සතුන් වඳ වී යාමේ තර්ජනයෙන් වළක්වා ගැනීම පිණිස සංරක්ෂණවාදීන් බොහෝ විට සිදු කරන්නේ නව ගහනයන් යහතින් පැවැතීමට ඉඩ සලසන ප්‍රදේශ වෙත ආපදාපන්න () සතුන් යොමුකිරීමයි. මෙම යහපත් ප්‍රදේශ ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ එම විශේෂය්න්ගේ ඓතිහාසික භූගෝලීය භූමි පරාසය තුළ වනබද පළාත් හා ආරක්ෂිත කලාපයි. යි. එහෙත් ආපදාපන්න සතුන් සංරක්ෂණය සදහා නගරවලට යොමු කිරීමේ වරද කිම?
“ස්වදේශික විශේෂ නොමැති එහෙත් ඇතැම් ස්වදේශික නොවන විශේෂවලට පිරවිය හැකි හා පුරවනු ලබන නාගරික වාසස්ථාන අපි නිර්මාණය කරලා තියෙනවා.“ ලොස් ඇන්ජලීස් හි පරිසර විද්‍යාඥ සහ පරිණාමීය ජීව විද්‍යාඥ බ්‍රැඩ් ෂැෆර් පවසයි. Nature Sustainability සඟරාවට ලිපියක් සපයමින් හෙතෙම ප්‍රශ්න දෙකක් නගයි. ඒවායේ පදිංචියට කුමන විශේෂයක් ඒවිදැයි අප බලා සිටිය යුතුද? නැතිනම් සත්ව විශේෂ සිය කැමැත්තෙන්ම පදිංචියට ඒමට පෙර අප හිතාමතාම ඒවාට විශේෂ හඳුන්වා දිය යුතු ද? යන්න ඒ ප්‍රශ්න දෙකයි.
පුරවර, බොහෝ කාලයක් තිස්සේ සැලකෙන්නේ ස්වාභාවිකත්වයෙන් ඈත් වූ ස්ථාන ලෙසයි. එහෙත් ඒ මතය ක්‍රමයෙන් වෙනස් වෙමින් දැන් අවබෝධ වී ඇත්තේ නගර මානවයන් නොවන ජීවීන් සදහා සරු එමෙන්ම ඕනෑතරම් ඉඩකඩ තිබෙන නැතිනම් ඉඩකඩ බහුල ස්ථාන හැටියටයි. මිනිසුන්ගෙන් සිදුවන බාධා කිරීම් ඉවසා දරාගත හැකි සත්ව විශේෂයන්ට පාරිසරික ස්ථාන බහුලව ඇත.
ඓතිහාසිකව ගත්කල මොවුන් බොහෝ විට ස්වදේශික නොවන විශේෂයි. ඔවුන් අහම්බෙන් හෝ වගකීමෙන් තොර වීමේ හේතුවෙන් හිටි තැන් වලින් වෙන තැන්වලට විතැන් වී එක්කෝ අලුත් තත්ත්වයන්ට අනුගත වී ඇත. නැතහොත් නව පරිසරය ඔවුන් පරිණාමය වූ පරිසරයට සමාන බවක් පෙන්නුම් කරන සෙයක් පෙනී ගොස් ඇත.
Red-eared slider turtles නම් කැස්බෑ විශේෂය උතුරු ඇමරිකාව පුරා ජලමාර්ග වල දැකිය හැකි ඇත්තටම කලින් සුරතලයට ඇති කළ පසු එපා වී අත්හැර දැමූ සතුන් ගෙන් පැවත එන්නන්ය. මියාමිවල ජීවත්වන මේ උරග හා උභය ජීවී විශේෂයන්ගේ සම්භවය හෙව්වොත් තුනෙන් එකක්ම නැව්වල සැඟවී පැමිණියන් හෝ ඇති දැඩි කරන තැන් වලින් පැන ගත් සතුන්ය.
දහනමවෙනි සියවසේ ජර්මානු සංක්රමණයෙකු විසින් මුදා හරිනු ලැබීමෙන් පසුව යුරෝපීය ශාරිකාවන් (European starlings) විසින් නව ලොව ජනාවාස පිහිටුවා ගන්නා ලදී. එම සංක්‍රමණිකයාට අවශ්‍ය වූයේ ශේක්ෂ්පියර්ගේ නාට්‍යවල සඳහන් පක්ෂීන් ගහන පිහාටුවාලීමටයි. ශාරිකාවන් සහ මිරිදිය කැස්බෑවන් තවමත් සිය ඓතිහාසික කලාප තුළ සුලබ ය. එහෙත් සංරක්ෂණය කිරීම පහසු නැත.
ඇතැම්විට අලුතෙන් පැමිණෙන්නන් ආපදාපන්න ය. රතු කිරුළ සහිත ඇමසන් ගිරවුන් (red-crowned Amazon parrots) මැක්සිකෝවේ සිය නිජබිමෙහි සිටිනවාට වඩා සංඛ්‍යාවක් ලොස් ඇන්ජලීස්වල සිටිති. ඕස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග වෙරළබඩ ඔස්සේ ක්‍රමයෙන් හීනවන ගහණයක් සහිතව වසන, ආපදාවන්ට ලක් වීමේ ඉඩකඩ ඇති කොළ සහ රන් පැහැ ගෙඹි විශේෂ() නවසීලන්තයේදී යෙහෙන් වැජඹෙති. විශේෂයන් නෂ්ටප්රාප්ත වීමෙන් වළකා ලීම මෙම ගහන මගින් සහතික කරනු ලබන අතර ඔවුන් ජීවත්වන්නේ වල්, අසංවිධිත ගහන ලෙස මිස සත්ව උද්‍යානවල හෝ කළමනාකරණය කරමින් ඇති දැඩි කරන සතුන් ලෙස නොවේ යයි ෂැෆර් පවසයි. සංරක්ෂණය කිරීමේ විභවය මෙන්ම සත්ත්ව විශේෂ ස්ථාන ගත වීම පහසුවෙන් සිදු වන බව සලකන විට ක්‍රියාදාමය නියාමනය කිරීමට උත්සාහ කිරීම වටී යයි හෙතෙම පෙන්වා දෙයි.
මෙම උපාය මාර්ගය යටතේ පරිසරවේදීන් සහ සංරක්ෂණවාදීන් විසින් ගෝලීය වශයෙන් මෙම ව්‍යායාමය සඳහා සුදුසු විශේෂ හඳුනාගතයුතුය. නිර්ණය කෙරෙන කිසියම් නගරයක සාර්ථකව ජීවත් විය හැක්කේ කුමන විශේෂයක් ද යන්න මෙන්ම දැනෙට එම ප්‍රදේශ වාසීන්ගේ පිළිගැනීමට ලක්වේද යන්න තීරණය කළ යුතු බව ද පෙන්වා දෙනු ලැබේ. ස්වදේශිකයාට-එරෙහි-ආගන්තුකයා දෙබෙදුම යනුවෙන් දැක්වෙන ප්‍රධාන ධාරාවේ සංරක්ෂණ මතවාදයට ස්වදේශික නොවන විශේෂ නගරවලට ගෙන ඒම පටහැනි බව ඔහු පිළිගනියි. එහෙත් මේ උපාය මාර්ගය සැලකිල්ලට ගත යුත්තේ සීග්‍ර දේශගුණ විපර්යාස සහ වාසභූමි අහිමිවීම හේතුවෙන් අවුල්ව ගිය ලෝකයක් තුළ නාගරීකව ස්වදේශික නොවන ජෛව විවිධත්වය අප පරිණාමීය පරම්පරාව අහිමි වී යාම වලක්වන උපාය මාර්ගයක් පිළිගැනීම ප්රඥාගෝචර යයි ෂැෆර් පෙන්වා දෙයි. එපමණක් නොව එය අප විස්මයට පත් කරන එමෙන්ම අපව අනුප්‍රාණය කරනු ලබන උපායමාර්ගයක් ද වියහැකිය යන්න ඔහුගේ අදහසයි.
Anthropocene daily science හී පලවූ To help endangered animals, move them into cities යන ලිපිය ඇසුරෙනි