ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
තාරකා දිලිසෙන්නේ ඇයි?
අප රාත්‍රී ආකාශය දෙස බලන විට ඇත්තටම බලන්නේ කාලය ඔස්සේ ආපස්සටයි. නැතිනම් අතීතයේ ගෙවීගිය කාලය දෙසයි. රාත්‍රී අහසේදී දීප්තිමත්ම තාරකාව වන Sirius A තාරකාව, අන්තස්තාරීය අභ්‍යවකාශය හරහා පෘථිවිය වෙත ළඟාවීමට අවුරුදු අට හමාරක් පමණ ගතවේ. ඒ කියන්නේ Sirius A තාරකාව ලෙස අද අප දකින්නේ අවුරුදු අටහමාර කට පෙර ඉන් නිකුත්වූ ආලෝකයයි. පියවි ඇසින් දකින වඩාත්ම දුරින් පිහිටි Deneb තාරකාව පිහිටා ඇත්තේ මහ පොළොවේ සිට ආලෝක වර්ෂ 2,600 ක් පමණ ඈතින්. බාගදා ඔය තාරකා තවදුරටත් පවතිනවාද යන්නත් විශ්වාස නැත. තවත් ඈතට අප බලන විට අප දකින්නේ කාලය වශයෙන් තවත් ආපස්සටය.
2011 වර්ෂයේදී හබල් අභ්‍යවකාශ දුරේක්ෂය (Hubble Space Telescope) eXtreme Deep Field යනුවෙන් නම් කෙරුණු අනුරූපයක් ප්‍රසිද්ධියට පත් කළේය. ඒ අනුරූපය සකසන ලද්දේ අහසින් ඉතා කුඩා කොටසකින් දින 23ක් තිස්සේ ආ දුර්වල එළිය එකතු කරගනිමිනි. දුර ඈත පිහිටි ගැලැක්සි මගින් මල්දම් ලෙස අනුරූපය සැරසී තිබුණි. ඒවායින් සමහරක් කෙතරම් ඈත ද කීවොත් ඒවායේ ආලෝකය විමෝචනය වන්නට ඇත්තේ විශ්වය වසර බිලියන භාගයක් පමණ වයස්ගත වූ අවධියෙහිය. කලක් තිස්සේම තාරකා විද්‍යාඥයන් සැක කළ දෙයක් ඒ අනුරූපයෙන් සනාථ විය. එනම්, අපේ(එනම් අප අයත් ක්ෂීර පථය) ආකාරයට අසමාන නොවන තාරකා හා ගැලැක්සි මගින් ආධිපත්‍ය පතුරවන තාරකා හා ගැලැක්සි සහිතව, විශ්වය අවශ්‍යයෙන්ම සෑම දිශාවකටම එක සමානය යන්නය. එහෙත් හබල් දුරේක්ෂයට අතීතයට තවත් ඈතට එබී බලන්නට පුළුවන් නම් එමගින් දකින්නේ බොහෝ සේ වෙනස් ආකාර විශ්වයකි.

වර්තමානයේ පොදුවේ පිළිගත් කාරණාවක් වන්නේ විශ්වය පටන් ගැනුණේ පදාර්ථ හා ශක්තියෙන් හෙබි, හිතාගන්නවත් බැරි තරමට කුඩා, රත්වූ, ඝන, ගිනි බෝලයක් ලෙසින් යන්නය. ඒ අවධියේ විශ්වය තාරකා සහ ගැලැක්සිවලින් සමන්විත නොවූ අතර තවත් වසර මිලියන 500 යන තුරුත් එය එසේ නොවීය. අප දන්නා පැරණිතම ගැලැක්සියක් වන්නේ EGSY8p7 එය උපත ලැබුවේ මහා පිපිරුමෙන් වසර මිලියන 600 පමණ පසුවය. තවත් වසර බිලියන භාගයක් යන විට තාරකා බිලියන සිය ගණනක් අඩංගු ගැලැක්සිවලින් පිරි ගොසින්ය. මෙහෙම එක අන්තයක සිට අනෙක් අන්තය දක්වා ගියේ කෙසේද? මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට නම් අපට ඉතා දුරකට ආපස්සට, මහා පිපුරුමෙන් තත්ත්පර 3X10-44 පමණ දක්වා කාලයකට ආපස්සට යායුතු වේ. මේ තමයි මිලි තත්ත්පරයකින් කොටස, විශ්වය පිම්මේ ප්‍රසාරණය වෙමින් පිම්බීමේ ආරම්භය!
බැලුමක් සේ පිම්බුණු පිම්බී
කැකෑරෙමින්, කැලෙතෙමින් ගැට ගැසුණු පදාර්ථ සහ ශක්ති කැටියක සිට විශ්වය වඩාත් සුමට, වඩාත් සමාජාතීය බවට පරිවර්තනය කරනු ලැබුවේ රැළි වැටුණු බැලුමක් පිම්බෙන ආකාරයටය. එසේ වුවද එය සම්පූර්ණ ඒකාකාරතාවට (Uniformity) මග පෑදුනේ නැත.
මහා පිපුරුමට හේතුවූ ක්වොන්ටම් උච්චාවචන සුන්බුන්හී දිගැදී ගිය අවශේෂයන් අතර තැනින් තැන ඉතා සුළු විචල්‍යයක් තිබිණ. පිම්බීම අවසන් වූ පසුව ද විශ්වය පැතිරීම දිගටම සිදු වුවද ඒ ඉතා මන්දගාමීවය. විචල්‍යයන් තවදුරටත් දිග ඇදෙමින්, තාරකා සහ ගැලැක්සි වර්ධනය වූ බීජ මේවා තමයි. අප ඒවා ගැන දන්නේ අන්තරීක්ෂ පසුබිම් විකිරණ නිරීක්ෂණ මගිනි. මෙය වනාහි බොහෝ විට මහා පිපුරුමෙහි ‘පසු දිලිසුම‘ (afterglow) ලෙස හඳුන්වනු ලබන සකල අභ්‍යවකාශය් පුරාවට පාරගාමි ක්ෂුද්‍ර තරංගවල දුබල, සැලෙන එළි නිරීක්ෂණවලිනි. මුලදී අන්තරීක්ශය ක්ෂුද්‍ර තරංග පසුබිම සෑම තැනකම එකම උෂ්ණත්වයකින් යුක්ත බවක් පෙනී ගියේය. එනම්, නිරපේක්ෂ ශුන්‍ය (absolute zero)ට වඩා 2.7 C ඉහළ මිදෙන සුළු ශීතක්. එහෙත් 1992 දී නාසා ආයතනයේ COBE හෙවත් Cosmic Background Explorer (අන්තරීක්ෂ පසුබිම් ගවේශකය) චන්ද්‍රිකාව එය විස්තරාත්මකව සිතියම් ගත කරන ලද අතර සාමාන්‍යට වඩා මද වශයෙන් සීතල සහ මද වශයෙන් උෂ්ණාධික කලාප සොයාගනු ලැබීය. 100,000කින් කොටස් කිහිපයක් තරමට එම වෙනස්කම් ඉතා කුඩා වුවත් ඒවා ප්‍රමාණවත් විය.
සීතල ස්ථාන අනුරූපී වූයේ බහුලවම හයිඩ්‍රජන් සහ හීලියම් සහිත පදාර්ථ වැඩියෙන් අඩංගු වූ විශ්වයේ මුල් කාලයේ කලාපයයි. එහෙයින් ඒවා සාමාන්‍යයට වඩා මදක් ඝනත්වයෙන් වැඩිවිය. ඉතිරි කාර්යභාරය ඉටු කරමින් ගුරුත්වාකර්ෂණය ක්‍රම ක්‍රමයෙන් මේ පදාර්ථ එන්ට එන්ටම විශාල සහ ඝන කැටි බවට පත් කරමින් අවසානයේ කොපමණ නම් විශාලද ඝනද කීවොත් න්‍යෂ්ටික විලයනය (හාවීම) ඒවායේ හරයන්() ජ්චලනය කෙරිණ(දැල්විණ). තාරකා උපත ලැබුවේ එලෙසය.
ලිපියේ ඉතිරිය හෙට(ඉරිදා) කියවන්න
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO THE STARS SHINE පරිච්ඡේදය ආශ්‍රයෙනි