(මේ ලිපියේ මුල් කොටස ඊයේ පළවිය)
අප විසින් මන්දාකිණි(ගැලැක්සි) ලෙස හදුන්වනු ලබන star clusters තාරීය පොකුරු (තරු පොකුරු)ද, මන්දාකිණි(ගැලැක්සි ) පොකුරු() ලෙස අප විසින් හදුන්වනු ලබන galaxy clusters මන්දාකිණි පොකුරු සෑදීමේදී ද ගුරුත්වය කාර්යභාරයක් ඉටුකළේය. මන්දාකිණි පොකුරක් හරහා දුර ආලෝක වර්ෂ මිලියන සියයකට වැඩි විය හැකිය. අපේම ගැලැක්සිය වන ක්ෂීරපථය(Milky Way) සෑදුණේ මේ ආකාරයට වන අතර ක්‍රියාදාමය දිගටම සිදුවේගෙන යයි. නිදසුනක් දක්වතොත් ක්ෂීරපථය, ළඟපාත පිහිටි මහා මැගලිනි වලා කුඩා මැගලිනි වලා (Large and Small Magellanic Clouds) යන සහචර මන්දාකිණි දෙකක පදාර්ථ එකට එකතු කරගන්නා අතර අභ්‍යවකාශයෙන් වායු උරා ගනියි. දැනටමත් අනෙක් ඒවාට බොහෝමයකට වඩා විශාල සහ දීප්තිමත්ය. ක්ෂීරපථය කාලයාගේ ඇවෑමෙන් තවත් බලවත් වන්නේ අසල ඇති ඇන්ඩ්‍රොයිඩ් මන්දාකිණිය හා එක්වීමෙනි.


තාරකා හටගැනිම ද නොකඩවා සිදු වේ. ඒ තාරීය තවන(nursery) ලෙස හඳුන්වනු ලබන අන්තස්තාරීය ධූලි ගහණ කලාපවලය. ධූලි වලා අතරින් මූල ග්‍රහ තැටි() සමගින් දැවැන්ත වායු හා ධූලි කුලුනු තුළින් නව ජන්ම තාරකා මතුවෙන උද්වේගකර අනුරූප හබල් අභ්‍යවකාශ දුරෙක්ෂය මගින් හසුකර ගනු ලැබ ඇත. මේ ග්‍රහ තැටි කාලයාගේ ඇවෑමෙන් සෞරග්‍රහ මණ්ඩල බවට පත්වේ.සමස්තයක් වශයෙන් ගත්කල ත්ෂීර පථය වසරකට තාරකා දහයක් පමණ ජනනයකරයි.
තාරකා සියල්ල එකම ආකාරයකට බිහිවන නමුත් ඒවා බොහෝ සේ විවිධාකාරය. සමහරක් ප්‍රභාමත්ය. අනෙක්වා අඳුරුය. සමහරක් නිල් පැහැයයි. අනෙක්වා සුදු, කහ තැඹිලි හෝ රතුයය. සමහරක් දැවැන්තය. අනෙක්වා ඉතා කුඩාය.
වේගවත් ජීවිතයක් ගතකර තරුණ කාලයේම මියැදීම
වෙනස්කම් ගතහොත් ඒවා ඇතිවන්නේ ස්කන්ධයේ අහඹු විචල්‍යයන් හේතුවෙනි. තාරකා අතුරින් සියයට අනූවක් පමණ ප්‍රධාන අනුක්‍රමයේ(main sequence) තාරකාය. තවද ඒවා සියල්ලම සිදු කරන්නේ එකම දෙයයි. හීලියම් න්‍යෂ්ටි සෑදීම පිණිස ඒවායේ හරයෙහි හයිඩ්‍රජන් න්‍යෂ්ටි එකට ගෙන තැලීම නැතහොත් මැඩීමය. මේ ක්රියාදාමය විලයනය (fusion) ලෙස හැඳින්වේ. තාරකාවක ස්කන්ධය වැඩි වත්ම එහි මැද වඩාත් රත් වේ. එමෙන්ම එහි හයිඩ්රජන් වියලනයවීම වඩාත් වේගවත් ය. එහෙයින් වඩාත් ප්‍රභාමත්ය. තාරකාව වඩාත් ප්‍රභාමත් වෙද්දී තාරකාව වඩාත් නිල් පැහැ වේ.
