙන සුළු වන අතර එහෙත් දැවෙන්නේ නොපෙනෙන තරම් දැල්ලක් සහිතව ය. මේ සියල්ලටමත් වඩා බලපාන කාරණාව වන්නේ එය අපට ඕනෑ තැන හා ඕනෑ ආකාරයට සපයා ගත හැකි තරම් සුලභ නොවීමයි.

මේ මිහිපිට හයිඩ්‍රජන් නිදහසේ ලබාගත හැක්කක් නොවේ. එය ඇත්තේ ජලය වැනි සංයෝග හා බැඳීය. ජල අණු විද්‍යුත් විච්ඡේදනය භාවිතා කරමින් පැළීමෙන් (splitting)  ශුද්ධ හයිඩ්‍රජන් ජනනය කළ හැකිය. එහෙත් ඒ සඳහා විශාල ශක්තියක් වැයවේ. එසේත් නොමැති නම් ගල් අඟුරු හෝ ස්වභාවික වායු වාෂ්ප යොදාගනිමින් රත්කිරීමෙන් (තාපනය කිරීමෙන්) හයිඩ්‍රජන් නිස්සාරණය කර ගත හැකි වුව ද, එහි දී අතිවිශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිපදවේ.

ඉතින්,  2009 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපද බලශක්ති ලේකම් වූ, නොබෙල් ත්‍යාගලාභී භෞතිකඥ ස්ටීවන් චූ හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාකරන වාහන සදහා පර්යේෂණ වෙනුවෙන් යොදවන අරමුදල් කපාහැරීම කාටත් පුදුමය ගෙන දෙන්නක් විය. විද්‍යුත් වාහන නිෂ්පාදනයේ දැවැන්තයකුවන ටෙස්ලා ආයතනයේ   ප්‍රධාන විධායක නිලධාරී ඒලන් මස්ක්,  හයිඩ්‍රජන් වනාහි  ‘පුදුමය එළවන තරමට මුග්ධ‘ විකල්ප ඉන්ධනයක් ලෙස 2015 දී හැඳින් වූයේ මේ පිළිබඳව තිබෙන සංශයවාදී මතවාද පැහැදිලිව කැටිකර දක්වමිනි. එහෙමනම් දැන් ඉතින් කළ යුත්තේ කුමක් ද? ඊළඟ බ්‍රහ්ස්පතින්දා ඒ ගැන තවදුරටත් කතා කරමු.

Image result for greenl fuel

NEW SCIENTIST (THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE)  CHAPTER 10  Powering the Future හි GOING CLEAN යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: