හරිත-මිත්‍ර බලශක්තිය: අනාගත විසඳුම හයිඩ‍්‍රජන් ද?

Posted by

ලාභදායී එමෙන්ම බහුලව ලබා ගත හැකි සංශුද්ධ  කාබන් සැපයුමක් විවිධාකාර ප‍්‍රයෝජන සඳහා සොයා ගත හැකි යයි දැන් මැඩ්රිඩ් හී තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සේවය කරන ඇල්බර්ටෝ ඇබැනාඬේස් අදහස් කරන බව අප පසුගිය සතියේ පළවූ ලිපියේ සඳහන් කළා ඔබට මතක ඇති. අප විසින් යොදා ගනු ලබන තාක්ෂණය සම්බන්ධයෙන් තීරණාත්මක සාධකය විය යුත්තේ දේශගුණ බලපෑමය යන්න ගැන  ඇබැනාඬේස් එකඟ වෙයි. එහෙත් ශක්ති නවෝත්පාදනයේ දී වෙනත් තාක්ෂණ ගැන සොයමින් සිටින්නන් සතුරන් ලෙස දකින්නට සහ ෆොසිල ඉන්ධන හා සම්බන්ධය හේතුවෙන් පහසුවෙන්ම නම කැත කරගන්නට ද ඉඩ තිබෙන බව ඔහු පෙන්වා දෙයි. සර්ව සම්පූර්ණ විසඳුමක් නොමැතිකම හමුවේ ෆොසිල ඉන්ධනවල බලපෑම අඩු කෙරෙන  ඕනෑම දෙයක් යහපත් ලෙස සැලකිය යුතු යයි ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

‘‘(හරිතාගාර වායු) විමෝචන වහාම, මේ දැන්මම නතර කළ යුතුව තියෙනවා. ඒ වැඬේ මීතේන් පැලීම තුළින් සිද්ධ කරන්න පුළුවන්. ඒ විදිහට කටයුතු නොකළහොත් ගෝලීය උණුසුම්වීම  ගැන  සලකද්දී අප පරක්කු වැඩිවීමට ඉඩ තියෙනවා.’’ ඇබැනාඬේස් කියයි.

ලොවටම ආහාර සපයන ප‍්‍රතික‍්‍රියාව

හයිඩ‍්‍රජන් ආර්ථිකයක් ගැන අප පසුගිය ලිපියේ සාකච්ඡා කළෙමු. අනාගතවාදී හයිඩ‍්‍රජන් ආර්ථිකය යථාර්ථයක් බවට පත්වීම අසාර්ථක වුවහොත් මීතේන් පැලීමෙන් නිපදවෙන හයිඩ‍්‍රජන් සඳහා  ඕනෑම අවස්ථාවක භාවිත කළ හැකි  වෙළඳපොළක් ඇත : ඇමෝනියා පොහොර නිෂ්පාදය! හයිඩ‍්‍රජන් සහ නයිට‍්‍රජන් ඇමෝනියා බවට පරිවර්තනය කරන හේබර් බොෂ් ක‍්‍රියාදාම  (Haber-Bosch process)   තමයි කෘෂිකර්මාන්තයේ් දී භාවිතා වන ඇමෝනියම් පොහොර වලින් වැඩිම කොටස නිපදවන්නේ. මේ ප‍්‍රතික‍්‍රියාව නැතිනම් මේ ක‍්‍රියාදාමය විසිවන සියවසේ ජනගහන උත්පාතයට මගපෑදී යයිද සලකනු ලැබේ. එය කොපමණ නම් සර්වත‍්‍රවර්තී ද, සුලබද කීවොත් එය ඔබගේම කොටසකි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ පටකවලට ඇතුල් වන්නා වූ නයිට‍්‍රජන් වලින් සියයට 80 ක්ම හේබර් බෝෂ් ක‍්‍රියාදාමයේ ප‍්‍රතිඵලයක් ලෙස ඇති වන්නේ යයි කල්පනා කරනු ලැබේ.

වර්තමානයේ හයිඩ‍්‍රජන් නිෂ්පාදනයෙන් සියයට අසූවක්ම ලැබෙන්නේ ෆොසිල ඉන්ධන යොදා ගන්නා ක‍්‍රියාදාමයන්ගෙනි — වැඩිපුරම වාෂ්ප මගින් ස්වභාවික ඉන්ධන පිපිරවීමෙනි. 2007 වර්ෂය තුලදී පමණක් කෘතීම පොහොර කර්මාන්තය කාබන්ඩයොක්සයිඞ් මෙට්‍රික්ටොන් 500 කට මදක් අඩු ප‍්‍රමාණයක් ජනනය කළේය. ඒ කියන්නේ සමස්ත ගෝලීය විමෝචන ප‍්‍රමාණයේ සියයට 1 කට ආසන්න ප‍්‍රමාණයකි. හේබර්-බොෂ් ක‍්‍රියාදාමය උදෙසා මීතේන් පැලීමෙන් ලබාගන්නා හයිඩ‍්‍රජන් සැපයීමෙන් මෙම කාබන් පියසටහන(carbon footprint ) සැලකිය යුතු මට්ටමකින්  මකා දැමිය හැකිය. ලෝක ජනගහනය මේ සියවස අවසානයේ බිලියන 10 ඉක්මවීමට අපේක්ෂිත හෙයින් මෙවන් පියවරක් නෛසර්ගිකවම ඉතා වැදගත් වනු ඇත.

මේ ලිපිපෙළ මෙයින් අවසන් වෙයි.

NEW SCIENTIST (THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE)  CHAPTER 10  Powering the Future හි GOING CLEAN යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.