තවද කිවයුත්තකි: තාරකාව කොපමණ කාලයක් ආයු වළඳාවිද යන්න තීරණය වන්නේ එහි ස්කන්ධය මගිනි. තාරකාව දැවැන්ත වෙත්ම දැවීම සඳහා එය සතුව වැඩියෙන් ඉන්ධන ඇති බව ඇත්තය. එහෙත් එවන් තරු ඉන්ධනය වඩා වේගයෙන් දවාලමින් වඩාත් ඉක්මනින් මියැදෙයි. වඩාත්ම දැවැන්ත තාරකා වසර මිලියන සුළු ගණනක් තුළදී හයිඩ්‍රජන් දවා දමයි. එහෙත් මීට පරස්පරව අපේ සූර්යයා (තාරකාව) වසර බිලියන 4.6 ක් දැවෙමින් සිටින අතර තවත් බිලියන ගණනාවක් එසේ කරනු ඇත.
සෑම ප්‍රධාන අනුක්‍රමයේ තාරකාවක් ම එහි මධ්‍යයේ ඇති හයිඩ්‍රජන් යම් දිනක දවා හමාර කරන අතර ඉන් අනතුරුව ප්‍රසාරණය වෙමින් හා සිසිල් වෙමින් එය එහි මධ්‍යයෙන් පිටත ඇති හයිඩ්‍රජන් දවාලීමට පටන්ගනු ඇත. දැන් මේ තාරකාව යෝධ තරුවක් () හෝ සුපිරි යෝධ තරුවකි. විශාල තාරකා කෙටි එහෙත් උද්වේගකර ජීවිතයක් ගතකරයි. ඒවා හීලියම්, කාබන්, නියොන්, ඔක්සිජන්, සිලිකන් සහ සල්ෆර් වියලනය කිරීමට පටන් ගනියි. සිලිකන් සහ සල්ෆර් යකඩ ලෙසට වියලනය වේ. එහෙත් යකඩ බැර මූල ද්‍රව්‍ය හා වියලනය නොවේ. අන්න ඒ මොහොතේ දී එකී තාරකාව, අධිනවතාරාවක් (supernova) ලෙස ස්පෝටනය හෙවත් පුපුරායාමට ඉරණම් ගතයි.
අනතුරුව එහි අවශේෂයන් කුඩා එහෙත් ඝන ගෝලයක් ලෙස කඩා වැටේ හෙවත් ඇද හැලෙයි. මෙය එක්කෝ කළු කුහරයක් හෝ නැතිනම් නියුට්‍රෝන තාරකාවක් විය හැකිය. කුඩා ප්‍රමාණයේ යෝධ තාරකා ස්පෝටනය නොවන අතර සෙමින් ක්‍රමයෙන් ධවල වාමනයන් ලෙස දැක්වෙන රත් ඝන භූතයන් හැටියටය පිරිහේ. ප්‍රමාණවත් තරම් කාලයක් ගත වේ නම් ධවල වාමනයන් මුළුමනින්ම මැකී ගොස් කළුවාමනයන් බවට පත්වේ. හැබැයි ඉතින් මෙය දැන් සිදුවන්නේ නැත. මන්ද විශ්වය තවම එතරම් වයස්ගත වී නැති හෙයිනි.
ගුරුත්වය බලපෑම්ට යට වී ගැලැක්සි ක්‍රමයෙන් එකට එක් වේය යනු පොදු පිළිගැනීමයි. එහෙත් විකල්ප එමෙන්ම ඊට වඩා උද්වේගකර හැකි කමක් ද ඇත. වායු වළාවලට ගැටෙන අධි ශක්ති, පදාර්ථ ධාරා මගින් ඒවා පණ ගන්වනවා විය හැකියි. මේ ධාරා මුදාහරිනු ලබන්නේ ක්වොසාර් මගිනි. අතිශය දීප්තිමත් වස්තුවන මේවා බල ගන්වනු ලබන්නේ අති දැවැන්ත (supermassive) කළු කුහර මඟින් යයි විශ්වාස කෙරේ. මෙය නිවැරදි නම් ඉන් තේරුම් යන්නේ ගැලැක්සිය බොහොමයක් මාධ්‍යයේ දැකිය හැකිය අති දැවැන්ත කළුකුහර වනාහී වටාපිටාවේ නිෂ්පාදනයක් ලෙස සිතනවාට වඩා තම වටාපිටාව නිර්මාණය කරන්නන් ලෙස සැලකිය යුතු බවයි.
ලබන සතියේ අන්තයේ පදාර්ථ සෑදී ඇත්තේ කුමකින්ද?
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO THE STARS SHINE පරිච්ඡේදය ආශ්‍රයෙනි