ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
දිගින් දිගටම විලයනය වීම
හීලියම් සෑදීම පිණිස හයිඩ්‍රිජන් අහවර වන තුරුම හයිඩ්‍රිජන් න්‍යෂ්ටි විලයන වීම ගැන අප ඊයේ තතු ලිපියේ කිව්වා මතක ඇතිනෙ? ඊළඟට මොකක්ද සිද්ධ වෙන්නේ යන්න තීරණය වෙන්නේ තාරකා වල ස්කන්ධය මතයි. තාරකාවේ ස්කන්ධය වුවමනාවටත් වඩා කුඩා නම් විලයනය නතර වි හරය නිකම්ම ධවල වාමනයෙක් බවට පත් වෙනවා. එහෙම වුණත්, ස්කන්ධය අපගේ සූර්යයා මෙන් අට ගුණයකට වඩා වැඩි දැවැන්ත එකක් නම් විලයනය නොකඩවා සිදු වෙනවා. හීලියම් න්‍යෂ්ටි බෙරිලියම් (4 වන මූලද්‍රව්‍ය) සෑදීම පිණිස එකට එක් වෙයි. බෙරලියම් තවත් හීලියම් සමග ප්‍රතික්‍රියා කරමින් කාබන් සහ ඔක්සිජන් සාදයි. වඩා දැවැන්ත තාරකා වලදී හරය කොපමණ රත්වේදැයි කිව හොත් කාබන් සහ ඔක්සිජන් තවදුරටත් විලයනය වෙමින් යකඩ( මුලද්‍රව්‍ය 26) වැනි බැර මූලද්‍රව්‍ය සාදයි. ප්‍රතික්‍රියාව එවිට අවසන් වෙයි. ඊට හේතුව මුලද්‍රව්‍යය අතුරින් වඩාත්ම ස්ථායි න්‍යෂ්ටි ඇත්තේ යකඩ වලට වීම නිසා සහ මේ තත්වයන් යටතේ විලයනය විය නො හැකි නිසා ය.
එහෙත් තාරකාවේ පිටත ස්තරයන් හි නියුට්‍රෝන හසුකර ගැනීමට සම්බන්ධ අනෙකුත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ක්‍රමයෙන් බිස්මත් දක්වා වන තුරුම වඩ වඩාත් විශාල න්‍යෂ්ටි සාදයි. තාරකාවෙහි හරයෙහි යකඩ ගොඩ නැගෙන විට තාරකාව අවසානය කරා ළඟා වේ. එයට විලයනය මගින් තව දුරටත් ශක්තිය නිපදවිය නොහැක. එහෙත් ගුරුත්වයෙන් නම් ගැලවීමක් ඇත්තේම නැත. ගුරුත්වය (තාරකාවේ) හරය සම්පිණ්ඩනය කරමින් උෂ්ණත්වය අංශක බිලියන ගණන් දක්වා ඉහළ දමයි. හදිසියේම තාරකාවේ මධ්‍ය බිඳවැටෙයි. පිටත ස්ථරය ඇතුළට කඩා වැටී ඉන් අනතුරුව අදිනවතාරකාවක්() ලෙස (මියගිය) තාරකාවේ අන්තර්ගත දෑ අභ්‍යවකාශයට වේගයෙන් මුදාහරිනවා. ස්‍ඵෝටනය (පිපිරීම) නියුට්‍රෝන මහා ප්‍රවාහයක් නිපදවන අතර ඊටත් වඩා තවත් බර මුලද්‍රව්‍ය, ඔව් යුරේනියම් දක්වා වූ (මූලද්‍රව්‍ය 92) නිර්මාණය කරයි. පෘථිවිය සහ ඉන් ඔබ්බෙහි සොයාගෙන ඇති ස්වභාවිකව ඇතිවන වඩාත් බැර මුලද්‍රව්‍ය යුරේනියම්ය. අධිනවතාරාව අභ්‍යවකාශයට සුන්බුන් පිට කරන අතර අවසානයේ ඒවා අපගේ තාරකා සහ ග්‍රහලෝක මෙන් අභ්‍යවකාශ වස්තු හැටියට ඒකරාශී වේ.
