පොදු තේමා: විපර්යාසයේ රටා

Posted by

සමහර වැදගත් තේමාවන් විද්‍යාවගණිතය සහ තාක්ෂණය පුරාවට ව්‍යාප්තව පවතින අතර අප සලකා බලන්නේ පුරාණ ශිෂ්ටාචාරයන් වේවා,  මනුෂ්‍ය ශරීරය වේවාඑසේත් නැතිනම් ධූම කේතුවක් වේවා  ඒ සෑම තැනකදීම ඒවා යළි යළිත් අපට හමුවෙයි. ඒවාශාස්ත්‍රීය ශික්ෂණයන්ගේ මායිම් අභිබවා යන එමෙන්ම සිද්ධාන්තයන්නිරීක්ෂණ සහ සැලසුම් පැහැදිලි කිරීමේදී ඵලදායි බව  සනාථ වන අදහස්ය. එකී අදහස් කිහිපයක් ගැන මෙන්ම ඒවා විද්‍යාවටගණිතය සහ තාක්ෂණය කෙරෙහි කෙසේ යොදාගන්නේ ද යන්න පිළිබඳ නිර්දේශ ද මේ ලිපි පෙළ මගින් ඉදිරිපත් කෙරේ. මේවා පද්ධතිමොඩල,  ස්ථායි බව හා විපර්යාස සහ පරිමාණය යන මාතෘකා ඔස්සේ  සඳුදා දිනවල තතු ඔබට ගෙන එනු ඇත

විපර්යාසයේ රටා

විපර්යාසයේ රටාවන් කෙරෙහි විද්‍යාවේ දී විශේෂ උනන්දුවක් දැක් වේ. සිදුවන්නේ කුමක්දැයි පුරෝකතනය සඳහා විපර්යාස යෙහි (වෙනසෙහි) විස්තර කිරී ම් වැදගත් වේ. විපර්යාස විශ්ලේෂණය කිරිීම, සිදුවන්නේ කුමක්දැය දැයි අවබෝධ කර ගැනීම මෙන්ම සිදුවන්නේ කුමක්දැයි පුරෝකතනය සඳහා අත්‍යවශ්‍යය. තවද විපර්යාසය පාලනය කිරීම් තාක්ෂණික පද්ධති සැලසුම් කිරීම පිණිස අත්‍යවශ්‍යය. අපට කැපී පෙනෙන පොදු වර්ග තුනක් හඳුනා ගත හැකිය. (1) අචල ප්‍රවණතා වන විපර්යාසය (2) චක්‍රාකාරව සිදුවන වෙනස්කම් සහ (3) අක්‍රමික විපර්යාස මේ ප්‍රවර්ග තුනයි. යම් පද්ධතියක් තුළ මේ තුන් වර්ගයේම විපර්යාස එකටම සිදුවිය හැකිය.

උපනති(Trends) :

පහළට වැටෙන ගලක වැඩිවන වේගය සිට ජනගහනයක් තුළ ජාන විකෘතියේ සිට විකරණශීල න්‍යෂ්ටි ක්ෂයවීම දක්වා බොහො සංසිද්ධිවලදී අචල විපර්යාසයන් දැකිය හැකිය. මේ ප්‍රවණතා සියල්ල එකම අර්ථයෙන් අචල නැත. ඒවා සියල්ල එකම දිශාවකට වර්ධනය වන අතර සාමාන්‍යෙයන් සරල ගණිතමය විස්තර ඇත. පාෂණ සාම්පලයක ක්ෂයවීමේ විකිරණශීලී අනුපාතය කාලය සමග අඩු වී යයි. එහෙත් එය ක්ෂය නොවී ඉතිරිවන න්‍යෂ්ටි සංඛ්‍යාව සමග නිරතුරුව අනුපාත වේ. හඳුනාගත හැකි ගණිතමය ස්වරූපයකට ගැලපෙන ප්‍රගාමී විපර්යාසයන්, ක්‍රියාදාමයක් කොපමණ කාලයක් තිස්සේ පවතින්නේදැයි ඇස්තමේන්තු කිරීම පිණිස යොදා ගත හැකිය. නිදසුනක් ගමු : පාෂණයක ඉතිරිව ඇති විකිරශීලීත්වය ඒවා කොපමණ කාලයකට පෙර සැදුනේ දැයි හඟවයි. තවද, ජීව විශේෂ දෙකක් අතර වර්තමානයේ ඩීඑන්ඒවල ඇති වෙනස්කම්වල සංඛ්‍යාව ඒ විශේෂ දෙකට පොදු පූර්වජයෙකු  සිටියේ කොපමණ පරම්පරා ගණනකට පෙර දැයි දක්වයි.

චක්‍ර(Cycles) :

නැවත නැවතත් සිදුවන පරිවර්තන අනුක්‍රමයක් — චක්‍රීය පරිවර්තනයක් – කාලගුණ, ඍතුමය චක්‍ර, ගිටාර තතක කම්පනය, ක්ෂීරපායීන්ගේ ශරීර උෂ්ණත්වය ටෙලිවිශනයක නළය හරහා ඉලෙක්ට්‍රෝන කදම්භය ඇදී යාම වැනි බොහෝ සංසිද්ධි තුළ සුපුරුදුය. උපරිමයේ සිට අවමය දක්වා වූ විපර්යාස පරාසය කොපමණ විශාලද යන්න මගින් ,  චක්‍රයක් සඳහා කොපමණ වේලා ගතවේද යන්න මගින් , සහ එහි කූට වීම හෙවත් මුදුන්වීම නිශ්චිතවම සිදුවන්නේ කොයිවේලේද යන්න මගින් චක්‍ර ස්වලාක්ෂණික වේ. නිදසුනකට පුද්ගලයෙකුගේ ශරීර උෂ්ණත්වයෙහි දෛනික චක්‍රය සඳහා විචල්‍යය, අංශකයක් පමණවන චක්‍රය සෑම පැය 24කට වරක් යළි ඇතිවන අතර කූටප්‍රාප්තිය සාමාන්‍යෙයන් සිදුවන්නේ අපර භාගය ආරම්භයේදීය. ගිටාරයක තත ගතහොත් චලනයේ වෙනස මිලිමීටරයක් පමණ වන අතර සෑම චක්‍රයක් සඳහාම තත්ත්පරයකින් දාහකින් පංගුවක් පමණ ගතවේ.

චක්‍ර ගතහොත් ඒවා අයිස් යුගයන් අතර මෙන් වසර දහස් ගණනක් හෝ විදුලි දෝලකවල (oscillators) මෙන් තත්ත්පරයකින් බිලියනයක පංගුවක් විය හැකිය.  භූ කම්පන හා අයිස් සමයන් වැනි බොහෝ සංසිද්ධි සතුව ස්වරූප වශයෙන් ප්‍රස්ථිතිකවන (නොකඩවා පවතින)  එහෙත් ඒවායේ කාලඡේද වශයෙන් ගතහොත් අක්‍රමිකවන විපර්යාස රටා තිබීමට පුළුවන — සමාවර්තවීම (නැවත නැවත සිදුවීම) ඒවායේ ස්වාභාවය බව අප දන්නේ වී නමුත්  යථාතථ්‍යව කොයිවේලේ සිදුවේදැයි අපට පුරෝකතනය කළ නොහැක.

චක්‍රයක් තුළ විචලනයේ සරිය කොපමණ විශාලවේද කියතොත් භූ කම්පනයකදී කම්පන මගින් ගොඩනැගිලි බිඳ වැටීම ආකාරයෙන් එය පද්ධතිය අවුල්කිරීමට තරම් විය හැකිය. එසෙ නැතිනම් කොපමණ නම් කුඩා ද කිවහොත්  පද්ධතියේ අහඹු ක්‍රියාකාරිත්වය තුළ අහිමිව ගිය බවක් පෙනෙන තරමට ඉතාමත් කුඩා විය හැකිය. කෙසේ වෙතත් සවිධි (regular) කුමක්ද සසම්භාවී කුමක්ද යන්න දත්ත දෙස බැලීමෙන් පමණක් සෑමවිටම පැහැදිලි කර ගත නොහැක. සම්පූර්ණයෙන්ම අවිධි හෝ අක්‍රම යයි පෙනී යන දත්ත (වුව) ඒවාට පාදකවන උපනතීන් හෝ චක්‍ර ඇති බව සංඛ්‍යා ලේඛනාත්මක විශලේෂණවලින් දැක්විය හැකිය. අනෙක් අතට, දත්තවල පෙනී යන උපනති හෝ චක්‍ර සසම්භාවිතාව හෝ සම්පාතය කෙරෙහි පමණක් ආරෝපණය කළ හැකි ලෙස පැහැදිලි කිරීමට පහසුවෙන්ම හැකි බව සංඛ්‍යා ලේඛනාත්මක විශ්ලේෂණ මගින් ඇතැම් විට දැක් විය හැකිය.

නිදසුනක් වශයෙන් ඕනෑම දිශාවකට සිදුවන වෙනස එම වෙනස ප්‍රතිවිරුද්ධ බලයන්ට මග පාදන්නක් වැනි චක්‍රීය විපර්යාස සුලබව දක්නට ලැබෙන්නේ පද්ධතියක ප්‍රතිපෝෂණ බලපෑම් අති විටකය.  එවැනි මන්දගාමී ක්‍රියාකරකම් පසුවිපරම් සහිත පද්ධතියක් එය යලි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට තරම් වීමට පෙර සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස්වීමට ඉඩ ඇත. තවද එය සාමාන්‍ය තත්ත්වයට පත්වූ විට විපර්යාසයේ ගම්‍යතාව මගින් එය යම්  දුරක් විරුද්ධ දිශාවට ගෙන යනු ලබන අතර ඒ අන්දමට ක්‍රමික චක්‍රයක් වැන්නක් නිර්මාණය කරයි. කුඩා තනි සෛල තරමේ ජීව විද්යාත්මක පද්ධති සතුව ප්‍රතිපෝෂණ ප්‍රතිඵලයක් හැටියට එන රසායනික චක්‍ර ඇත. ඊට හේතුව ප්‍රතිචාරයන්ගේ නිමැයුම් ප්‍රතිචාරයන් සිදුවන සීග්‍රතාව කෙරෙහි බලපෑමක් ඇති කරයි. සංකීර්ණ ජීවීන් තුළ, එකිනෙක කෙරෙහි ස්නායුක හා හෝමෝන පාලන පද්ධතිවල ප්‍රතිපෝෂණ බලපෑම මගින් බොහෝ ශාරිරික ක්‍රියාකාරිත්ව මත කැපී පෙනෙන රිද්ම නිර්මාණය කරයි. (නිදසුන් : රුධිර සෛල ගණනයන්, ඖෂධවලට සංවේදීතාවයන්, සුපරීක්ෂාකාරීවීම සහ මනෝභාවයන් පවා) මානව සමාජ මට්ටමේ දී ඕනෑම උපනතියක් ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාරයක් ඇති කරවයි. එහෙයින් බොහෝ සමාජ චක්‍ර ඇති වේ. ආර්ථිකයන්, විලාසිතාවන් සිට අධ්යනයේ දර්ශනවාදයන් දක්වා සෑම දෙයකදීම එහාට මෙහාට පැද්දීම දැකිය හැකිය.

