ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
නැවතත් කළු කුහරයේ ඉතිහාසය කරා
කළු කුහර සම්බන්ධ කරුණු කාරණා යළි 1915 දී වෙනස් වුණා. ඒ. ඇල්බට් අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කිරීමත් සමගයි. එමගින් ගුරුත්වය යළි විග්‍රහ කෙරුණා. ඉන් කියැවුණේ ගුරුත්වය වනාහී, තාරකා වැනි දැවැන්ත වස්තූන් හේතුවෙන් අවකාශ-කාලයෙහි ඇතිවන කුරූපණ(distortion) බවයි. එය දුටුවේ අයින්ස්ටයින් නොවුවත් මේ සිද්ධාන්තයෙන් අපූර්ව පුරෝකථනයක් සිදුකෙරුණා. එය අයින්ස්ටයින්ට පෙන්වා දෙනු ලැබුවේ තාරකා විද්‍යාඥ කාල් ස්වොෂ්චයිල්ඩ් විසිනුයි. වසර අවුරුදු 40 දී ස්වේච්ඡාවෙන් ජර්මානු හමුදාවට එක් වී සිටි කාල්, එවකට සේවය කළේ ජර්මනියේ නැගෙනහිර යුද පෙරමුණෙහියි. විවේකයක් ලැබුණු අවස්ථාවක තමයි හෙතෙම මේ සොයාගැනීම සිදු කළේ. ප්‍රමාණවත් තරම් කුඩා අවකාශයක් තුළ ප්‍රමාණවත් තරම් ස්කන්ධය ඒකරාශී කළහොත් අවකාශ-කාල වක්‍රතාව අපරිමිත බවට පත්වන්නේ යැයි ස්වොෂ්චයිල්ඩ් පෙන්වා දුන්නා. මෙහි ප්‍රතිඵලය අපූර්වතාවයි (Singularity) — එනම්, ගුරුත්වය කොපමණ නම් බලගතු ද කිව්වොත් ආලෝකය පවා ගැලවී යා නොහැකි අවකාශ-කාලයේ ලක්ෂ්‍යක්.
අයින්ස්ටයින් මේ අදහස ගැන අවධානයක් යොමු කළත් එවැනි වස්තුවක් ඇත්තටම පැවතිය හැකි යැයි විශ්වාස කළේ නැහැ. යුද බිමේ අගල් තුළ ගතකරද්දී වැලඳුණු රෝගයක් හේතුවෙන් ස්වොෂ්චයිල්ඩ් 1916 දි මිය ගිය අතර අපූර්වතාව පිළිබඳ ඔහුගේ අදහස් අවසානයේ වලළා දමනු ලැබුවේ තනිකරම සෛදාන්තික ස්ථිතියක් ලෙස සලකමිනුයි. ස්වොෂ්චයිල්ඩ් මතු කළ කාරණාව ඔප්පුවෙන බව දැක්වෙන්නේ යයි ලිපියක් 1939 දී අයින්ස්ටයින් ලියා පළ කරන ලද නමුත් කාරණාව අඩුතරමින් ටික කාලයකට හරි එහෙමම පැත්තකට දැමුණා.
ගැඹුරු අභවකාශය ගැන සොයා බැලීම පිණිස 1950 ගණන් වල දී තාරකා විද්‍යාඥයන් ගුවන්විදුලි තරංග භාවිතා කිරීම පටන් ගත්තා. ඒ අන්දමට ඔවුන් ක්වොසාර් වැනි ජවසම්පන්න ඉතාම, ඈතම ඈත තිබෙන වස්තු පවා සොයා ගත්තා. ඒවා කොපමණ ජව සම්පන්නද කියතොත් ඒවා අවබෝධ කරගත හැකි වූයේ සාධාරණ සාපේක්ෂතාවාදය යොදාගෙන පමණකි. (ක්වොසාර් යනු ව්‍යාජ තාරීය විකිරණ ප්‍රභවයයි. ඒවාට ‘ව්‍යාජ තාරීය වස්තු’ යන තේරුම් ගෙන දෙන Quasistellar Object යෙදුනත් Quasar (ක්වොසාර්) යන්න ඒ පදය කෙටි කොට සාදාගත්තක්) මේවා ආශ්‍රයෙන් ඉතාමත් දැවැන්ත වස්තු පිළිබඳ භෞතික ගුණාංග, සංසිද්ධි හා නීති නව පිළිගැනීමකට ලක් වුණා. ඒ වාගේම අපූර්වතා තිබිය හැකි බව පමණක් නොව ඇත්තටම තිබෙන බවත් පිළිගැනීමට භෞතික විද්යාඥයන් පටන් ගත්තා. මෙහිදී එක් ප්‍රධාන ඉදිරි පිම්මක් වූනේ ‘සිද්ධි ක්ෂිතිජය‘ පිළිබඳ අදහසයි. මෙය තමයි කළු කුහරය මතුපිට. එහි ගුරුත්වය කොපමණ ප්රබලද කිව්වොත් කිසිවකට ඉන් ගැලවී යා නොහැකි අවකාශය – කාලයෙහි ඉමක්.
1960 ගණන් අවසන් වන විට භූ විද්‍යාඥයන් බොහොම දෙනෙකුම කලුකුහර කියන්නේ අයින්ස්ටයින්ගේ සිද්ධාන්තයෙහි නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් බව පිළිගත්තා.
කළු කුහරයක් හැදෙන්නේ කොහොමද?
අපේ සූර්යයාගේ ස්කන්ධය මෙන් දළ වශයෙන් දෙගුණයක් හෝ ඊට වැඩි ඕනෑම තාරකාවක් කළු කුහරයක් බවට පත් වීමට ඉරණම් ගතයි. එවන් තාරකා සතුව දැවැන්ත ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තියනවා. එමගින් ඇතුළට යොමු වුණ පීඩනයක් නිර්මාණය කරනු ලබනවා. තාරකා, සිය ජීවිත කාලය තුල මීට විරුද්ධව ක්‍රියා කරන්නේ ඒවායේ (තාරකාවල) හරයෙහි න්‍යෂ්ටික විලයන ප්‍රතිචාරය () මගිනුයි. එහෙත් තාරකා (ඒවායේ න්‍යෂ්ටික විලයනය සඳහා අවශ්‍ය) ඉන්ධන අවසන් වී යත්ම තවදුරටත් විරෝධ ප්‍රතික්‍රියා දැක්වීමට නොහැකි ව ඒවා තුලටම ගුලිවීමට හා හැකිලීමට පටන් ගනී’ මේ ක්‍රියායාදාමය හඳුන්වනු ලබන්නේ ගුරුත්වාකර්ෂණීය ඇදවැටීම ()යනුවෙනි. මෙය සමහර විට කලුකුහරයක් සෑදීමට සෘජුවම මඟපාදනවා. එහෙම නැතිනම් තාරකාවෙන් හරය පමණක් ඉතිරි කර පිටත ස්තර විනාශ වී යනඅධිනවතාරව () නමින් හැඳින්වෙන දැවැන්ත පිපිරීමකට මඟපාදනවා. මෙය ප්රමාණවත් තරම් දැවැන්ත නම් තවදුරටත් බිඳවැටීම දිගටම සිදුවෙනවා. බිඳී ඇදහැලෙන ද්‍රව්‍ය එන්ට එන්ටම ඝන වෙත්ම එහි ගුරුත්වාකර්ෂණය කොතරම් ප්‍රබල වේ ද කියනවා නම් ආලෝකයට වත් ගැලවීමක් නැති ආපසු හැරිය නොහැකි ලක්ෂ්‍ය පහුකරනවා. ඉතින්, ඔන්න ඔය අන්දමට කලුකුහරයක් බිහිවෙනවා.
කෙසේ වෙතත් මේ ක්‍රියාදාමය මගින් සුපිරි දැවැන්ත කළු කුහර වල සම්භවය පැහැදිලි කරනු ලබන්නේ නැහැ. එවන් කලුකුහරයක් අඩු තරමින් අපේ සූර්යයාගේ මෙන් ලක්ෂයක් ගුණයක් බරින් යුක්තයි. සාමාන්‍ය කළු කුහරයකට අතිදැවැන්ත ප්‍රමාණයක ද්‍රව්‍යය, ඉතාමත් විශාල කාල පරිච්ඡේදයක් තුල කරාශි වීමෙන් ඒවා සෑදීමට පුළුවන. නොඑසේ නම් සාමාන්‍ය කළුකුහර බොහොමයක් එකට ඈදී එක්වීමෙන් හැදෙන්නත් පුළුවන්. එසේත් නැතිනම් සමහරවිට මුල්කාලීන විශ්වයේ විශාල තාරකා බිඳී ඇදහැලීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වන්නටත් පුළලුවනි.
කෙසේ වෙතත්, විස්මයට කාරණාව වන්නේ පොදුවේ ගත් කළ කළු කුහර වල පැවැත්ම අප පිළිගනු ලැබූවත් කිසිවකු, කිසි දිනක කළු කුහරයක් දැක නොතිබීම යි. ඊට අප වඩාත්ම සමීප වූ අවස්ථාවක් තමයි මෑතක කලුකුහර දෙකක් ඝට්ටනයවීමෙන් හටගත් ගුරුත්වාකර්ෂණ තරංග සොයා ගැනීම.
කළු කුහරයක් සෘජුවම අනුරූපණය කිරීම පිණිස සැලසුම් සැකසෙමින්පවතිනවා. එවිට ඒවායේ අතරේ හිර වී තිබෙන ආලෝකය මෙන්ම ඒවායේ පැවැත්මට ගැලවීමක් නෑ
කලුකුහර කතාව
කලුකුහරය යන නම කෙසේ හට ගත්තේ ද යන්න ගැන කිසිවෙකුටත් හරිහැටි අවබෝධයක් නෑ. මෙහි කතෘත්වය බොහෝවිට පැවරෙන්නේ භෞතිකඥ ජෝන් ආචිබෝල්ඩ් වීලර්ටයි. 1964 දී ඔහු විසින් සිදුකරන ලද දේශනයකට ඔහු එය හිමිහිට ඇතුල් කර තිබුණි. එහෙත් Yale Book of Quotations නම් ග්‍රන්ථයට අනුව ඔය නම මුලින් මුද්‍රණයෙන් පිට වූයේ ඇමරිකානු විද්‍යාවභිවර්ධන සංගමය 1964 දී පළ කල වාර්තාවක් මගිනුයි. වීලර්ට පෙර කාලයක සිට ඔය නම් තාරකා විද්‍යාඥයන් අතර සංසරණය වන්නට ඇතැයි හිතන්න පුළුවන්. හිතට අල්ලන වාක්‍ය ඛණඛණ්ඩයක් ගැන සැලකිල්ලක් දක්වන අයෙකු වන වීලර් එය අහුලා ගෙන පසුව ප්‍රචලිත කරා වෙන්ටත් පුළුවනි.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHERE DO BLACK HOLES COME FROM?පරිච්ඡේදය ආශ්‍රයෙනි.