තාරකා සම්භවයට එක් ව්‍යාතිරේඛයක් වන්නේ ලීතියම්, බෙරිලියම් සහ බොරොන් යන ත්‍රිත්වයයි. ඒවායේ න්‍යෂ්ටි ස්ථාවර වන අතර තාරකාවේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් ක්ෂණිකව පරිභෝජනය කෙරේ. මේවා දුලභ වන අතර (මහා පිපුරුම මගින් නිපදවනුු ලැබූ ලීතියම් හැරුණුකොට) ඒවායින් දැනට පවතින සුළු ප්‍රමාණය සෑදෙන්නට ඇත්තේ අන්තරීක්ෂ කිරණ ව්ලින් යයි විශ්වාස කෙරෙනවා. අන්තරීක්ෂ කිරණ යනු අභ්‍යවකාශය හරහා අධික වේගයෙන් ගමන් කරන විශාලතම න්‍යෂ්ටීන්ය. ඒවායේ ශක්තිය කෙතරම් විශාල ද කියතොත්, ඒවා වෙනත් පරමාණුවක් හා ගැටෙන විට න්‍යෂ්ටිය කුඩා කැබලි වලට කැඩී යා හැකිය.
කෘතිම මුලද්‍රව්‍ය හැරුනුකොට පෘතුවියේ අනෙකුත් සියලුම පරමාණු වනාහි එක්කෝ මහා පිපුරුමෙන් ඉතිරි වූ දෑය. නැතිනම් මිය ගොස් බොහෝ කල් ගතවූ තාරකාවක කැබලි හෝ අන්නිරීක්ෂ කිරණවල කොටස්ය. තවද අවසානයේ අපේ තාරකාව (සූර්යයා) මියැදුන විට එහි කොටස් ආපසු අභ්‍යවකාශය වෙත යැවෙන අතර කාලයාගේ ඇවෑමෙන් නව සෞරග්‍රහ මණ්ඩලයක් ලෙස යළි සම්පින්ඩනය වේ. යළි ඉපදීමක් හැටියට ගත්තොත් කොහොමද වැඩේ?
ඉතා බැර ලෝහ
මේ මිහිපිට යුරේනියම් වලට වඩා බැර මුලද්‍රව්‍ය ගැන 1940 ගණන්වල මුලදී වනතුරු අවබෝධයක් තිබුනේ නැහැ. යුරේනියම්, න්‍යුට්‍රෝන සමග එකවර ඝට්ටනය කිරීමෙන් රසායන විද්‍යාඥයන් විසින් ප්ලුටෝනියම් සහ නෙප්චූනියම් නිපදවනු ලැබුයේ ඔය කාලයේදී තමයි. එතැන් පටන් කොට පාරයුරේනියම්() මූල ද්‍රව්‍ය 24ක් පරීක්ෂණාගාර වල දී සංස්ලේෂණය කරනු ලැබ ඇත. මෙතෙක් විශාලතම එක (මුලද්‍රව්‍ය 118 වන) ඔගනෙසන්ය(). පාරයුරේනියම් ගැන සලකද්දී බොහෝ දෙනා සිතා ගෙන ඉන්නේ ඒවා තනිකරම කෘතිමයි කියලයි. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. සාමාන්‍ය බැර් මූල ද්‍රව්‍ය වගේම ඒවා ද නිර්මාණය වී ඇත්තේ අධිනවතාර ස්ඵෝටන වලදීය. කෙසේවෙතත් පාරයුරේනියම් මුලද්‍රව්‍ය අස්ථායී වන අතර ඉක්මනින් සිඳි බිඳි යාමට බලයි. ස්වාභාවිකව හටගන්නා ඒවා, සෞරග්‍රහ මණ්ඩලය සෑදීමෙන් පසුව ක්ෂයවී ගොසින්ය. පෘථිවිය මත පරීක්ෂණාගාරවලදී හැර ඒවා පිටතදි හට නොගන්නේ ඒ හේතුව නිසාවෙනි.
ලබන සතියේ උල්කාෂ්ම පැමිණෙන්නේ කොයිබින්ද? ගැන කතා කරමු.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHAT IS MATTER MADE OF? පරිච්ඡේදය ආශ්‍රයෙනි