 

ව්‍යාකූලතාව(Chaos):

පද්ධතියක කොටස් හැසිරෙන්නේ කෙසේදැයි නිශ්චිතව දැන ගැනීම, සමස්ත පද්ධතිය ක්‍රියාකරන්නේ කෙසේ දැයි  නිශ්චිතව පුරෝගතනය කිරීමට අපට අවශ්‍යෙයන්ම ඉඩකඩ සලසන්නේ නැත. සාමාන්‍ය වශයෙන් සරල එමෙන්ම නිශ්චිතවම දක්වා ඇති ක්‍රියාදාමයන්ගේදී පවා බොහෝ වාරයක් නැවත නවැත කරනා විට අතිශය සංකීර්ණ, ව්‍යාකූල යයි පෙනී යන ප්‍රතිඵල ඇතිවීමට ඉඩ තිබේ. අණුක පරිමාණයට ඉහළ බොහෝ පද්ධතිවලට අපමණ කොටස් සහ බලයන්ගේ අන්තර් ක්‍රියාකාරකම් සම්බන්ධවනවාද එමෙන්ම තත්ත්වයන්ගේ ඉතා සුළු වෙනස්කම්වලට පවා කොපමණ සංවේදී ද කියතහොත් ඒවායේ විස්තරාත්මක චර්යාව පුරෝකථනය කිරීමට නොහැකිය.

එලෙස විස්තර හා භාවිකථනය කිරීමේ නොහැකියාව තිබුණේ වී නමුත් ඇතැම් විශාල පද්ධතිවල ලුහුඩු චර්යාව බොහෝ සේ භාවිකථනය කළ හැකිය. සමතුලිතව ඇති වායුවක පීඩනයෙහි හා උෂ්ණත්වයෙහි විපර්යාසයන් එම පද්ධතියේ අණුවල ව්‍යාකූල චලනය සහ කිසියම් තනි අණුවක චලනය පුරෝකථනයට විද්‍යාඥයන්ගේ නොහැකියාව නොතකා බොහෝ විට ඉතා නිවැරදිව පුරෝකථනය කළ හැකිය. ගසක් වටා පත්‍ර බෙදීයාම හෝ කාසි උඩ දැමීමේ දීර්ඝ පෙළකදී ‘නෝනා’ පෙරළීමේ ප්‍රතිශතය එකවරක සිට  තවත් අවස්ථාවක දක්වා  විශ්වාසයකින් යුතුව  පුරෝකථනය කිරීම සිදුවිය හැකිය. එලෙසම, ඕනෑම එක් තනි පුද්ගලයකුගේ චර්යාව පුරෝකථනය කරනවාට වඩා පුද්ගලයන් කණ්ඩායමක සාමාජිකයන්ගේ සාමාන්‍ය චර්යාව පුරෝගථනය කිරීම වඩාත් විශ්වාස්‍ය විය හැකිය. දිනපතා කාලගුණය පුරෝකථනය පහසු නොවුණත් දේශගුණය නම්  සැලකිය යුතු දුරට පුරෝකථනය කළ හැකිය.

චක්‍රීය චර්යාවේදී බොහෝ පද්ධති දළ වශයෙන් ස්ථායීබවක් දක්වයි. විස්තර දෙපාරක්ම එක සමාන නොවුණත් ඒවා එකම ආකාරයේ අවස්ථා පෙළක් නැවත නැවතත් පසු කළ යා යුතුය. පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කිරීම, නින්ද සහ අවදිව සිටීම අතර මනුෂ්‍යයන්ගේ චක්‍ර විලෝපීයන් සහ ගොදුරු ගහණ චක්‍රීය ලෙස ඉහළ පහළ යාම නිදසුන්ය. එවැනි පද්ධතිවලට අතිශය සංකීර්ණ බලපෑම්වල එකිනෙකා මත ක්‍රියාකිරීම සම්බන්ධ වූවත්, එක් තනි ඉතා සරල චක්‍රයක් සන්නිකර්ෂණය කිරීමෙන්  අනියතතාව දිගටම පවතී. විශාල කැලඹිලි මගින් පද්ධතිය බොහෝ වෙනස් චර්යාවකට යොමු කළ හැකි වුවත්, සුළු කැළඹිලිවල ප්‍රතිඵලය වන්නේ පද්ධිය එම සන්නිකර්ෂණ චක්‍රය වෙත ආපසු යාමයි. කෙසේ වෙතත් එවන් වෙනස් චර්යා  තවත් සරල චක්‍රයක් විය හැකිය.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  COMMON THEMES  නම්  11 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවකි,  මේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.