ජාන සකසන ලද වදුරන් ක්ලෝන කිරීමේ චීන ප‍්‍රයත්න

Posted by

මනුෂ්‍යයන්ගේ ලෙඩ රෝග පරීක්ෂාවේ දී සත්ව මොඩල ලෙස ජානමය වශයෙන්  අනන්‍ය ප‍්‍රිමාටේස් හෙවත් අග්‍රේශයන්  උදව් කර ගත හැකි නමුත් ඇතැම්හු ඒ පිළිබඳ සදාචාරාත්මක කරුණු ඉස්මතු කරති.

ඇල්සයිමර්ගේ රෝගය වැනි මනුෂ්‍යයන්ට බලපාන සංකීර්ණ රෝගාබාධ ක‍්‍රියාත්මක වන ආකාර හෙවත් ඒවායේ යාන්ත‍්‍රණ  හෙළි කර ගැනීමට ලොව පුරා පර්යේෂකයෝ වෙහෙසක් ගනිති. ඊට මග පාදන නවතම පර්යේෂණයක් ගැන චීනයෙන් වාර්තා වෙයි. එරට ෂැන්ග්හායි හි ස්නායු විද්‍යා ආයතනයේ(Institute of Neuroscience — ION) විද්‍යාඥයෝ,  මැකාක් වඳුරන්ගේ(macaque monkeys — Macaca fascicularis)  නිදි-අවදි චක‍්‍රයට තීරණාත්මකව බලපාන ජානයක් අක‍්‍රිය කිරීමට ජාන සැකසීම යොදා ගත් බව ජනවාරි අගදී හෙළි කර සිටියහ. අනතුරුව ඔවුහු ඉන් එක් වඳුරෙකු ක්ලෝන කර සම්පූර්ණයෙන්ම පාහේ අනන්‍ය ජාන සහිත අග්‍රේශයන්  පස් දෙනෙකු නිපදවීමට සමත් වූහ. ජාන සැකසූ වඳුරෙකු පර්යේෂකයන් විසින් ක්ලෝන කරනු ලැබූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ජෛව වෛද්‍ය විද්‍යා පර්යේෂණ, විප්ලවීය ආකාරයට වෙනස් කිරීමේ අරමුණ ඇතිව ජානමය වශයෙන් අනන්‍ය ප‍්‍රිමාටේස් සතුන් ගහණ නිපදවීමට  චීන පර්යේෂකයන් දරණ ප‍්‍රයත්නයට මෙය මහා ගැම්මක් වෙතැයි සැලකේ. මේ විද්‍යාඥයන්ගෙන් සමහරෙක් අග්‍රේශ බුද්ධි පර්යේෂණ පිළිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානයට අයත් වෙති. එම මධ්‍යස්ථානයෙහි අරමුණ වශයෙන් පවතින්නේ එවැනි අග්‍රේශ ගහණ පිහිටුවීමයි.

මානවයන්ගේ උසස් ප‍්‍රජනන කාර්යයන් සහ මොළයේ රෝගාබාධ අධ්‍යයනය සඳහා වඩාත්ම හොඳ සත්ව ආකෘති වන්නේ ප්‍රිමාටේස් හෙවත් අග්‍රේශයන් බව ස්නායු විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ සහ එහි  සම අදි කර්තෘ ස්නායු විද්‍යාඥ මූ-මිං පූ කියා සිටියි. කෙසේ වෙතත්, අග්‍රේශයන් මිල අධිකය.  එමෙන්ම ඔවුන් පර්යේෂණ සඳහා යොදා ගන්නවාට බොහෝ දෙනෙකු විරුද්්ධය. එසේ වුවද යම් ඖෂධයක් නිසියාකාරව ක‍්‍රියා කරන්නේද යන්න සොයා බැලීම වැනි අත්හදා බැලීම් සඳහා අවශ්‍ය වන සතුන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට මෙලෙස ක්ලෝන කිරීම උපකාරී වන බව පූ පෙන්වා දෙයි. පර්යේෂණවලදී ඔවුන් දකින ප‍්‍රතිඵල ඇතිවෙන්නේ ඖෂධය හේතුවෙන් ද නැතිනම් සතුන් අතර ජානමය විචල්‍යයන් හේතුවෙන් ද යන්න තීරණය කිරීම පිණිස පර්යේෂකයන්ට සාමාන්‍යයෙන් සතුන් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වේ. එහෙත් ජානමය වශයෙන් අනන්‍ය සතුන් යොදා ගැනීමෙන් එවැනි අවිනිශ්චිතතා ඉවත් කර ගත හැකි නිසාවෙන් ඇත්තටම යොදා ගන්නා සත්ව සංඛ්‍යාව අඩුකර ගත හැකිය

මැකාක් වඳුරන් ක්ලෝන කිරීමේ දී පූ සහ කණ්ඩායම විසින් යොදා ගනු ලැබ ඇත්තේ ඩොලී නම් බැටළු දෙන ක්ලෝන කිරීමට යොදා ගත් සම්මත ක්ලෝන කිරීමේ ශිල්ප ක‍්‍රමයමය. මෙම ක‍්‍රමයේ දී දායක සෛලයක DNA, ජානමය ද්‍රව්‍ය ඉවත් කරනු ලැබූ ඩිම්බයකට එන්නත් කරනු ලැබේ.  කලල තත්ත්වයන් කරා DNA යළි ක‍්‍රමලේඛ ගතවන අතර ඉන් විශේෂිත වූ ෙසෙල සෑදීමට පුළුවන. වැඩිහිටි ෙසෙල වලින් DNA යොදාගෙන අග්‍රේශයන් ක්ලෝන කිරීම ප‍්‍රථම වරට සිදු කරනු ලැබ ඇත්තේ පූ ගේ කණ්ඩායම විසිනි. ඔවුන් විසින් කලලයන් තුළ  සිදු කළ ජාන සැකසුම් මගින්  වැඩිහිටි වඳුරෙකු තුළ , එම සතුන් ක්ලෝන කිරීමට තීරණය කිරීමට පෙර,  අපේක්ෂිත   ගති ලක්ෂණ හට ගත්තේ දැයි පරීක්ෂා කිරීමට එලෙස වැඩිහිටි DNA යොදා ගැනීමේ සාර්ථකත්වයක් ලැබීම හේතුවෙන්  හැකිවෙයි.

කෙසේ වෙතත් වඳුරන්ගේ ඉහළ ප‍්‍රජානන මට්ටම සළකන විට ඔවුන් මෙවැනි පර්යේෂණ සඳහා යොදා ගත යුත්තේ වෙනත් විකල්ප නොමැති නම් පමණකැයි සමහර ජෛවීවේදීහු සහ විද්‍යාඥයෝ අදහස් කරති. නිදසුනක් ලෙස මීයන් යොදාගෙන සිදු කරනු ලබන මානවයන්ගේ රෝගාබාධ සම්බන්ධයෙන් පර්යේෂණ ද මේ හා සමාන ලෙස විද්‍යාත්මකව වලංගු යයි පිලෙඩෙල්පියා හි පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේදී පරිවෘත්තීයමය රෝගාබාධ ගැන හදාරන මිෂෙල් ලාසාර් පෙන්වා දෙයි. තවද මීයන් යොදා ගැනීම සාමාන්‍ය ජනතාවගේ ද වඩාත් පිළිගැනීමට ලක්වන අතර උන් ක්ලෝන කිරීම වඩාත් ඉක්මණින් හා වියදම අඩුවෙන් සිදුකළ හැකි යයි ලාසාර් අදහස් කරයි.

එහෙත් මනුෂ්‍යයන්ගේ ඉහළ ප‍්‍රජානන කාර්ය භාරයන් සහ මොළයේ රෝගාබාධ ගැන අධ්‍යයනය සඳහා මීයන් හොඳ  ආදේශකයක් නොවන බවයි පූ පෙන්වා දෙන්නේ. ස්නායු විද්‍යාව පිළිබඳ ආයතනය අන්තර්ජාතික මාර්ගෝපදේශ දැඩිලෙස අනුගමනය කරන බව පෙන්වා දෙන පූ පරීක්ෂණාගාරවල සංඛ්‍යාව අඩු කිරීමෙන් වඳුරු ගහණ මත බර පැටවීම අඩුවෙන බවට තර්ක කරයි.

Related image

පූගේ කණ්ඩායම, ඔවුන් ක්ලෝන කළ මැකාක් වඳුරන් පස් දෙනා මත ජාන සැකසුමෙහි බලපෑම් ගැන දිගටම අධ්‍යයනය කරනු ඇත. මේ කණ්ඩායම අක‍්‍රිය කළේ BMAL1   නමින් දැක්වෙන ජානයකි. දිවා-රාත‍්‍රි රිද්මය පවත්වාගෙන යාමේ දී BMAL1 ජානය වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. මනුෂ්‍යයන් අතර BMAL1 ජානය විකාතිවීම දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ විෂාදය (depression) යන රෝගවලට සම්බන්ධයක් ඇතැයි සොයා ගනු ලැබ ඇත. කණ්ඩායමෙහි ඊළඟ පියවර වනුයේ මෙකී ප‍්‍රශ්න නිර්මාණය කෙරෙන ස්නායුක යාන්ත‍්‍රණ ගැන විස්තරාත්මකව සොයා බැලීමයි.

 

NATURE News හී පළ වූ Chinese effort to clone gene-edited monkeys kicks off යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.