ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
මේ මාතෘකාව යටතේ ඊයේ ලිපිය අවසන් වුනේ මෙහෙමයි, මතකනේ?
කුඩා ගල් කැට, හරහට කිලෝමීටර් දහස් ගණනක් වන අභ්‍යවකාශ වස්තු හැටියට එකට එකතු වන්නට පෙර අවට පැතිර තිබූ වායු මගින් එකවිට ප්‍රහාර එල්ල කරමින් සුර්යා වෙත විසිකර දැමිය යුතුව තිබුණා. බාගදා ස්ථානිය වශයෙන් තැනින් ථන ඇතිවූ කැළඹිලි මගින් , කුඩා ගල් කුළ වලට එකට එක්තුවන්නටත්, ඇළෙන්නටත් හැකිවෙන පහළ පීඩනයක් සහිත සුළි සපයන්න ඇති බව එහි සඳහන් වුණා. වායු යෝධයන්ටද මේ හා සමාන ප්‍රශ්නයක් වදදුන් බවත් කියැවුණා නේ. අපි දැන් ඒ ගැන තවදුරටත් කතා කරමු.
මේ අතර ග්‍රහලෝක, ආපසු සූර්යයා වෙත පොළා පැනීමේ අවදානම වෙනත් ග්‍රහලෝක පද්ධති අතරේ වුණත් දැකිය හැකියි. ‘රත් බ්‍රහස්පති‘(hot Jupiters) යනුවෙන් තාරකා විද්‍යාඥයන් අතරේ ප්‍රකට ග්‍රහ ලෝක මගින් පැහැදිලි කෙරෙන්නේ එයයි. . රත් බ්‍රහස්පති යනු ප්‍රමාණයෙන් අපේ බ්‍රහස්පති ග්‍රහයා තරම් වන ඒත් දුරින් සූර්යයාගේ සිට පෘථිවිය දක්වා හෝ ඊටත් වඩා ආසන්නව ඒවායේ තාරකා වටා භ්‍රමණය වෙන ග්‍රහ ලෝකයි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මුල් කාලයේ එවැන්නක් සිදු වුනේ නම් පෘථිවිය සහ අනෙකුත් අභ්‍යන්තර ග්‍රහලෝක කැටපෝල්යකින් විදින්නාක් මෙන් සූර්ය ග්‍රහ මණ්ඩලයෙන් පිටතට විදි අවසන් වෙන්න තිබුණා.
සූර්යා බිහිවී වසර මිලියන සිය ගණනක් ගිය තැත පිටත සූර්ය මණ්ඩලය දඩි පෙරළියකට, කැළඹිල්ලකට ලක්වූ බවක් පෙනී යනවා.. මේ පිළිබඳ ආකෘති වලින්(models) පෙනීයන්නේ වායු යෝධයන් වඩාත් ළංව සිටි බවයි. ඔන්න ඊට පස්සේ තමයි මොකක් හරි දෙයක් සිද්ධ වෙලා මේ පිළිවෙල අස්ථාවර වී ග්‍රහලෝක අද සිටින තැන් වලට ඇද දමන්නට ඇත්තේ. කෙසේවෙතත් එයින් පසුවනම් අපේ සෞරග්‍රහ මණ්ඩලය සමන්විත වන වස්තූන් සංවේදී වුණත් සාන්ත, සන්සුන් තුලනයකට පැමිණිලා තියෙනවා.
සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ හුදු සූර්යයා සහ ග්‍රහලෝක පමණක් නොවේ. ඇත්තටම අඟහරු ග්‍රහයා සහ බ්‍රහස්පති අතර කුඩා පාෂාණ පථයක් තියෙනවා. එහි ඇත්තේ සමාහරණය වීම ( දූවිලි වැනි කුඩා වස්තු එක්වී විශාල වස්තු නිර්මාණය වන ක්‍රියාවලිය) අසාර්ථක වීමෙන් ඉතිරිව ගිය ග්‍රහලෝක ද්‍රව්‍යයයි. සමහරවිට සමාහරණය වීම්ට නොහැකි වන්නට ඇත්තේ බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණ බලපෑම විය හැකිය. මේ පථය වැඩිපුර පිරී ඇත්තේ පාෂාණ වලින්. ඒත් ඒ අතර විශාල වස්තු හතරකුත් තිබෙනවා: සෙරස්. වෙස්ටා, පල්ලාස් සහ හයිකියා. ඒවා හතර එකතුව පථයේ සම්පූර්ණ ස්කන්ධයෙන් භාගයක් විතර වෙනවා.
චන්ද්‍රයන්ගෙන් නම් අඩුවක් නැහැ ඕන්!
සෞරග්‍රහ මණ්ඩලය කියලා නම් කළාට එය චන්ද්‍රයන්ගෙන් පිරී ඉතිරි පවතිනවා. මේ වන විට චන්ද්‍රයන් 180කට නම් යොදා තිබෙනවා.හැබැයි ඔයින් තුනක් පමණයි ඇතුලත සෞරග්‍රහමණ්ඩලයේ තියෙන්නේ. අපගේ ග්‍රහ ලෝකය වටා එකක් සහ අඟහරු වටා ඇති දෙකක්. සෙසු සියල්ල කක්ෂ ගතගතව ඇත්තේ වායු සහ අයිස් යෝධයන් වටාය. බොහෝමයක් සමාහරණය තැටියේ අවශෝෂයන් හො අසලින් ගමන් කරද්දී ග්‍රහයාගේ ගුරුත්වයට හසු වන ග්‍රහක යයි කල්පනා කෙරෙනවා. සෙනසුරු සහ නෙප්චූන් ග්‍රහයා වටා ඇති ( ස්‍රප්‍රකට) වලළලුද ග්‍රහ මණ්ඩලයට බිහිවීමට හේතු වුණු ද්‍රව්‍යයන්ගේ අවශේෂයන් ලෙස සලකනු ලැබුවත් ඒ වාගේ සම්භවය පැහැදිලි නැත.
අයිස් යෝධයන්ට ඔබ්බෙන් තමයි කුයිපර් පථය (Kuiper belt) පිහිටා ඇත්තේ. එය අයිස් මිදුණු ලෝකයක්. බාගදා අයිස්මය වස්තු ලක්ෂයක්වත් ඇති. ඒ ප්‍රමාණයට හිටපු ග්‍රහයකු වන ප්ලූටෝ සහ එහි හවුල්කාර චැරෝන්ද අයත් වෙනවා. මේ අයිස්මය වස්තු සියල්ලන් සෞරග්‍රහ මණ්ඩලය බිහිවීමට මුල් වූ ද්‍රව්‍යයන්ගෙන් ශේෂ වූ ඒවාය. මේ කුයිපර් පථය ඉතා විශාල එකක්. නෙප්චූන්ගේ කක්ෂයේ සිට ව්‍යාප්ත වන එය නක්ෂත්‍ර ඒකක(Astronomical Unit AU = නක්ෂත්‍ර ඒකකයක් කියන්නේ පෘථිවිය හා සූර්යයා අතර ඇති මධ්‍යයක දුරටයි) තිහක සිට තවත් ඈතට නක්ෂත්‍ර ඒකක 50ක් තරමඈතට දිවෙනවා.
හැබැයි ඉතින් ඔය කියන දුරත් සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර නෙමෙයි. ඔයිටත් ඔබ්බෙන් තියෙනවා ඌට් වළාව(Oort Cloud). ප්‍රධාන වශයෙන්ම අයිස්මය වස්තූන් ගෙන් සැදුම්ලත් ගෝලයක් වන මෙය මධ්‍යයේ සිට ආලෝක වර්ෂය දෙකක් (බලන්න සියල්ලෙහි සුලමුල 6) පමණ දුරකට විහිදෙනවා. මේ හරිය තවදුරටත් සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලපෑමට යටත් වන්නේ නැහැ. ඌට් වළාව කිසිදිනක සෘජුවම නිරීක්ෂණයට ලක් වන්නේ නැහැ. ඒත් මේ වලාව සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ අපේ දැක්ම මුළුමනින්ම පාහේ වෙනස් කිරීම්ට මඟ පෑදිය හැකි වෙතැයි සිතන යම් වස්තුවක් සඟවාගෙන සිටින බවයි ඇතැම් තාරකා විද්‍යාඥයන් සැක කරන්නේ. එනම් අප තවමත් නිරීක්ෂණය කර නොමැති අයිස් යෝධයකු වන ග්‍රහලෝකයක්.
මේ සූර්යයා සෙවණේ කිසිමදෙයක් අලුත් නැත. නැතිනම් කිසිම අලුත් දෙයක් නැතැයි කාට නම් කිව හැකිද?
බ්‍රහස්පතිට මොකද වෙලා තියෙන්නේ?
අප බොහෝ දෙනෙක් බ්‍රහස්පතිට හා සෙනසුරුට කියන්නේ වායු යෝධයෝ කියලයි. හැබැයි, බොහොමයක් තාරකා විද්‍යාඥයෝ නම් විශ්වාස කරන්නේ ඒ දෙකටම පාෂාණමය හරයක් තිබෙන බවයි. මේවා සැදුණේ පෘථිවිය වගේමයි. එහෙත් මේ හරයන්, ඒවායේ ස්කන්ධයෙන් දස ගුණයකට ආසන්නයට පමණ පැමිණි පසු ඒවායේ ගුරුත්වය සහ වායු ගෝලය නිර්මාණය කිරීම පිණිස වායු ඇතුලට ඇද ගත්තා. සමහර අධ්‍යයන දක්වන අන්දමට බ්‍රහස්පතිගේ හරය එහි තිබිය යුතු බරට වඩා අඩු යැයි දැක්වීම එක්තරා විදිහක කුතුහලය දනවන කරුණක්. ඊට හේතුව බාගවිට හරය දියවෙ වී යාම වෙන්න පුළුවනි. හරයට, අති විශාල උෂ්ණත්වයකට හා පීඩනයකට ඔරොත්තු දෙන්න වෙනවා. හරයේ ප්‍රධාන අන්තර්ගත සංඝටකය වන ඛනිජ මැග්නීසියම් ඔක්සයිඩ් මේ තත්ත්වයන් යටතේ වායුගෝලයට ද්‍රවනය කෙරෙනවා.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY WE ARE ON THE THIRD ROCK FROM THE SUN?පරිච්ඡේදය ආශ්‍රයෙනි.