ඇබැනාඩේස්ට මහාචාර්ය කාලෝ රුබියා කියුදෙය පසුගිය බ්‍රහස්පතින්දා(10දා) තතු ලිපියේ සඳහන් වුවා මතකයි නේ? එය කැටිකොට දැක්වුවහොත් මෙසේයි. “මහාචාර්ය රුබ්බියා මට නිතරම කිවු දෙයක් තියෙනවා. හැමෝම කරන දේම කරන්න යන්න එපා කියලා තමයි ඔහු උපදෙස් දුන්නේ”
මේ ගැන රචිත ලේඛන පීරාබලද්දී ඇබැනාඩේස් ඇතුළු කණ්ඩායම ට කිසිවෙකුටත් කළ නොහැකි දෙයක් වැඩිකලක් නොගොසින්ම සොයාගැනීමට පුළුවන් විය. නිව්යෝක් හි Brookhaven ජාතික ආයතනයේ රසායන ඉංන්ජිනේරු, න්‍යෂ්ටික විඛණ්ඩන බෝම්බයක් නිපදවීමේ මෑන්හැටන් ව්‍යාපෘතියේ ප්‍රවීණයෙකු වූද මේයර් ස්ටෙයින්බර්ග් උණුවූ ලෝහ ඇතුළත් තාපකයක් තුළ මීතේන් ‘පැළීම’ සිදුකිරීම ගැන 1999 දී යෝජනා කර තිබුණි. කිසිදිනක ක්‍රියාවට නොනැංවූ මෙහි අදහස වනුයේ උණුවූ ලෝහ මගින් තාප සංක්‍රමණය වැඩිදියුණු කරණු ලැබුණු අතර හිරවීමකින් තොරව දැලි උඩටවිත් මතුපිට පා වෙතැයි යන්නය.
ඇබැනාඩේස් සහ මහාචාර්ය කාලෝ රුබියා ඒ අවධියේ කටයුතු කළේ ජර්මණියේ පොට්ස්ඩෑම් හි Advanced Sustainability Studies ආයතනය පාදක කර ගනිමිනි. රටේ අනික් පැත්තේ එනම් කාල්ෂෲ තාක්ෂණික ආයතනයෙහි තිබුණේ බාගදා යුරෝපයේ හොඳම උණු ලෝහ පර්යේෂණාගරයයි. මීතෙන් ගැටළුව විසඳා ගැනීමට හැකිවේ දැයි සොයා බලනු වස් මෙම කණ්ඩායම් දෙක 2012 වන විට මස30ක කඩිනම් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සහයෝගීතාවයෙන් ක්‍රියාකාරීව සිටියහ.
තැත් වැරදි යහමින් පිරි වසර දෙකකට පසුව (ඔවුනට පෙණී ගිය පරිදි) සාධ්‍ය ප්‍රතිකියාකාරක සැලැස්මක් වැඩිදියුණු කර ගෙන තිබුණි: හොකී පිත්තක උස සහ විෂ්කම්භය ඇති ක්වෝර්ට්ස් වීදුරු වලින් සහ මළ නොබැඳෙන වානේ වලින් පෝරු දැමූ විලීන(උණුවූ) ටින්වලින් පිරි බඳුනකි. තුනී ලෝහ පත්‍ර හෙවත් ෆොයිල් බාහිර පරිවරණය හේතුකොට ගෙන එය ගෘහ ජල ටැංකියක පෙනුම ගත්තත් එය අපේක්ෂිත වූ ආකාරයටම ‘ක්‍රියා’ කළේය. ටින්වල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1000 දක්වා ඉහළ දමන අතර පතුලේ මීතේන් බූබූළු දැවීමට සැලස්වූ අතර මුදුනෙන් දිගටම හයිඩ්‍රජන් වායු පිටවිය. එහෙත් සැබෑ පරීක්ෂාව වුයේ එහි අභ්‍යන්තරයකෙබඳුද යන්න සොයා බැලිමයි. සති දෙකකට පසුව ඇබැනාඩෙස් සහ සගයෝප්‍රති ක්‍රියා කාරයකය තවත් දින කිහිපයක්ම ක්‍රියාත්මක කරන්න පවා ඉඩ තිබුණි’ යනුවෙන් ඇබැනාඩේස් පවසයි.
2020 වසරේදි සම්පරීක්ෂණය සෙන්ටිග්‍රේඩ් අංශක12, 000 උෂ්ණත්වයක දී නැවත සිදුකරමින් ඊට යොමු කළ මීතේන් වලින් 80%ක් පමණ ආසන්නව හයිඩ්‍රජන් බවට පරිවර්තනය කිරීමට ඇබනාඩේස් සහ පිරිස සමත්වූහ.
