සැමට විදු නැන නුවණ – Science Literacy for All

මානව පරිණාමය හැඩගැසුණේ ශිෂ්ටාචාරය මගිනුයි

මානවයන්  වන අප තවමත් පරිණාමය වන්නේ ද? පරිණාමය වීමට සාමාන්‍යයෙන් පරම්පරා ගණනාවක්ම ගත වන හෙයින් අප තවමත් පරිණාමයට ලක් වෙමින් සිටින්නේ දැයි කීම අසීරුය. එහෙත් නව ප්‍රවේණි විද්‍යාත්මක අධ්‍යයන දෙකක් මගින් පසුගිය වසර දහස් කිහිපයක් තුළ මුල්බැස ගත් ඩී එන් ඒ(DNA) වෙනස්කම් පෙන්නුම් කරනු ලැබීමට සමත් වෙයි. ඉන් අදහස් කරන්නේ නූතන ජීවන රටා,  අපගේ පරිණාමය හැඩ ගස්වා ඇති බවයි. එමෙන්ම තවමත් සමහර විට එලෙස සිදුකරමින් පවතින බවයි. ස්විස්ටර්ලන්තයේ සූරිච් විශ්වවිද්‍යාලයේ ඉරිනා මොරොසෝවා පවසන අන්දමට “බොහෝම කෙටි කාලයක් තුළ මානව ගෙනෝමය(genome) බොහෝ සේ වෙනස් වෙලා. අපි හිතන්නේ මේ වෙනස්කම් මෙහෙයවනු ලැබ ඇත්තේ මානව ශිෂ්ටාචාරය මගිනුයි.“ මෙම අධ්‍යයන දෙකේදීම පරිණාමය, ඇතැම් DNA අනුක්‍රමයන්ට වඩා වෙනත් අනුක්‍රමයන්ට වැඩි කැමැත්තක් දක්වා ඇති බවට සාක්ෂි ඇත්දැයි සොයා බැලුණු අතර එම ක්‍රියාදාමය හඳුන්වනු ලබන්නේ වරණය ලෙසය.

මෙම අධ්‍යයනය සඳහා මොරසෝවා ඇතුලු කණ්ඩායම  මෙයට වසර 5500 සිට 3000 දක්වා කාලය තුළ යුරෝපීයයන් 150දෙනකුගේ ගෙනෝම, එම පිරිස ගෙන් පැවත එන නුතන යුරෝපීයන්ගෙන් 350 දෙනෙකුගේ ගෙනෝම හා  සංසන්දනය කර බැලූහ. මෙය, පසුගිය වසර 6000 පමණ කාලයකදී යුරෝපීයයන් මත පරිණාමය බලපෑ විවිධ ක්‍රියාදාමයන් හඳුනා ගැනීමට  පර්යේෂක කණ්ඩායමට මඟ සැලසීය.

ශරීරය කාබොහයිඩ්‍රේට් පරිවෘත්තිය කරනු ලබන ආකාරයෙහි කාලයාගේ ඇවෑමෙන්  ඇතිවන වෙනස්කම් සොයා ගැනීමට පර්යේෂණ කණ්ඩායම සමත් වූහ

Related image

මිනිස් සමාජයේ බහුලව මස් අනුභව කරන, දඩකරු-අන්න ගවේෂක(hunter-gatherer) ජීවිතයක සිට ගොවිතැනට යොමු වී වඩාත් පිෂ්ඨය බහුල වඩාත් සීන්මය ආහාර රටාවකට නැඹුරු වීමත් සමගම මේ වෙනස්කම් සිදු වූ බවයි මොරොසෝවා අදහස් කරන්නේ. මානව පරිවෘත්තීය තවමත් පරිණාමය වෙමින් පවතින බවත් තවත් අවුරුදු දහස් ගණනාවක් තුළ එලෙස වනු ඇතැයි ද යනු ඇයගේ මතයයි.  මානව ප්‍රතිශක්ති පද්ධතියේ අංග ගණනාවක් ද පරිණාමය විපර්යාසයන් ඇති බවටද සාක්ෂි තිබිණ. මෙම විපර්යාසයන් තුළින් සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි නැති නමුත් මීට වසර හයදාහකට කලින්, මානවයන් වඩාත් ජනාකීර්ණ තත්වයන් යටතේ  දිවි ගෙවන, ගොවිපල ඇතිකරන සතුන් සමග වැඩි වේලාවක් ගත කරන ජීවිතයකට නිරාවරණය වීමෙන් හටගත්   යම් රෝගාබාධයන්ට ප්‍රතිචාරයක් වශයෙන් මේවා ඇතිවන්නට ඇත.

එහෙත් එකම කාලච්ඡේදය තුළ පරිණාමය විපර්යාසයන් ඉතා ස්වල්පයක් පමණක් පෙන්නුම් කරන ක්‍රියාදාම දෙකක් ලෙස මේවා කැපී පෙණිනි.  බීජ සෛල හටගන්නා ආකාරය සහ දීර්ඝකාලීන වඩාත් ප්‍රබල කිරීම (potentiation) යන්නයි. වඩාත් ප්‍රබල කිරීම  යනු බහුලව යොදාගන්නා ස්නායුක මංපෙත්වල සම්බන්ධතා තර කිරීමෙන් ඉගෙනීමට උපකාරී වන මොළයේ ක්‍රියාදාමයකි. මේ දෙකම වෙනස් නොවන ආකාරයට එලෙසම තබාගෙන ආරක්ෂා කර ඇති බවක් පෙනී යන්නේ යැයි මොරොසෝවා පවසයි.

දෙවෙනි අධ්‍යයනය සිදුකරන ලද්දේ ඩෙන්මාර්කයේ කෝපෙන්හේගන් විශ්වවිද්‍යාලයේ ෆර්නෑන්ඩු රැසිමෝ සහ කණ්ඩායම විසිනි. සිය පූර්වජ ජනගහනයන් ඉතිහාසය පුරාවට බෙදී සහ (වෙනත් අය සමග)  සංවිලීන (merge) වූ විට පවා නූතන මානව ගෙනෝමවල වරණය ඉටු කරන කාර්ය භාරය සොයා ගැනීමේ නව ක්‍රමයක් ඔවුන් විසින් වැඩි දියුණු කරන ලද ඇත. හමෙහි සහ ඇස්වල පාටට සම්බන්ධිත ජාන ප්‍රභේදයක් වන SLC45A2 මුල් යුරෝපීයයන් අතර වඩාත් ප්‍රචලිත වී ඇති බව ඔව්හු සොයා ගත්හ. ඉන් හැඟ

gene SLC45A2

වෙන්නේ වඩා සුදුමැලි සමක් පරිණාමය වීමේදී එය කිසියම් කාර්යභාරයක් ඉටුකර ඇති බවයි. සුදුමැලි සම පසුගිය වසර 10,000ක් ඇතුළත වර්ධනය වූ බව කල්පනා කරනු ලැබේ. තවද නැගෙනහිර ආසියානු කණ්ඩායම් අතර සාපේක්ෂව මෑතක  පරිණාමය වන ජාන ගණනාවක්ම  හදුනාගැනීමට කණ්ඩායම සමත් වූහ. මෙකී නැගෙනහිර ආසියානු කණ්ඩායම පරම්පරාගත යුරෝපීයයන් මෙන් (ප්‍රවේණි විද්‍යාත්මක වශයෙන්) එතරම් හොඳින් අධ්‍යයනයට ලක් වූ කොටසක් නොවේ. මෙකී ජාන බොහොමයක් සම්බන්ධ වන්නේ ප්‍රතිශක්ති පද්ධතියටයි. ඒවා අදාළ වන්නේ “ශරීරය නව තර්ජනවලට මුහුණ දෙන්නේ හෙවත් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න ඉගෙන ගන්නා ආකාරය ගැනය” යයි රැසිමෝ කියා සිටියි. අන්තිම වසර සිය ගණනකදී  සිදුවූ පරිණාමය සොයා ගැනීම අසීරු වන්නේ ලැබෙන සංඥා දුර්වල නිසා විය හැකියි. ඒත් රැසිමෝ නම් කියා සිටින්නේ මානවයන් තවමත් පරිණාමය වෙමින් පවතින බවයි. එහෙත් ප්‍රශ්නය වන්නේ පරිණාමය මෙහෙයවනු ලබන වරණීය පීඩනයන් මොනවාද යන්නයි. “ඒවා  මෙයට අවුරුදු 5000 සිට 10000  දක්වා කාලයකට පෙර අප අත්විඳි වරණීය පීඩනයන්ට වඩා සමහර විට බොහෝ සේ වෙනස් වන්නට පුළුවනි” යනුවෙන් හෙතෙම සඳහන් කරයි.

New Scientist – WEEKLY හී පළවූ  Civilisation shaped human evolution  යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: