දක්ෂිණ ධ්‍රැවයේ සිට කිලෝමීටර් හය සියයක් ඔබ්බෙන් පිහිටි ඇන්ටාක්ටික් විලක වැළලී තිබූ ආදිකාලීන ජීවීන් පිළිබඳ සලකුණු සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත්වෙති.
කවුරුත් පුදුම කරවමින් ඔවුනට සොයාගත හැකි වී ඇත්තේ කිලෝමීටරයක අයිස් තට්ටුවක් යට හොඳින් ආරක්ෂා වී තිබූ ඉතා කුඩා සත්ව විශේෂවල මළකුණුය. මොවුන් කවචයන් (crustaceans) සහ tardigrade හෙවත් ජල වලසුන් ය. සතුන් සියල්ලම පොපි බීජයකටත් වඩා කුඩාය. මොවුන් හමු වී ඇත්තේ මර්සර් විල නම් උප ග්ලැසියර විලකින් ය. මෙය වසර දහස් ගණනාවක් මුළුල්ලේ නිසොල්මනේ පැවති ජල කඳකි. මේ වනතුරු මර්සර් විල මනුෂ්‍යයන් දැක ඇත්තේ වක්‍ර මාර්ගවලිනි. එනම් අයිස් පසාරු කෙරෙන රේඩාර් හෝ අනෙකුත් දුරස්ථ සංවේද උපක්‍රම මාර්ගයෙනි. ඒ සියල්ල පසුගිය දෙසැම්බර් 26 වැනිදා වෙනස් විය.
ඇමරිකා එක්සත් ජනපද ජාතික විද්‍යා පදනම විසින් සැපයුණු අරමුදල් යොදා ගනිමින් පර්යේෂකයෝ අයිස් දිය කර(අයිස් තට්ටුව යට ඇති) ජලය වෙත පටු විවරයක් තැනීමට සමත් වූහ. කෙසේවෙතත් මේ සොයාගැනීම විද්‍යාඥයන් කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවේ. ඔවුන් තවදුරටත් පුදුමයට පත් කළේ සොයාගනු ලැබූ සතුන් ගෙන් අඩු තරමින් කොටසක් හෝ මුහුද හෝ මුහුදු ගමන් නුහුරු සතුන් බව ජීව විද්‍යාඥයන්ට පෙනී යාමත් සමගය. පාද අටක් සහිත ‘ජලවලසුන්‘ () තෙත් පසෙහි ජීවත්වන විශේෂයක් සිහිගැන්විය. පණුවන් සේ දිස්වුයේ ඇත්තටම ගොඩබිමක ශාක හෝ දිලීරයක කියඹුවැල්ය (ආරෝහකයන්ය). කවචයන් මුහුදු වාසීන් නොවන්නේ යැයි ස්ථිරවම කීමට විද්‍යාඥයන්ට නොහැකි වුවත් ඔවුන් දැන් කල්පනා කරන්නේ මේ සතුන්, පසුගිය වසර 10,000 හෝ 12,000 ඇතුළත ග්ලැසියර පසු බැස ගිය සුළු උණුසුම් කාලච්ඡේද තුල මර්සර විලෙහි සිට දළ වශයෙන් කිලෝමීටර 50ක් ඈතින් පිහිටි පාර ඇන්ටාක්ටික් () කඳුවල පිහිටි විල් සහ ජල මාර්ග වල වසන්නට ඇතැයි යනුවෙනි. පසුව දේශගුණය සිසිල් වෙද්දී මේ සත්ත්ව ජීවීන් සහිත ක්ෂේම භූමි අයිස් වලින් වැසී යන්නට ඇත.
එහෙත් එවන් දුරක සිට කවචයන් සහ ජල වලසුන් ආවේ කෙසේද යන්න තවමත් මතභේදයට තුඩු දී ඇත්තකි. ඊට පිළිතුරු වශයෙන් මේ කුණපයන්ගේ වයස කාබන් වයස් නිර්ණ ක්‍රමවේද යොදා යොදාගනිමින් හා සතුන්ගේ ඩී එන් ඒ පරීක්ෂාවන් සඳහා දරන ප්‍රයත්න වලින් පසුව සෙවීමට හැකි වේ යැයි අපේක්ෂා කෙරේ.
“මෙය නම් ඇත්තටම පුදුමය දනවන්නක්” යයි සැන්ටා කෘෘස් හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ග්ලැසියර විද්‍යාඥ ස්ලවෙක් ටුලක්සික් ප්‍රකාශ කරයි. මේ අධ්‍යයනයට සම්බන්ධයක් නැති ඔහු ග්ලැසියර අයිස් යට තිබී සොයා ගනු ලැබූ අවශේෂ 1990 ගණන් වල සිට අධ්‍යනය කරන්නෙකි. “මේ වගේ කිසිවක් නම් මීට පෙර අයිස් තලාවන් යටින් සොයාගෙන නැතැ “යි ටුලක්සික් කියා සිටියි. අයිස් යට ඇති ගංගා දිගේ හෝ කඳුවල සිට සත්ව කුණුපයන් සහ දිලීර ගසා ගෙන එන්නට ඇතැයි ඔහු අදහස් කරයි.
ඇමරිකාවේ බටහිර දිග ඌටා ජනපදයේ බ්‍රිග්හැම් යං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන බ්‍රයන් ඇඩම්ස් පෙන්වා දෙන්නේ විලෙහි අනෙකුත් ජීවින් සමග සංසන්දනය කරන විට මේ සොයාගෙන ඇති සතුන් මියගොස් එතරම් කාලයක් ගත වී නැතැ කියාය. “ඕනෑ නම් අවුරුදු දහස් ගණනක සිට දස දහස් ගණනක් විය හැකියි”. වසර මිලියනයකට පෙර ජීවත්වූ, සාපේක්ෂව එතරම් වයසක් නැති හොඳින් සුරැකිව ඇති සත්‍ව කුණුපයන් පවා පර්යේෂකයන්ට වැදගත් අවස්ථා සපයා දෙන බව ඇඩම්ස් පවසයි. මේ ජීවීන් සිටි කාලය නිර්ණය කිරීමෙන් හා ඔවුන්ට ජීවත්වීමට අවශ්‍ය වූයේ කුමන ආකාරයේ පරිසරයක්ද යන්න ඇති තීරණය කිරීමෙන් ඇන්ටාක්ටිකාවේ උණුසුම් සහ සිීතල කාලච්ඡේදයන් ගැන අධ්‍යනය කිරීමට පර්යේෂකයන්ට හැකි වේ. “ඇන්ටාක්ටික් මහද්වීපයේ ඉතිහාසය යළි ගොඩනැගීම සාමාන්‍යයෙන් බාරවෙන්නේ පෘථිවි විද්‍යාඥයන්ට ය. එහෙත් මෙතැනදී නම් එය භාර වී ඇත්තේ ජීව විද්‍යාඥයන්ටයි. මේ කතාව කියන්නේ ජීව විද්‍යාඥයයොයි” ඇඩම්ස් කියා සිටී.
Nature.com හී පලවූ Tiny animal carcasses found in buried Antarctic lake යන ලිපිය ඇසුරෙනි