හරිතාගාර වායු කිසිවක් නිපදවන්නේ නැතුව අඛණ්ඩව හයිඩ්‍රජන් ජනනය කළ හැකිය යන මතිය මෙම ක්ෂේත්‍රයේ සිටින අයගේ අවධානය ඇද ගැනීමට් ප්‍රමාණවත්ය. “මේ අය ගඹුරින් සිතන පිරිසක්. ඒ හන්දා මම නම් ඔවුන් ඉදිරිපත් කළ ප්‍රතිපල ගැන සැක මතුකරන්නේ නැහැ” යයි කැන්ඩාවේ වෝටලූ විශ්වවිද්‍යාලයේ රසායන ඉංජිනේරු එරික් ක්‍රොයිසෙට් පවසයි.
කෙසේවෙතත් අප තවම අපේක්ෂා කරන ඉලක්කය කරා ළඟාවී නොමැත. ප්‍රතික්‍රියාකාරකය රත් කිරීම පිණිස ඇබැනාඩෙස් ඇතුළු පිරිසට යොදා ගැනීමට සිදුවූයේ ප්‍රධාන විදුලි සැපයුමයි. මෙය පරිසර හිතකාමී ‘හරිත’ ක්‍රියාමාර්ගයක් නොව න බව අමුතුවෙන් කිව යුතුද? ඒ වෙනුවට සූර්ය බලය වැනි ප්‍රතිජනනීය ශක්තියකින් ඔය කටයුත්ත කර ගත හැකි යයි zzzz නැමැති ප්‍රංශයේ සූර්ය බල PROMES පර්යේෂණාගාරයෙහි ස්ටෙෆ්නි අබනඩෙස් ( ඇබැනාඩෙස් ගේ ඥාතිවරියක නොවේ) පෙන්වාදෙයි. හැබැයි ඉතින් මෙහිදී යම් අවදානමක් තිබෙන බව කිව යුතුය: හිරු එළිය වලාකුලකින් වැසී ගියහොත් හෝ හිරු බැස ගියොත් උණුවූ ටින් ඝනබවට පත්ව ප්‍රතික්‍රියාකාරකයට හානි පැමිණිය හැකිය. එහෙයින් “එවැනි ප්‍රතික්‍රියාකාරකයකට සූර්ය බලශක්තිය සැප්යීම් පහසු කාර්යයක් නම් නොවේ” යයි ඇබැනාඩෙස් කියා සිටියි. ඔහු අපේක්ෂා කරන්නේ අනාගත ප්‍රතික්‍රියාකාරකවලට, ඒවායින් නිපදවන සම්පූර්ණ ප්‍රමාණයෙන් 15% ක් පමණ ඒ කියන්නේ එයින් ජනනය කරන හයිඩ්‍රජන් හයිඩ්‍රජන් වලින්ම සුලු ප්‍රමානයක් දැවීමෙන් ප්‍රතික්‍රියාකාරකයට අවශ්‍ය බලය සපයාගත හැකි බවයි. සුළං බලයෙන් ක්‍රියා කරමින් ජලයේ විද්‍යුත්-විච්ඡේදනයෙන් නිපදවන හයිඩ්‍රජන් සේම මෙම එළඹුමෙන් ද ජනනය වන්නේ ඒ ආකාරයටම පහළ මට්ටමක කාබන් ඩයොක්සයිඩ් ය.එසේ වුවද මේ ක්‍රමය වඩාත් ලාභදායී වනවා පමණක් නොව වඩාත් විශ්වාසදායක, වඩත් ජයගත හැකි ක්‍රමයක් බව ඇබැනාඩෙස් ගේ කණ්ඩායමේ මූලික විශ්ලේෂණ දක්වයි. මෙම විශ්ලේෂණ සිදු කරන ලද්දේ ජරම්නියේ RWTH Aachen විශ්වවිද්‍යාලය හා එක්වය.
එය එසේ වුවත් තවමත් දලි ප්‍රශ්නය ඉතිරිව පවතී. ටෙරාවොට් පරිමාණය දක්වා මීතේන් පැලීම තුළින් සෑම් වසරකම ඝන කිලෝමීටර ගණනාවක පරිමාවෙන් දලි කන්දක් නිපදවිය හැකිය. එය ගෝලීය හයිඩ්‍රජන් ආර්ථිකයට යෝග්‍ය බිහිතැනක් ලෙස දැක්විය හැකිය. මෙය, ෆොසිල ඉන්ධන සෘජුවම දැවීමෙන් කාබන් ඩයොක්සයිඩ් ජනනය කරනවාට වඩා අඩුවෙන් ප්‍රශ්න ඇතිකරන්නකි. එසෙවුවද මෙයින් වුව නිපදවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ද අමතක කර අත්හැර දැමීමට තරම් සුළුප්‍රමාණයක් ද නොවේ.
NEW SCIENTIST (THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) CHAPTER 10 Powering the Future හි GOING CLEAN යන කොටස ඇසුරෙනි