සැමට විදු නැන නුවණ – Science Literacy for All

සියල්ලෙහි සුලමුල 7: පෘථිවිය,  සූර්යයාගේ සිට තුන්වැනි පාෂාණය බවට පත්වුණේ ඇයි?

 ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

Related image

පෘථිවිය,  සූර්යයාගේ සිට තුන්වැනි පාෂාණය බවට පත්වුණේ  ඇයි?

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8 දෙස බලන  විට එක පවුලක සාමාජිකයන් අතර දක්නට ලැබෙන අන්දමේ සමානතාවක් දැක ගැනීමට අපට අපහසු යි. කොහොම වුණත් සූර්ය පද්ධතියේ සම්භවය පිළිබඳ කතාව නම් අපට හෙළි කරන්නේ මේ සියල්ල එකම අමුද්‍රව්‍යයකින් හටගත් බවකුයි.

තවත් කාරණාවක්! සෞරග්‍රහමණ්ඩලයේ වස්තූන් පිහිටා ඇති ආකාරය බැලුවහම අපට සිතන්න පුළුවන්,  අභ්‍යවකාශය හරහා කිසිම රටාවකින් හෝ කිසිම පැහැදිලි හේතුවකින් තොරව ඔන්නොහේ විසිරී ඇතැයි කියලා. ඒත් සූර්ය පද්ධතියේ එක් කොටසක් හෝ අද අප විසින් වෙනස් කිරීම්ට උත්සාහ කරනු ලැබුවොත් එහෙමත් නැතිනම් යම් දෙයක් අලුතෙන් එක් කිරීම්ට තැත් කළොත් මේ සමස්ත පද්ධතියම සංගතියෙන් හෝ සමබරතාවයකින් තොරව  මාරාන්තික ලෙස අවුල් වී යනවා නිසැකය.

ඉතින් මේ ආකාර සියුම් නිර්මිතයක් ගොඩනැගුනේ කෙසේද?

Related image

කතන්දරය පටන් ගන්නේ මෙයට වසර බිලියන (ඔව් මිලියන නොවේ බිලියන) 4.6 කට පෙර (අද අප ක්ෂීර පථය හෙවත්  Milky Way ලෙස  හඳුන්වන) මන්දාකිණියේ හෙවත් ගැලැක්සියේ ප්‍රධාන තැනින් බැහැරව යමක් කැකෑරෙමින් පවතින විටයි.  මේ කැකෑරෙමින් පැවතියේ සියලුම මන්දාකිණි කොටස් අතර පැතිරී යන දුම්කැටි වන හයිඩ්‍රජන් හා හීලියම් වායුව සහ ඊට ඉස තිබූ දූවිලි ය. ඒවා දැන් ඔන්න ඝනීභූත වෙන්න පටන් අරන්. එහිම ගුරුත්වය දරාගත නොහැකිව මේ වලාවන් කොටසක් එහි අභ්‍යන්තරයට කඩා වැටෙනවා. එහි  ප්‍රතිඵලයක් ලෙස එන රස්නය සහ සංකූලතාව නැතිනම් පැටලැවිල්ල තුලින් තාරකාවක් ඔන්න බිහිවෙනවා. ඒ තමයි අපගේ සූර්යයා.

මිය යන තාරකාවකින් උපත ලබා …

Related image

මේ ක්‍රියාදාමය පණ ගැන්වූයේ කුමකින්ද යන්න අප දන්නේ නැත. බාගවිට එය අසල්වැසි තාරකාවක මරණ මංචකයෙන් එන පිපුරුම් සහිත ගාලගෝට්ටියක කම්පන තරංග විය හැකියි. ඒත් ඉතින් ඒක සුවිශේෂී අසාමාන්‍ය සිද්ධියකුත් නෙමෙයි. ක්ෂීරපථය ගැලැක්සිය මෙයට වසර බිලියන අටකට පෙර බිහිවීමෙන් පසුව ඔය සිද්ධි අනේක වාරයක් සිද්ධ වෙන්න ඇති.  එපමණක් නෙමෙයි අපේ මනන්දාකිණියේ (ක්ෂීරපථයේ) දුර ඈත කොටස්වල තවමත් සිද්ධ වෙනවා අපට දැක බලාගන්නත් පුළුවනි.

Related image

අපේ සූර්යයා බිහිවන අවස්ථාවේ එමගින් අර කලින් කීව වලාවේ 99.8% ක්ම  ගිලගෙන ලැබුවා.  ඉතිරි වූ ද්‍රව්‍ය ටික ගුරුත්වය  මගින් පැතලි තැටි ලෙස සාදනු ලැබිමෙන් අනතුරුව අලුත උපන් තාරකාව වටා  කරකැවෙන්නේට පටන් ගත්තා. ඒවා එකිනෙක හැප්පෙමින් එකට කැටිගැසුණේ  ග්‍රහ පිණ්ඩ(planetesimals) නමින් දැක්වෙන එන්ට එන්ටම  විශාල වන වස්තූන් සෑදීමට මග පාදමිනි. හරහට දිග කිලෝ මීටරයක් පමණ වන විට ඒවා(තැටි), ග්‍රහ පිණ්ඩ ඇතුළු අවට ඇති ද්‍රව්‍ය ඇද ගැනීම ආරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් වන්නේ අවසානයේ නියමාකාර ග්‍රහලෝක සෑදීමට මගපාදන පාලනයක් රහිත ක්‍රියාදාමයකිනි. මේ ක්‍රියාදාමය ක්‍රියාවට නැංවීම රඳා පැවතුනේ සූර්යයාට ඇති සමීපතාවයයි. තැටියේ අභ්‍යන්තරයටම ඇති කලාපයේ අතිශය රත්ව තිබූ අතර ඉන් තේරුම් යන්නේ ඉහළ ද්‍රවාංක සහිත ලෝහ සහ ඛනිජ පමණක් ඝන  ස්වරූපයෙන් පැවති බවයි. තවද එම කලාපයෙහි ග්‍රහ පිණ්ඩ විශාල වීමට හැක්කේ ඒ ‍ප්‍රමාණයට පමණක් බවයි. මෙහි ප්‍රතිඵලයක් වුණේ ඇතුළත සූර්ය ග්‍රහ මණ්ඩලයේ කුඩා, පාෂාණමය ග්‍රහලෝක හතරයි: බුධ ,සිකුරු, පෘථිවිය, සහ අඟහරු.

වායු හා අයිස්

අභ්‍යන්තර සූර්ය ග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට එවැනි සීමා පැවතියේ නැත. ‘අයිස් රේඛාව‘ (Ice line)යනුවෙන් දැක්වුණු සීමාවේ මීතේන් සහ ජලය ද ඝන ද්‍රව්‍ය ලෙස පැවතුණා. එහිදී ග්‍රහලෝකවලට හයිඩ්‍රජන් සහ අනෙකුත් වායු එකතු කිරීම ආරම්භ කිරීමට තරම් ප්‍රමාණවත් ව විශාල වන්නට පුළුවන් විය. ඔන්න ඔය විදිහට තමයි වායු යොධයන් වන බ්‍රහස්පති සහ සෙනසුරු මෙන්ම ඊටත් ඔබ්බෙන් තවත් ශීතල දේශගුණයක් සහිත කලාපයේ අයිස් යෝධයන් වන යුරේනස් සහ නෙප්චුන් සෑදුණේ.

කතාව මෙතෙක් දුරට නම් සෘජුයි, සරලයි.  ඒත් විස්තර දක්වන විට දී නම්,  මේ ආකෘතිය තරමක් පැටලිලි සහගතයි. කුඩා ගල් කැට, හරහට කිලෝමීටර් දහස් ගණනක් වන අභ්‍යවකාශ වස්තු හැටියට, එකට එකතු වන්නට ඇත්තේ කෙලෙසද කියා කිසිවකුත් දන්නේ නැහැ. (කුඩා ගල් කැට) එ පමණ කුඩා වස්තූන් එකට එකතු වීමට පෙර අවට පැතිර තිබූ වායු මගින් එකවිට  ප්‍රහාර එල්ල කරමින් සුර්යා වෙත විසිකර දැමිය යුතුව තිබුණා. බාගදා ස්ථානිය වශයෙන් තැනින් ථන ඇතිවූ කැළඹිලි මගින් , කුඩා ගල් කුළ වලට එකට එක්තුවන්නටත්, ඇළෙන්නටත් හැකිවෙන පහළ පීඩනයක් සහිත සුළි සපයන්න  ඇති. මේ හා සමාන ප්‍රශ්නයක් වායු යෝධයන්ටද වදදුන්නා. අපි ඒ ගන හෙට කතා කරමු. නොවැරදීම කතාවේ ඉතිරි කොටසත් කියවන්න. හෙට තතු බලන්න.

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ  WHY WE ARE ON THE THIRD ROCK FROM THE SUN?පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: