මනසෙහි ඇබ්බැහිවීම්: හරයන් සහ ආකල්පයන්

Posted by

හවුලේ පරිහරණය කරනු ලබන වටිනාකම් හෙවත් හරයන්, ආකල්ප සහ කුසලතා, එක්එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවකට පවරන්නේ කෙසේ ද යන්න ගැන පුද්ගලයෝ ඉතිහාසය  පුරාවට සිය සැලකිල්ල, අවධානය දක්වා  ඇත්තාහ. මේ කාරණා තුනම,  විධිමත් පාසල් අධ්‍යාපනය නිර්මාණය වීමට බොහෝ කාලයකට පෙර උගන්වනු ලැබූ ඒවාය.  දැනුම, ඉගෙනුම සහ ජීවිතයේ අනෙකුත් අංග ගතහොත් ඒවා ගැන ජනතාවගේ අදහස් හැඩගැන්වීම්හිලා අද පවා පවුල, ආගම, සමපදස්ථයන්( – සාමාන්‍යයෙන් සම වයසේ, තත්ත්වයන් හා උනන්දුව ඇති අය), පොත පත,  ප්‍රවෘත්ති සහ විනෝදය සපයන මාධ්‍ය  සහ  පොදු ජීවන අත්දැකීම් ප්‍රධාන බලපෑම් මාර්ග වේ.  මේ ක්‍රියාදාමයේදී,  පාසල් අධ්‍යාපනය හෙවත් ශික්ෂණය යන සන්දර්භය තුළ  විද්‍යාව,  ගණිතය සහ  තාක්ෂණය යන අංග තුණ වැදගත්  කාර්යභාරයක් ඉටු කළ හැකිය. ඊට හේතු දක්වතොත්,  ඒවා  ගොඩ නැගී ඇත්තේ කැපී පෙනෙන හර පද්ධතියක් මත වීම ද, ඒවා  පොදුවේ සමාජය හරයන් පිළිබිඹු කිරීම හා එම හරයන්ට ප්‍රතිචාර දැක්වීම ද එමෙන්ම  හවුලේ පරිහරණය කරන සංස්කෘතික හරයන් හැඩගැසීමෙහිලා එන්ට එන්ට ම වැඩි වන බලපෑම් කිරීම ද සඳහන් කළ හැකිවේ.  සංස්කෘතික විවිධත්වය සහ පෞද්ගලිකත්වය අගයන එමෙන්ම  මතවාදය දෙස සැක මුසුව බලන සමාජයක දැඩි සංවේදී තාවයක් දක්වන කාරණාවක් වන  හරයන් සහ ආකල්පයන් සම්බන්ධයෙන් පාසල් අධ්‍යාපනය(ශික්ෂණය)  දක්වන දක්වන සැලකිල්ලෙහි ‍ප්‍රමාණයටම  තරුණ පිරිසගේ පාසලෙන් ඔබ්බට  ඇති ජීවිතය සූදානම් කිරීමේදී ද විද්‍යාත්මක හරයන් ම‍ෙන්ම ආකල්ප  සැලකිල්ලට  ගත යුතුය.

මෙලෙසම, විද්‍යාව ගණිතය සහ  තාක්ෂණය හා සම්බන්ධව තරුුණ පිරිස් සිය පාසල් සමයේ දී වර්ධනය කරගැනීමට අවශ්‍ය චෛතසික කුසලතා ද ඇත. සුවිශේෂීව ම නොවුණත් මේවා අතරින් බහුතරය විධිමත් සහ අවිධිමත්  ඉගෙනුම යන දෙකටම මෙන්ම සමස්තයක් වශයෙන් සමාජය තුළ ජීවිත කාලයක් ගත කිරීමටද අත්‍යවශ්‍ය ගණිතමය හා තාර්කික කුසලතා ය. එක්ව ගත්කල මෙම හරයන්, ආකල්ප සහ කුසලතා මනසෙහි ඇබ්බැහි ලෙස සිතිය හැකිය. ඊට හේතුව ඒවා සියල්ල සෘජුවම පුද්ගලයෙකුගේ දැනුම හා ඉගෙනුම මෙන්ම සිතන පතන හා ක්‍රියා කරන ආකාරය පිළිබඳව ඇති දෘෂ්ටියකින් සම්බන්ධවීමයි.

මේ ලිපිපෙළ මගින් විද්‍යා අධ්‍යාපනය යන සන්දර්භය තුළ  හරයන්,  ආකල්පයන් සහ කුසලතාවන් සම්බන්ධයෙන් යම් නිර්දේශ ඉදිරිපත් කරණු ලැබේ. ලිපි පෙළෙහි මුල් කොටසින් හරයන් සහ ආකල්ප සම්බන්ධ විශේෂිත අංග හතරක් ගැන අවධානය යොමු කෙරේ: විද්‍යාව,  ගණිතය සහ  තාක්ෂණයට ආවේනික වටිනාකම්; විද්‍යාව සහ තාක්ෂණයෙහි සමාජයීය වටිනාකම්; පොදු සමජ වටිනාකම් වෙරගැන්වීම; විද්‍යාව සහ ගණිතය අවබෝධ කර ගනු වස් තමන් තුළම ඇති හැකියාව ගැන ජනතාවගේ ආකල්පයන්.

ලිපි පෙළෙහි දෙවැනි කොටසින් අවධානය යොමුකෙරෙන්නේ, ආගණනය සහ නිමානය(computation and estimation), මෑනවීම(හසුරුවීම) සහ නිරීක්ෂණය(manipulation and observation), සංනිවේදනය, සහ  නැගෙන තර්කවලට දක්වන  විචාරාත්මක ප්‍රතිචාර කෙරෙහිය.

Related image

හරයන් සහ ආකල්පයන්

විද්‍යාඥයන්, ගණිතඥයන් සහ ඉංජිනේරුවන් පොදුවේ පරිහරණය කරනු ලබන  හරයන්;  පොදු සමාජයේ හරයන්   වෙරගැන්වීම;  විද්‍යාව, ගණිතය හා තාක්ෂණය පිළිබඳ සමාජීය හරයන් ගැන දැනුවත්, සමබර විශ්වාසයන්  ජනතාව තුළ කාවැද්දීම; සහ විද්‍යාව ගණිතය සහ තාක්ෂණය ඉගෙනීම පිළිබඳව තරුණ ජනතාව තුළ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම සඳහා විද්‍යාව අධ්‍යාපනය දායක විය යුතුව වේ

විද්‍යාව, ගණිතය සහ  තාක්ෂණය තුළ සහජව  පිහිටි හරයන් පිළිබඳ දැනුම

විද්‍යාව, ගණිතය සහ  තාක්ෂණය සුවිශේෂීවූ හරයන් ඒකාබද්ධ කරයි. ඒවායින් සමහරක්  ව්‍යාපාර, නීතිය හා කලාවන් වැනි වෙනත් මානව ක්‍රියාකාරකම් වලට වඩා,  ස්වරූපයෙන් හෝ තීව්‍රතාවයෙන් වෙනස්ය.  විද්‍යාව, ගණිතය සහ  තාක්ෂණය අවබෝධ කර ගැනීම්ට නම් ඒවායේ යටිතලයෙහි   වූ හරයන් ගැන දැනුවත්වීම මෙන්ම ඒවාට යම් ගුණයක් එක්කිරීම  සහ මේ ක්ෂේත්‍ර තුනෙහි සේවය කරන පුද්ගලයන් හවුලේ බෙදා හදාගන්න හරයන් ගැන දැනුමක් තිබීම  අත්‍යවශ්‍යය. විද්‍යාවේදී දත්ත හරි වැරදි බැලීම, උපන්‍යාස පරීක්ෂාවට ලක් කිරීම හා පුරෝකථනය කිරීමේ හැකියාවද ගණිතයේ දී ඉතා නිවැරදිව ඔප්පු කිරීම සහ ලාලිත්‍යය ද තාක්ෂණයේ දී ප්‍රශස්ත සැලැස්ම ද  වැදගත්ය.

Related image

පොදු සමාජයීය හරයන් වෙරගැන්වීම(ප්‍රතිසාධනය)

සංස්කෘතික වශයෙන් ගත් කල විද්‍යාව විප්ලවකාරී මෙන්ම ගතානුගතික යයි සැලකිය හැක. එමගින් ජනනය කරන දැනුම,  අප බොහෝ කාලයක් අප ගැනම සහ සමස්තය තුළ අපගේ වැදගත්කම ගැන දිර්ග කාලයක් තිස්සේ තබා සිටින විශ්වාසයන්  වෙනස් කිරීමට  ඇතම්විට  ඉවත දැමීමට පවා  අපට බල කරයි. නිව්ටන්, ඩාවින් සහ ලයෙල්  යන තිදෙනා හා  සම්බන්ධ ිප්ලවයන්ට මනුෂ්‍යත්වය පිළිබඳ අපගේ හැඟීම් තරමටම  පෘථිවිය සහ එහි වැසියන් පිළිබඳව අපගේ දැනුම ද අදාළ ය. එපමණක්ද නොව විද්‍යාත්මක  දැනුම, විශේෂයෙන්ම අපේ ලෝකය වනාහි අප  සිතා සිටින ආකාරයේ එකක් හෝ අප පතන ආකාරයේ එකක්  නොවන බව අපට වැටහී ගිය කල්හි,  අපව පුදුමයට පත් කරවයි. අප සිත් කරදරයට පවා පත් කරයි.  මෙයට හොඳම නිදසුන විය හැක්කේ පෘථිවියට වසර දහස් ගණනක් නොව බිලියන ගණනක් වයස බව  අනාවරණය වීම විය හැකිය. මෙවැනි අනාවරණයන් කොපමණ  සිත් වේදනාකාරී වනවාද කියතොත් මේ නව දැනුමට අනුගත වීමට අපට වසර දහස් ගණනාවක්, සමාජය සමස්තයක් වශයෙන් ගත්කල පරම්පරා ගණනාවක් ගතවනු ඇත. දැනුම ලබාගැනීම පිණිස අප ගෙවන වන්දියෙන් කොටසක් වන්නේ, අඩු තරමින් මුල දී වත්,  එය අප අපහසුවට පත් කිරීමය.   මානව විශ්වාසයන් හා හැඟීම් මත විද්‍යාත්මක සහ  තාක්ෂණික වර්ධනයන්ගේ බලපෑම් ගැන දැනුවත්ව සිටීම සෑම දෙනාගේ ම විද්‍යා අධ්‍යාපනයේ කොටසක් විය යුතුය.  විද්‍යාව අපගේ ලෝකය සහ අප ගැන අපට තිබෙන   අවබෝධය ප්‍රශ්ණ කරන විට දී  පවා, විද්‍යාව පදනම් කරගෙන ඇත්තේ එදිනෙදා හරයන් මත බව ජනතාව දැන සිටීම  වැදගත්ය.

Related image

ඇත්තවශයෙන්ම, විද්‍යාව යනු බොහෝ අංශවලින් ගත්කල සාධු ගුණය, ක්‍රියාශූරත්වය, යුක්තිය හෙවත් සාධාරණය, කුතුහලය, නව අදහස්වලට විවෘත බව සහ පරිකල්පනය යන  ඉහළින්ම සැලකුම්ම් ලබන මානව වටිනාකම් සමහරක් ක්‍රමානුකූලව භාවිතයට  යෙදීමයි. මයින්  එකදු වටිනාකමක්වත්  විද්‍යාඥයන්  විසින් නිපදවනු  නොලැබීය.  එමෙන්ම ඒවා  දරා සිටින  එකම පිරිස ද ඔවුන් පමණක් නොවේ.  එහෙත් විද්‍යාව යන පුළුල් ක්ෂේත්‍රය එවන් වටිනාකම් සංයෝජනය හා අවධාරණය කරන අතර මානව දැනුම හා සුුභසිද්ධිය ඉදිරියට ගෙනයාමේ දී කොතරම් වැදගත් වන්නේද  යන්න උද්වේගකරව ප්‍රදර්ශනය කරයි.  එසේ හෙයින්, විද්‍යාව ඵලදායිව   උගන්වන්නේ නම් එහි ප්‍රතිඵලය වනු ඇත්තේ එවන් පොදුවේ යෝග්‍යතාවක් ඇති මානව ආකල්පයන් සහ වටිනාකම් වෙරගැන්වීමය.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ  HABITS OF MIND නම්  12 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක ආරම්භක ලිපියයි  මේ. සෑම සඳුදාවකම පළවේ

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.