ඩයිනසෝරයන් දැවැන්තයන් බව ඇත්තයි. එත් ඉතින් දැවැන්තයන් වුණා කියල හැම දෙයකින්ම ගැලවෙන්න බැහැනේ. ඇත්තටම ගත්තොත් දැවැන්තයන් වීම ම ඔවුන්ගේ අවාසියට ඉන්න ඇති. විශාල සත්වයන් වුණු ඩයිනසෝරයන්ට ජීවිතේ රැකගෙන පැවතීමට නම් ආහාර මහා ප්‍රමාණයක් කෑමට ගන්න ඕනෑ.
ඩයිනසෝරයන් අතරින් වඩාත්ම දරුණුම ඩයිනසෝරයා වන ටයිරනොසෝරස් ආහාරයට ගත්තේ අනෙකුත් ඩයිනසෝරයන්ව නෙ. එතකොට, අනෙකුත් ඩයිනසෝරයන් වඳවෙනවා කියන්නේ ටයිරනොසෝරස්ලාත් ආහාර හිඟ වෙලා කුසගින්නෙන්ම නෂ්ටප්‍රාප්ත වෙනවා කියන එකයි.
ඉතින් ඔන්න මෙයට වසර මිලියන 65කට කලින් අපේ මේ පෘථිවියට මහා උල්කාවක්(meteor=මහා පාෂාණ කැබැල්ලක්) කඩාවැටුනු අවස්ථාවේ කොපමණ නම් ධූවිලි සහ වස අහසට නැඟුනා ද කිව්වොත් සූර්යාලෝකය මුලුමනින්ම වැසී ගියා. සියළුම ශාක වර්ග වර්ධනයට සුර්‍යාලෝකය අත්‍යවශ්‍ය බව අප දන්නවානෙ. හිරු එළිය නැතිවුණහම ශාක මැලවෙලා, මැරිලා ගියා. පසෙහි ඉතිරිවුණේ ඒවායේ ඇට, බීජ මුල් ආදිය පමණයි. ආහාරයට ගන්න ශාක නැතුව ගියහම මුලින්ම නරක දශාව ලැබුවේ වෙජිටේරියන් හෙවත් ශාක භක්ෂක ඩයිනසෝර දැවන්තයන්ටයි. ආහාර හිඟයෙන් තැන, තැන මැරිලා වැටෙන වෙජිටේරියන්ගේ මළකුණු මාංශ භක්ෂක ආහාරය බවට පත්වෙන්න ඇති . ඒවත් අහවර වුණහම ඔවුන්ටත් අත්වුණේ අර වෙජිටේරියන්ලාට අත්වුණු ඉරණමමයි. කලක් මිහිපිට අණසක පතුරුවාගෙන සිටි මේ ඩයිනසෝරයන් අද අප හඳුනන්නේ ෆොසිලගත අස්ථි කොටස් වලින් පමණයි.
හැබැයි ඒ අවධියේ සිටි සෑම ප්‍රාණියෙකුටම මේ දරුණු ඉරණමම අත්වුණා කියන්න බැහැ. පසෙහි ඉතිරව තිබූ ශාක කොටස් හෝ කෘමින් ඇතුළු සතුන් ආහාරයට ගනිමින් නරක දශාව ගෙවාගෙන දිවි රැකගන්න කුඩා ක්ෂීරපායීන්ට සහ සර්පයන්ට හැකිවුණා. මේ අතරතුරේ සාගරයේ සිටි යෝධ උරගයන් වඳවී ගියත් “ඕනෑම” දෙයක් කෑමට ගැනීමට පුරුදුව සිටි කකුළුවන්ට යහතින් සිටිමට වරම් ලැබුනා. මට්ටයන්, ගොලුබෙල්ලන් වගේ සරල අවශ්‍යතා ඇති සතුන්ගේ ද පැවැත්ම රැකුණා.
හැබැයි ඉතින් තවත් කාරණාවක් තමයි ඔය දරුණු නැස්පැත්තියෙන් නෂ්ටප්‍රාප්තවුනේ දැවැන්තයන්ම පමණක් නොවෙයි කියන එක. ෆොසිල ලෙස හමුවන සර්පිලාකාර කවචකයක් ඇති ඇමොනීටයන්(ammonites) මහා කණ්ඩායමක් ද ඩයිනසෝර දැවැන්තයන් සමගම නෂ්ටප්‍රාප්ත වී ගියා. ජලයේ ජීවිතය ගත කළ මේ විශේෂය ඩයිනසෝරයනට වඩා මිහිපිට වසර මිලියන බොහෝ ගණනාවක් ගත කරලා තියෙනවා.
ඔන්න දැන් ලැහැස්තිවෙන්න පුදුමය දනවන කාරණාවට සවන් දෙන්න: ඇත්තටම ඩයිනසෝරයන් සම්පූර්ණයෙන්ම නෂ්ටප්‍රාප්ත වුනේ නැහැ! ඩයිනසෝරයන් සියල්ලන්ම විශාලතම සතුන් නොවෙයි. සමහරු බළලෙකුට වඩා විශාල නැහැ. මේ සමහර කුඩා ඩයිනසෝරයන්ට පියාපත් ද තිබුණා. ඉතින් එයින් එක්කෙනෙක් තමය් අද අපි දකින කුරුල්ලන්ගේ ආදිතමයා. කුරුල්ලන්ට ආහාර අවශ්‍යවුනේ ස්වලපයයි. එමෙන්ම යම් තැනක කෑම හිඟවුනහම වෙනත් තැනකට කෑම හොයාගෙන පියඹා යන්න පුළුවන්නේ. පක්ෂීන් යනු ඩයින සෝරයන්ගෙන් පැවත් එන්නන් බව අද බොහෝ විද්‍යාඥයෝ පිළිගන්නවා. ඔවුන්ගේ දෑත් ක්‍රමයෙන් පියාපත් බවට පරිණාමය වන්නට ඇති. ඉතින් මේ කාරණා සැලකිල්ලට ගන්න කොට ඔබට හිතෙන්න පුළුවන් ඔය කිව්වාට ඩයිනසෝරයන් සම්පූර්ණයෙන්ම වඳව ගියේ නැහැ කියලා. කුඩා එවුන් ඒ අභාග්‍යසම්පන්න ප්‍රදේශ වලින් ඉවතට පියඹා ගිහින් වෙනත් ස්වරූපයකින් මිහිපිට අදටත් ඉන්නවා.
BIG QUESTIONS from Little People . . .and Simple Answers from GREAT MINDS නම් ග්‍රන්ථයේ Why did Dinosaurs go extinct and not other animals? යන කොටස ඇසුරෙනි