ප්‍රබයෝටික පදනම් කරගෙන විශාදයට ප්‍රතිකාර කිරීමේ හැකියාව ගැන නවතම පර්යේෂණ ඉඟි කරයි.
මිනිසාගේ යහපැවැත්ම සහ ශරීරාභ්‍යන්තරයේ වසන බැක්ටීරියා ගැන සිදු කෙරෙන ප්‍රධාන පෙළේ අධ්‍යයනයකින් දැක්වෙන්නේ බඩවැලෙහි පදිංචි වන ක්ෂුද්‍රජීවින් මිනිසාගේ මානසික සෞඛ්‍යය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බවයි. පුද්ගලයන් විෂාදයෙන්(depression) පෙළෙන්නේ නම් ඔවුන් ප්‍රතිවිශාද(antidepressants) ඖෂධ ගත්තත් නැතත්, එම පුද්ගලයන් අතර Coprococcus සහ Dialister යනුවෙන් හැඳින්වෙන බැක්ටිරියා දිගින් දිගටම පවතින්නේ අඩු මට්ටමක බව බෙල්ජියමේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයා ගනු ලැබ ඇත. මේ මූලික පර්යේෂණ ප්‍රතිඵල, තවදුරටත් සිදු කරනු ලබන පිරික්සුම් වලින්ද තහවුරුවන්නේ නම් අතුණුබහන් වල (=බඩවැල්) “යහපත්“ බැක්ටීරියා මට්ටම් ඉහල දමන ප්‍රොබයෝටික පදනම් කරගනිමින් මානසික සෞඛ්‍ය රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීමේ නව ක්‍රමෝපායන්ට මග පාදනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ පර්යේෂණ කටයුතු මෙහෙයවනු ලබන්නේ ජෛවී තාක්ෂණය සඳහා ෆ්ලාන්ඩර්ස් ආයතනයේ සහ ලුවෙන් කතෝලික විශ්වවිද්යාලයෙහි ජෙරොන් රේස් විසිනි. පර්යේෂණය සඳහා රේස් ඇතුලු කණ්ඩායම ෆ්ලාන්ඩර්ස් බඩවැල වෘක්ෂලතා ව්‍යාපෘතිය (Flemish Gut Flora Project) සඳහා එක්වී සිටින පුද්ගලයන් 1000කට අධික පිරිසකගේ මල (අසූචිවල) ගැවසෙන ක්ෂුද්රජීවීන් සහ, ජීවිතයේ ගුණාත්මක බව මෙන්ම විෂාදය අතර සම්බන්ධතාව සොයා බැලීම පිණිස වෛද්‍ය පරීක්ෂණ ද සාමාන්‍ය වෛද්‍යවරු පවත්වාගෙන යනු ලබන වාර්තා ද උපයෝගී කරගත්හ.
සෞඛ්‍යය අතින් ඉහළ මට්ටමක ගුණාත්මක ජීවිතයක් ගතකරන බව පෙනී යන පුද්ගලයන් අතරේ Faecalibacterium සහ Coprococcus යන බැක්ටීරියා වර්ග වඩාත් ප්‍රචලිත බව පර්යේෂකයන්ට පෙනී ගිය අතර විෂාදයෙන් පෙළෙන පුද්ගලයන් අතරේ මේ බැක්ටීරියා හමුවී ඇත්තේ අඩු මට්ටමකිනි. මෙම අධ්‍යයන වාර්තාව Nature Microbiology හි පළ විය.
බඩවැල ක්ෂුද්‍ර ජීවීන් මානසික සෞඛ්‍යයට බලපෑම් කරන බව වාර්තාවෙන් සනාථ නොවේ. ඇත්තටම බලපෑම අනෙක් අතට ක්‍රියාකරනවාද විය හැකියි. ඒ කියන්නේ පුද්ගලයකු ගේ මානසික සෞඛ්‍යය එම පුද්ගලයාගේ බඩවැල්වල වැජඹෙන බැක්ටීරියා කෙරෙහි බලපෑමක් ඇති වන්නේ ය යන්න ය. එහෙත් පසුව අනුගාමීව සිදු කළ අත්හදා බැලීම් වලදී රේස් සහ පිරිසට සොයාගත හැකි වුණේ අඩුම තරමින් බඩවැල ක්ෂුද්‍රජීවීන්ට මනුෂ්‍යයන්ගේ ස්නායු පද්ධතිය සමඟ ‘කතා කළ’ හැකි බවයි. ඒ, යහපත් මානසික සෞඛ්ය සඳහා අවශ්‍ය වන ස්නායු සම්ප්‍රේෂණ(neurotransmitters) නිපදවීමෙනි.
“බඩවැල බැක්ටීරියා බොහෝමයකට dopamine සහ serotonin වැනි ද්‍රව්‍ය සඳහා ස්නායු සම්ප්‍රේෂක හෝ පූර්වජයන් නිපදවීමට හැකි බව අපට පෙනී ගියා. dopamine සහ serotonin මොළයෙහි සංකීර්ණ ක්‍රියාදාමයක් ඉටු කරන අතර (ශරීරය තුළ)ඒවායේ අසමතුලිතා විශාදය සහ සම්බන්ධ බව දිගු කාලයක් තිස්සේ සැළකෙන්නකි.
ශරීරයෙන් පිටත වසන ක්ෂුද්‍රජීවීන්ට — නිදසුනකට පස තුළ ඉන්නා ක්ෂුද්‍රජීවීන්ට ඒ ආකාරයේම ස්නායු-සම්ප්රේෂක නිපදවීමට නොහැකි බව රේස් කියා සිටියි. ඊට හේතුව වන්නට ඇත්තේ එම ක්ෂුද්‍ර ජීවීන් මනුෂ්‍යයන්ගේ ස්නායු පද්ධතියෙන් වාසි ලබා ගැනීමට හැකිවන අය්‍රින් මිනිසුන් සමග එකට පරිණාමය නොවීම දැක්විය හැකිය. අඩු තරමින් විෂාදයන්ට වත් බැක්ටීරියා අඩු මට්ටම වගකිව යුතු යැයි අදහස් කළේ නම්, එම ගහන වර්ධනය සඳහා ප්‍රොබයොටික ප්‍රතිකාර සැපයීමට එය මඟ පාදයි. එහෙත් ඒ සඳහා කළ යුතු කාර්යයන් කිහිපයකි. පරීක්ෂණාගාර වල දී ක්ෂුද්‍ර ජීවීන් ඇති දැඩි කළ යුතු අතර ඔවුන් කුමන ද්‍රව්‍ය නිපදවන්නේ දැයි එවිටසොයාගත හැකිවේ. අනතුරුව එම ද්‍රව්‍යවල බලපෑම සතුන් යොදා ගනිමින් පරික්ෂා කලයුතු වේ. එමෙන්ම විශේෂයෙන් නිර්මිත ප්‍රොබයොටික යොදා ගනිමින් ප්‍රතිකාර කළ යුතුයි. ඉන්පසුව තමයි විද්‍යාඥයන්ට මිනිසුන් යොදා සිදු කෙරෙන පරීක්ෂණ ගැන හිතන්න වෙන්නේ .
The Guardian හි පළවූ Gut bacteria may have impact on mental health, study says යන ලිපිය ඇසුරෙනි