ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
චිබර්කුල් විලෙහි විවරය
දකුණු දිග රුසියාවේ ඌරල් කඳු වැටියට මදක් නැගෙනහිරටට වන්නට පිහිටි චෙල්යබින්ස්ක් මන්තේ ඈත අහසෙහි, 2013 පෙබරවාරි 15 වැනිදා කිසියම් විශාල දෙයක් පුපුරා ගියා. එම වස්තුවෙහි වැඩි කොටස වායුගෝලයේ දීම දැවී ගිය නමුත් යම් කොටස් මේ මිහිතලය මත පතිත වීමට සමත් වුණා. ඉන් එක් කැබැල්ලක් (ඒ වනවිට මිදී තිබූ) චිබර්කුල් විලෙහි අයිස් විනිවිද ගියේ මීටර් හතක් පමණ පළල විවරයක් ඇති කරමිනුයි. මෙම කැබැල්ල පසුව එම වසරේම ඔක්තෝබර් මාසයේදී කිමිදුම්කරුවකු විසින් සොයාගනු ලැබුවා. එය බරින් කිලෝග්‍රෑම් 570 ක් වුණා. පසුව, එම ප්‍රදේශයේ සෑම තැනකම පාහේ තිබී වඩාත් කුඩා කැබලි ද එක්කාසු කර ගැනීමට හැකි වුනා.
තාරකා විද්‍යාඥයන් නිගමනය කළේ පුපුරාගිය වස්තුව වනාහි හරහට මීටර් 17 සිට 20 දක්වා වූ මෙට්ට්‍රික් ටොන් 10,000ක ස්කන්ධයක් සහිත ග්‍රහකයක්(asteroid) බවටයි. කිලෝ මීටර් තිහක් පමණ උන්නතාංශයක දී සිදු වූ මුල් පිපිරීමේදී ටීඑන්ටී කිලෝ 500ක සමාන ශක්තියක් මුදා හැරුණා. ඒ කියන්නේ (දෙවැනි ලෝක යුද්ධයේදී ඇමරිකාව විසින්) හිරෝෂිමාවට හෙළලන ලද බෝම්බ තිහක පමණ ශක්තියයි. පෘථිවිය මත සිදුවුනු, මතකයේ රැඳී තිබෙන විශාලතම පාරභෞම ඝට්ටනය මෙයයි.
චෙල්යබින්ස්ක් උල්කාෂ්මය(meteorite) දැන් සැලකෙන්නේ පෘථිවි පෘෂ්ඨය මතින් සොයාගනු ලැබූ උල්කාෂ්ම තිස්දාහක් පමණ ඒවායින් එකක් හැටියටයි. මේ කැබලි සමහරක් කඩා වැටීම සිදු වූ සැනින් ද බොහොමයක් පොලව මතුපිට බොහෝ කාලයක් පතිතව තිබීය දී ද සොයා ගනු ලැබූ ඒවායි. ඔය එක් එක් කැබැල්ල සතුව පැවසීමට රසවත් කතාන්දරයක් තියෙනවා.
ඉතිරි වූ පාෂාණමය කොටස්
බොහොමයක් උල්කාෂ්ම ග්‍රාහාංශු හෙවත් ග්‍රහක කොටස්ය. ග්‍රහාංශු ද සෞරග්‍රහ මණ්ඩලය පිහිටීමේ ඉතිරිව වූ කැබලිය. අභ්‍යන්තර ග්‍රහලෝක (inner planets) ලෙස සලකන ග්‍රහයන් (බුධ, සිකුරු, පෘථිවි, අඟහරු) සහ පිටත ග්‍රහලෝක වන වායු සහ අයිස් යෝධයන් අතර ඇති සුන්බුන් පථයේ ලැග ග්‍රාහක ඔන්න ඔහේ පසුවන්නේ සාමාන්‍යයෙන් අහවල් දෙයක් කරන්නේ නැතිවයි. එහෙත් කිසියම් හේතු නිසා මේවායින් සමහරක් ඔවුන්ගේ කක්ෂගත ගමන් මගෙන් ඈත් කරනු ලබනවා. නැතිනම් ඝට්ටනය වී කැබලි බවට පත්වෙනවා. අහඹු ලෙස ඒවා පෘථිවිය හා ඝට්ටන මාර්ගයකට එළඹෙන අවස්ථාද තිබෙනවා. මෙසේ අභ්‍යවකාශයේ සරණ අභ්‍යවකාශය පාෂාණ හඳුන්වනු ලබන්නේ උල්කාෂ්ම හැටියටයි.
ඒවා පතිත වූ වහාම හෝ සොයා ගනු ලැබු වහාම උල්කාෂ්ම ග්‍රහලෝක විද්‍යාඥයන්ගේ මහඟු සම්පතක් බවට පත්වෙනවා. මන්ද සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිහාසය පිළිබඳ ඒවා තුළ සැඟවී ඇති රහස් අනාවරණය කර ගැනීමට වෙහෙසෙන ඔවුන්ට ඒවායින් මහත් පිටිවහලක් ලැබෙන නිසයි. ඉතින් මුල්ම කාර්යය වන්නේ එය කුමන ආකාරයේ උල්කාෂ්මයක් ද කියලා සොයා බලන එකයි. එය පැමිණෙන්නට ඇත්තේ කොයිබින්ද යන්න අනාවරණය කර ගැනීමට ඉන් මග පෑදෙන්න පුළුවනි. උල්කාෂ්ම වර්ගීකරණය ඇත්තටම සංකීර්ණ එකක්. ඒ වුනත් පුළුල්ව සලකා බලන විට කාණ්ඩ තුනක් දක්වන්න පුළුවන්.
- ගලින් පිරුණු 2. යකඩමය සහ 3. ගල් හා යකඩ යනුවෙනි.පෙනී ගිය අන්දමට චෙල්යබින්ස්ක් උල්කාෂ්මය සාමාන්‍ය උද්‍යානයක දැකිය හැකි මට්ටමේ ගල්මය එකක්. ඒ වර්ගය හඳුන්වනු ලබන්නේ කොන්ඩ්‍රයිට් (chondrite) යනුවෙන්. එසේ දැක්වෙන්නේ එහි අඩංගු කොන්ඩෲල (chondrules) නිසයි — සිලිකේට් ද්‍රව්‍ය වල කුඩා, රවුම් අංශු.
කොන්ඩෲල වල සම්භවය ගැන කිසිවකුත් දන්නේ නැහැ. ඒත් බාගදා, සෞරග්‍රහ මණ්ඩලය බිහි වීමට මඟ පෑදූ ධූලි සහ වායු වලාවක් අතරේ විලීන (molten) පාෂාණ ගොහොරු වශයෙන් ඒවා ආරම්භ වෙන්න ඇති. උල්කාෂ්ම අතරින් සියයට අසූ හයක් ම කොන්ඩ්‍රයිට්ය. ඒවා වැඩි වශයෙන් සමන්විත වන්නේ පාෂාණ වලින් වන අතර ඒවා පැමිණෙන්නේ ග්‍රාහක තීරයෙනි. ඉන් අදහස් වන්නේ ඒවා සෞරග්‍රහ මණ්ඩලය සෑදුණු පෞරාණික ද්‍රව්‍යයන්ගේ අවශේෂ කියන එක තමයි.
වඩාත් අසාමාන්‍ය පන්තියක ශෛලමය උල්කාෂ්මවන්නේ අංගාරාමමය කොන්ඩුයිට්ය. එසේ කියනු ලබන්නේ ඒවායේ පවතින අසාමාන්‍ය ඉහළ මට්ටමක ඇමයිනෝ අම්ල වැනි කාබනික රසායන අඩංගු නිසයි. මේ උල්කාෂ්ම සෞරග්‍රහ මණ්ඩලය බිහි වීමට මඟ පෑදූ ආදිකල්පික ද්‍රව්‍යයන්හි පෞරාණික කුට්ටි ලෙසද සලකනු ලබනවා.
ශෛලමය උල්කාෂ්මවල තුන්වැනි වර්ගයක් වන්නේ ඇකොනොඩුයිට්ස්ය(achondrites). එසේ නම් කරනු ලැබ ඇත්තේ ඒවායේ කොන්ඩෘෘල් නොමැති නිසයි. මේ පන්තියට උල්කාෂ්ම අතර සියයට අටක් විතර අයත්වෙනවා. ආදිකල්පිත ද්‍රව්‍ය කුට්ටි වශයෙන් පවතිනවාට වඩා ඇකොනොඩුයිට් යනු ගුරුත්වයේ බලපෑම යටතේ මූල ග්‍රහලෝක හෙවත් ළදරු ග්‍රහලෝක සෑදීම පිණිස ද්‍රව්‍ය එකට සමාහරණය වූ ග්‍රහ ගොඩනැගීමේ මුල් අවස්ථාවේ නිෂ්පාදනය බව පෙනී යයි. මූලග්‍රහලෝක ක්‍රමයෙන් විශාලවෙත්ම වඩාත් රත් වෙච්ච ඒවා විලීන වීමට පටන් ගන්නවා. මේකෙන් සිද්ධ වුණේ කොන්ඩෘෘල්ස් විනාශවී ගොස් යකඩ හා නිකල් වැනි බැර මුලද්‍රව්‍ය මාධ්‍යය(the centre) දෙසට කිඳා බසිද්දී ඒවාට පාෂාණමය ප්‍රාවරණය ඉතුරු වීමයි. මෙකී පිටත ස්ථරය ඇකොන්ඩුයිට් බොහොමයක මූලය බවට පත්වුණා. ඒවා තමයි කිසිදිනෙක විශාල වීමට නොහැකිව අසමත්ව වූ ග්‍රහලෝකවල අවශේෂයන්.
ඉරිදා(හෙට) මේ ලිපියේ ඉතිරි කොටස පළ වෙයි. නොවරදවාම කියවන්න
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHERE DO METEORITES COME FROM? පරිච්ඡේදය ආශ්‍රයෙනි.