සැමට විදු නැන නුවණ – Science Literacy for All

සරල සීනි වර්ග බඩවැල සිටින හිතකර බැක්ටීරියාවලටත් අහිතකරයි

සීනි බහුලව ආහාරයට ගැනීම අහිතකර බව අපේ රටේ   බොහෝ දෙනා දෙනා කරුනකි. දැන් මේ කාරණයට තවත් අලුත් හේතුවක් ද එකතු වී තිබේ. අපේ අතුතුණුබහන් හෙවත් බඩවැල්වල සිටින සෞඛ්‍ය ප්‍රවර්ධනයට උපකාරීවන බැක්ටීරියාවලට ද ඇතැම් සීනි වර්ග අහිතකර බව පෙනී යාමයි. බඩවැල්වල සිටින හිතකර ක්ෂුද්‍ර ජීවීන් සරල සීනි වර්ග වලින් විනාශ කර දැමිය හැකි බව අලුත් අධ්‍යයනයකින් හෙළි වෙයි. (සරල සීනි  ගැන සටහන බලන්න) මේ සම්බන්ධව කලින් පළ වී ඇති ලිපි ලේඛනවල යටින් දිවෙන උපකල්පනය වූයේ විශේෂයෙන්ම  බටහිර රටවල ආහාරවල බහුලව ඇති පෘක්ටෝස් (fructose) සහ සුක්රෝස් (sucrose) වැනි සරල සීනි වර්ග, මනුෂ්‍යයන්ට හිතකර නොවන බව තමයි“ යනුවෙන් පවසන්නේ ක්ෂුද්‍ර ජීවීන් ව්‍යාධි ජනනය (Microbial Pathogenesis) පිළිබඳ යේල් විශ්වවිද්‍යාල මහාචාර්ය එඩුවාඩෝ ග්‍රොයිස්මාන්ය.

සරල සීනි කියන්නේ මොනවාටද?

සරල සීනි යනු එක්තරා කාබෝහයිඩ්‍රේට් වර්ගයකි. කාබෝහයිඩ්‍රේට් යනු (ජීවීන්ට විශාල ප්‍රමාණයෙන් පෝෂක වන) මූලික මහා පෝෂක පදාර්ථ (macronutrients) තුන අතුරින් එකකි. අනිත් දෙක වන්නේ ප්‍රෝටීන් සහ මේදයි (protein and fat). සරල සීනි වර්ග ස්වාභාවික වශයෙන් පළතුරු සහ කිරි වල දැකිය හැකිය. එහෙත් ඒවා වාණිජ මට්ටමින් ද නිපදවිය හැකි අතර  ආහාර වර්ග රස කිරීමට, නරක් වී යාම  වැළැක්වීමට සහ ආහාර වල ව්‍යුහය හා වයනය (structure and texture) වැඩිදියුණු කිරීම පිණිස යොදා ගැනීමට හැකිවේ. කාබෝහයිඩ්‍රේට යනු සැකරයිඩ (saccharides) යනුවෙන් හඳුන්වනු ලබන තනි, ද්වී සහ බහු සීනි අණු වලින් සමන්විත අණුය. ඒවා ග්‍රෑමයකින් කැලරි 4  බැගින් සැපයෙන අතර ශරීරය වඩාත් මනාපයක් දක්වන  ශක්ති මූලයයි. (සරල සීනි ලෙස දැක්වෙන) සරල කාබෝහයිඩ්‍රේට්වල  සීනි අණු එකක් හෝ දෙකක් අඩංග් වන අතර සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්වල  අණු තුනක් හෝ වැඩි සංඛ්‍යාවක්  අඩංගුය.  සරල සීනි එක්කෝ මොනොසැකරයි ඩ(Monosaccharides) නැතිනම් ඩයිසැකරයිඩ (disaccharide) විය හැකිය.

මොනොසැකරයිඩ යනු සරලම කාබෝහයිඩ්‍රේට් ලෙස සැලකෙන්නේ ශරීරයට ඒවා තවදුරටත් බිඳ දැමිමට නොහැකිනිසයි. ඒවා ( පෘක්ටෝස්  ස්හැර) ශරීරයට ඉක්මණින් සහ පහසුවෙන් අවශෝෂණය කරගත හැකි වන්නේ එහෙයිනි.

ඩයිසැකරයිඩ එකට බන්ධනය වූ සීනි අණු දෙකක් — නැතිනම් මොනොසැකරයිඩ දෙකකින් සමන් විතය.  ඒවා අවශෝෂණයට පෙර බිඳ දැමිය යුතුවේ.

— Health line ඇසුරෙනි

සරල සීනි අවශෝෂණය අපේ කුඩා බඩවැල් වලදී සිදුවන බව මෙතෙක් කල්පනා කෙරුණු අතර ඒ හේතුව නිසා බඩවැල බැක්ටීරියාව කිසි දිනක එම සරල සීනි වලට අනාවරණය නොවෙතැයි කල්පනා කෙරිණ. එහෙත්, තන්තු (fibre) සහ සංකීර්ණ කාබොහයිඩ්‍රේට්,  දීර්ඝ සීනි අණුදාමයන්ගෙන් සෑදී ඇති,  ජීර්ණයට අපහසු හෙයින් ඒවා මහා අන්ත්‍රය හෙවත් මහ බඩවැල වෙත ගමන් කරයි. එහිදී ඒවා සෞඛ්‍ය සම්පන්න, සිහින් සිරුරැති පුද්ගලයන්ගේ මහ බඩවැලේ දැකිය හැකි හිතකර බැක්ටීරියාව වර්ධනයට මග පාදයි. “ඒත් අපේ පර්යේෂණයෙන් පෙනී යන්නේ ඇත්තටම පෘක්ටෝස්  සහ  සුක්රෝස්  යන දෙවර්ගයේම සරල සීනි (මහ බඩවැලේ අග කොටස වන) මහා තන්ත්‍රය (colon) දක්වාම ගමන් කරන බවයි. ඉතින් මහ තන්ත්‍රයේ තමයි ක්ෂුද්‍ර ජෛවී සමුදාය(microbiota) ජීවත්වන්නේ. ඒ  වගේම පෝෂණයට සම්බන්ධයක් නැතත්, මේ සීනි වර්ග හිතකර බැක්ටීරියා කෙරෙහි බලපාන බව ද  පෙනී ගොස් තිබෙනවා“ යැයි මහාචාර්ය ග්‍රොයිස්මාන් පෙන්වා දෙයි. වෙනත් වචනවලින් කියනවා නම් මේ බැක්ටීරියා පෘක්ටෝස් සහ සුක්රෝස් ආහාරය සදහා ගන්නේ නැත.  ඒ වෙනුවට මෙම සීනි වර්ග Bacteroides විශේෂයන්ට මහබඩවැලෙහි ගහන පිහිටුවවීමට අවශ්‍ය වන ප්‍රෝටීන් නිෂ්පාදනය ඇනහිටුවීමට දෙන  සංඥාවක් ලෙස ක්‍රියාකරයි. මෙම සොයාගැනීම් ගැන Proceedings of the National Academy of Sciences  සඟරාවේ පළ වී තිබේ. Bacteroides ක්ෂුද්‍රජීවීන්ට නිකුත් කෙරෙන  මේ පණිවුඩය ගැන තවදුරටත් කරුණු දක්වන ග්‍රොයිස්මාන් කියා සිටින්නේ මේ මරණ දඬුවමින් ඔවුන් බේරා ගැනීම් පිණිස සංකීර්ණ පොලිසැකරයිඩවලට හැකියාව ඇත්දැයි සොයා බැලිය යුතු බවයි. මන්ද එවිට අපේ බඩවැල්වල සිටින හිතකර බැක්ටීරියාවන්ද ආරක්ෂා කරගෙන අප කැමති කේක් යනාදී රස කෑම බියක් නැතිව අපට ආහාරයට ගතහැකි වන නිසයි.

Simple Sugars Wipe Out Beneficial Gut Bugs මාතෘකාව යටතේ  Scientific American podcast ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: